IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ජනබලය 5 වැනිදා කොළඹට

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (31) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත



අදහස් (33)

ජනබලය 5 වැනිදා කොළඹට

sri lankan Wednesday, 31 October 2018 06:10 PM

ජන බලය පෙන්නන්නම් මැතිවරණයකදී. පාර්ලිමේන්තුවේදී උඹලාගේ බලය පෙන්නපල්ලා..

:       0       0

මානෙල් Wednesday, 31 October 2018 06:37 PM

කැමරා දොළහකින් ආවරණය කරලා රාජ්‍ය මාධ්‍යවලින් සජීවීව බලාගන්න ඇහැකි වෙයි ෂෝක් එකට.

:       0       0

sandy Wednesday, 31 October 2018 06:39 PM

පාර්ලිමේන්තුව කල්දාගන්න පුළුවන් තරම් වෙර දරනවා

:       0       0

K Perera Wednesday, 31 October 2018 07:56 PM

ජනබලයට ප්‍රථම පාර්ලිමේන්තුවේ බලය පෙන්නුවානම් නේද හොද? කාලය සහ මුදල් නාස්ති නොකර.

:       0       0

Sathyapala Wednesday, 31 October 2018 11:31 PM

තමුන්ගේ තියෙන ගුණගරුකකම ලෝකෙටම පෙන්වපු එකට මොන ජනබලේද? ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි, කුජීතයි... යහපාලන ආණ්ඩුවක් හදන්න ආපු කෙනා කරපු වැඩේ..

:       0       0

rocky Thursday, 01 November 2018 12:06 AM

එදාටත් කිරි පැකට් ගහනවද?

:       0       0

chathuri Thursday, 01 November 2018 12:14 AM

අාප්පය කියල කියලා දැන් පෙලපාලිත් යනවා. ඉස්සර කරගෙන ජනපතිකම ගත්තු දවසේ ඇයි මේ විදියට ගියේ නැත්තේ? එතකොට නයි, පොළොංගු වගේ. මේ කිරි මුට්ටියට ආයුෂ කොටයි.

:       0       0

චමින්ද Thursday, 01 November 2018 12:49 AM

මතකයිනේ පසුගිය ජනබල වෙලාවේ කිරි පැකට් බීලා වෙච්ච දේ? මෙවර යනකොට මිනිසුන් බඩගින්නේ නොතියා කිරි පැකට් බීම පැකට් හා බත් පැකට් ඔවුන්ටම ගේන්න කියලා ඒවාටත් ගමන් ගාස්තු ලෙසටත් ප්‍රමාණවත් මුදලක් (අඩුම තරමින් 5000/= ක් බැගින් වත්) දෙන්න.

:       0       0

The visionary Thursday, 01 November 2018 12:56 AM

වෙන් වෙලා ඉඳලත් පෙබරවාරි 10දා පෙන්වුව ජන බලය එක් වුණාම පෙන්වන්න දෙයක් නැහැ. ඊ ලඟ ඡන්දෙදි එකමුතුවේ බලය පෙනේවි. නිකන් පාරවල් බ්ලොක් කරන්න අවශ්‍ය නැහැ ..

:       0       0

gunarathna Thursday, 01 November 2018 01:57 AM

මහජනතාවගේ බලය නෙමෙයි, මේ වෙලාවේ පෙන්වන්නට ඕනේ... පාර්ලිමන්ට් එකේ බලයයි. එහෙම නැතිව කන්ට බොන්ට දීලා මිනිස්සු ගේනවා කියලා එ්කෙන් පාර්ලිමන්ට් එකට බලපෑමක් කරන්න බැහැ.

:       0       0

dhammika perera Thursday, 01 November 2018 02:10 AM

ජනතාව බලය පෙන්නලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එවලනේ තියෙන්නේ... ඔච්චර දඟලන්නේ නැතුව පාර්ලිමේන්තුව රැස්කරලා එ්කේදී බලය පෙන්නන්නකෝ...?

:       0       0

Bobby Pereira Thursday, 01 November 2018 02:57 AM

ජයවේවා !!!

:       0       0

weerakoon Thursday, 01 November 2018 03:09 AM

මොකක්ද මේවගෙන් බලාපොරොත්තු වෙන්නේ...? මේ අමන වැඩ නිසා දිනකට රටට සිදුවෙන පාඩුව බිලියන ගණනක්...

:       0       0

chandana Thursday, 01 November 2018 03:26 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්? ඔන්න ගොන් වැඩ.. අවශ්‍ය දේ කරන්න. කොළඹට මිනිස්සු ගෙනාවට බහුතරය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නැහැ... සම්මානය ජනතාව පීඩාවට පත් වෙනවා විතරයි. රට තවත් දවසකින් ආපස්සට යනවා. අපිට දෙයියන්ගේම පිහිට තමයි. රටට අනාගතයක් නැහැ..

:       0       0

Lakmal Thursday, 01 November 2018 03:40 AM

හොරු වෙනුවෙන් හොරු...

:       0       0

vidya Thursday, 01 November 2018 03:41 AM

මේ වෙලා තියන තත්වය යටතේ ගොන් වැඩ කරන්න එපා. අහිංසක මිනිස්සු අැනකොටගෙන විශාල විපතක් වෙන්නට ඉඩ තියනවා.

:       1       80

polytricks Thursday, 01 November 2018 03:51 AM

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මිනිස්සු පාරට බස්සන්න හදන එක නරක තීරණයක්..

