(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව අධිකරණය මෙන්ම ජන මතයට විධායකය ඇහුම්කන් දෙන්නේ නැතිනම් රට පුරා ජනතාව කොළඹට එක්කර ගෙනවිත් ජනතා සටන අරඹන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (10) පැවැසීය.
ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමට එරෙහිව ගොඩනැගෙන ජනබලය එක්සත් ජාතික පෙරමුණට සීමා වී නැති බව කී වික්‍රමසිංහ මහතා පක්ෂ පාට බේද නොසලකා ජනතාව ජනබල මෙහෙයුම වටා පෙළගැසී සිටින බවද අවධාරණය කළේය.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ එක්සත් ජාතික පක්ෂයේ රට පුරා පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ අද (10) පැවැති විශේෂ හමුවකදීය.කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසංහ මහතා මෙසේද පැවැසීය.
ඔක්තෝම්බර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.ජනතාවගේ අයිතිවාසිකම් සොරකම් කිරීමක් හැටියටයි අපි මේ තත්ත්වය දකින්නේ. අගමැතිවරයා ඉවත්කිරීමට උත්සහ කිරීම ඇමැතිවරුන් මාරු කිරීමට උත්සහ කිරීම ඇතුළු මේ සියලු කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවටයි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති ධූරයට පත්කළ යුතුයි.පාර්ලිමේන්තුවට බහුතර බලයක් ලබා දීම තීරණය කරන්නේ ජනතාවයි.අවුරුදු පහකට වරක් පැවැත්වෙන ඡන්දයෙන් කුමන කණ්ඩායමක් බලයට පත් කරනවාද යන්න තීරණය කරන්නේ ජනතාවයි.
මේ ක්‍රමය 1948 දී ඩී.එස් සේනානායන අගමැතිවරයා විසින් නිදහස ගෙන ආණ්ඩු ක්‍රමය ආරම්භ කළදා පටන් අපි අනුගමනය කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළායින් පසුව වෙනත් පක්ෂයකට බහුතර බලය ලැබුණා නම් ඒ අනුව එම ක්‍රමයට ගෞරව කරමින් අගමැතිවරු ජනාධිපතිවරු පත්කළා.
ඒ අනුව 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ අගමැති වශයෙන් පත්වන්නට මටත් අවස්ථාව ලැබුණා.නමුත් අද සිදුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව රජය විසුරුවා හැරීමයි අගමැතිවරයා මාරුකිරීමට කටයුතු කිරීමයි.
මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි.ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂත් කළේ පාර්ලිමේන්තුවට පයින් ගසා මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි.මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවට දැන් මුළු රටම විරුද්ධ වෙලා තියෙනවා.පාර්ලිමේන්තුවට එරෙහිව ගොස් රට පාලනය කිරීමට ගත් පියවරට එරෙහිව රටපුරා ජනතා විරෝධය මතුවී තිබෙනවා.

COMMENTS
ඉතින් ජනමතය තමයි මහින්ද මහතාත් ඉල්ලන්නේ ඔයාලා පෙවන්නේ මේ වනවිට ජනතාවට එපා වූ මන්ත්‍රීන් ගේ මතය. ඔතන හොරු කීදෙනෙක් ඉන්නවාද?
කවුරුත් පක්ෂ පාට භේද බලනවා ඒ නිසයි අපි මහජන ඡන්දයක් ඉල්ලන්නේ. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ අගමැති වෙලා අවුරුදු කීයක් හිටියාද. ඊට පස්සේ ජනතාව හැමදාම ප්‍රතික්ෂේප කළා නේද? අන්තිමට පක්ෂයේම මිනිස්සු ගල් ගහන්න ලැහැස්ති උනානේද? පෙබරවාරි මස අන්ත පරාජයක් ලැබුනා නේද?
ඔබතුමා නිවැරැදි ඇති ඒත් දැන් විශ්‍රාම යන්න.............
උන්නැහේ ජනමතය මොකක්ද කියල පොඩ්ඩක් අපිට කිව්වනම් හොදහි නේද? ජනතාව එහෙම කිව්වද අර මහා බැංකුව එහෙම කොල්ලකන්න කියල මහේන්ද්‍රන්ව දාලා.............
අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ.............
අනේ ජනතාවටනම් මේවා දැන් තිත්තවෙලා තියෙන්නේ, එනිසා මේරට තවත් අගාදයට අද නොදමා ඡන්දයක් තියලා එක එක පක්ෂවලට වැඩිනේ නැති තනි ආණ්ඩුවක් පිහිටවා ගන්නවානම් මුළු රටටම යහපතක්. ඔය මල ඉලව් ජනබල නැතුව!
රට අගාදයට ගෙනයන නොහැකියාවෙන් පෙලෙන්නෝ
අනුන් එපා කියලා විසිකරන ඒවා අහුලාගෙන සාක්කුවේ දමාගන්න එපා .......
හරියට ජනමතයට සවන් දීපු කෙනා වගේ 2000 විතර සිට මිනිස්සු කියන්න පටන් ගත්තේ යන්න කියලා. 2005 පස්සේ යන්නම කිව්වා. ඒත් ඉතින් තාමත් එල්ලිලා ඉන්නවා වවුලා වගේ
මාත් කොළඹ එනවා ..... මට කීයක් දෙයිද දන්නෑ............
නරකද ඔබතුමා ඉස්සෙල්ලා පක්ෂය ජනමතයත ඉඩදුන්නනම් !
ඔබතුමාට ඔය කියනතරම් නම් ජනමතයක් මුළු රටේම තියෙනවද?
ඔබතුමාගෙන් වරප්‍රසාද ලබපු පිරිසක් කොළඹට ගෙනල්ලා ජන මතය පෙන්වන්නේ කොහොමද ?දෙපිලටම අපි කියන්නේ තවදුරටත් මහජන මුදල් විනාශ නොකර වේදිකා ඉදිරියේ මොර දෙන්නේ නැතිව ඔබලාගේ බලය පෙන්වන්න චන්දයක් තියන්න .
19 වන සංශෝදනය ගෙනල්ලා දැන් රටම අවුල් වෙලා. තවත් කොළඹට ගෙනල්ලා දවස විනාස කරන්න එපා. වෙන කොහාට හරි ගෙන්නන්න
ජනමතය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කවුරුවත් නැද්ද? ජනමතය කියන්නේ වැඩි පිරිසකගේ කැමැත්ත. මුළු ලංකාවේ සිටින සියලුම ඡන්දය හිමි පුරවැසියන්ව ගෙන්වලා අත උස්සලා කැමැත්ත පලරන්න ඉඩ පහසු ඇති ස්ථානයක් නැති නිසාත් ඔබ සිතන ආකාරයට කරුණු සිද්ද උනේ ලංකාවාසීන්ට ඡන්ද අයිතිය ලැබීමට පෙර බව දැනගන්න. ඔබගේ ඔය පැතුම එනම් ජන මතයට කන් දීම පහසුවෙන්ම කල හැකිවන්නේ ජන මත විචාරණයකට යාමෙන් බව ඔබගේ වටේ සිටින විද්වතුන් යයි කියාගන්න අය කීවේ නැතිද? අනික ඔය විදේශික තානාපතිලගෙන් උපදෙස් ගන්න එපා.
ජනතාව කියන්නේ මේ අපිට. ඔබතුමාගේ ප්‍රශ්න ඔබතුමා විසඳගන්න. අපිව ගාවගන්න එපා. ඔබතුමාට වරදිනකොට අපි කොළඹට එන්න ඕන. ඔබතුමාට හරියනකොට අපි උන්නද මලාද කියල මතක නැහැ. අපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ?
ඔබ තුමත් ජන මතයට විරුද්දව වරදකරුවෙක් හිරෙන් නිදහස් කලා අපිට මතකයි...........
ජනමතයකට යන්න කියලයි අපිත් කියන්නේ... ඔහෙලා යන්න හදන්නේ මන්ත්‍රී මතයකට... එ්ක නොවෙයි ජනමතය... මහජන ඡන්දෙකින් ප්‍රකාශ වෙන්නේ ජනමතය...