:       0       88

mohan Thursday, 01 November 2018 04:33 AM

දැන් ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුව වගේ වෙලා. මෝඩ මිනිස්සුන්ව එහෙන් ගෙන්නනවා මෙහෙන් ගෙන්නනවා. ලොක්කෝ හොරා කනවා. ඔය මොන බලයවත් වැඩක් නැහැ පාර්ලිමේන්තුව රැස් කරලා බහුතරය පෙන්වන්න.

:       1       140

justin Thursday, 01 November 2018 04:33 AM

ජනතාව තමා එතනත් පරිප්පු කන්නේ.

:       0       28

channa Thursday, 01 November 2018 04:43 AM

අගමැති තීරණය වෙන්නේ ව්‍යවස්ථාව අනුව මිස කොළඹට ගේන ඔළු ගෙඩි සංඛ්‍යාව අනුව නෙවෙයි.....

:       16       243

theshan Thursday, 01 November 2018 04:53 AM

එහෙනම් එදාටත් කලින් ගෙදර යන්න පුළුවන්.

:       0       45

Nimal Thursday, 01 November 2018 05:04 AM

බත් පැකට් සහ රුපියල් දැන් වැඩ කරවී. නගරය අපිරිසිඳු වේවි, කිරි පැකේට් විස වේවි.............

:       29       108

Chandra Thursday, 01 November 2018 05:05 AM

අනේ හැමෝටම වැසිකිලි පාවිච්චි කරන්න පහසුකම් සලසන්න . නැතිනම් කොළඹ නගරයම සවුත්තු වෙනවා .

:       42       103

samith Thursday, 01 November 2018 05:08 AM

ඔවුන්ගේ පිරිස පෙන්වීම මිනිස් කාලය සහ මුදල් නාස්ති කිරීමක් ...... කෙහොම නමත් ඔවුනගේ ස්ථාවරභාවය ....... අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න...

:       59       195

athura Thursday, 01 November 2018 05:15 AM

මීට පස්සේ ආයි ඡන්ද අවශ්‍ය නැත..... පක්ෂවලින් කොළඹට ගෙනෙන ජනතාවගේ ප්‍රමාණය අනුව මන්ත්‍රීවරුන් පත් කරනු.

:       10       63

ROSHAN Thursday, 01 November 2018 05:42 AM

මහජනයාගේ සාමාන්‍ය ජිවිතයට බාදා කරන මෙම පිස්සු රැලි ජනාකිර්ර්ණ ප්‍රදේශ වල තහනම් කරන්න.

:       31       103

Gamini Thursday, 01 November 2018 06:55 AM

ජන බලය ⁣ කොළඹට ගෙනත් මාර්ග අවහිර නොකර, අවසානයට පැවැත්වු පුංචි ඡන්දයේ ප්‍රතිඵලය තානාපතිවරුන්ට පෙන්වා ,පළාත් පාලන මැතිවරණ නොතබා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ආණ්ඩුව කරගෙන යන්නෙ එජාපය බව ලොවටම කියා දෙන්න. ඒ ආණ්ඩුව මිනිසුන්ට එපාවුනේ එදාම බවත් , ඒ ආණ්ඩුවට ජනතා සහයක් සහ කැමැත්තක් නැති බව ඔවුන්ට පිළිගන්නට සිදුවනවා.

:       275       24

sandyThursday, 01 November 2018 07:54 AM

හැමෝම ආණ්ඩුව ආණ්ඩුව කියලා කියනවා. එතකොට ජනාධිපති මොනවද කලේ? එය තොත්ත බබාද? අගමැති මාරු කරන්න තරම් හයියක් තියෙනවනම් මේ දේවල් කරන්නත් කොන්ද පණ තියෙන්න එපාද? අනික ඒ අමාත්‍යංශය තිබුණේ කාගේ යටතේද? ජනාධිපති වෙච්ච මුල ඉදන්ම කුමන්ත්‍රණය කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න. නගපු ඉනිමගට පයින් ගහලා

:       13       178

Gamini Thursday, 01 November 2018 09:27 AM

වෙනසට පක්ෂව 62 ලක්ෂයක් ජන්දය ප්‍රකාශ කළද , වෙනස විනාශයට මගක් බව අවබෝධ කරගත් ජන්දදායකයින් , වැඩිකල් නොගොස් පුංචි ජන්දයෙන්ම තම ස්ථාවරය ප්‍රකාශයට පත්කළේය. නමුත් ජනපතිට එය අවබෝධ කරගැනීමට දික්කසාද වෙන තෙක්ම ඉන්නට සිදුවුයේ පීඩනයක් ඔහුට බාහිර පාර්ශ වලින් එල්ලවීම හේතුකොටගෙන ගෙනයි. එය මනාවට පිළිඹිබුවනවා දැන් කරලියට පැමිණ ඇති ⁣විදෙශ් අතපෙවීම හමුවේ.

:       0       0

sirimal Thursday, 01 November 2018 08:07 AM

එතකොට පාර්ලිමේන්තුවේ බලය? එදාම නේද පාර්ලිමේන්තුවත් රැස්වෙන්නේ? අහන්න දෙයක් නැහැ ඉතිහාස ගත ගුටි කෙලි සංදර්ශනයක් බලාගන්න ඇහැකි වේවි.

:       0       168

banda Thursday, 01 November 2018 08:25 AM

අරලියගහ මන්දිරේ වට කරලා 5 වෙනිදට රනිල් පන්නමු

:       175       306

isurandi Thursday, 01 November 2018 10:14 AM

හුදෙක් මේවා මාධ්‍ය සන්දර්සන විතරයි.

:       0       0

Mf Thursday, 01 November 2018 10:19 AM

මාර සිරා= මරු සිරා... ආණ්ඩුවට ජනතාව කැමැති නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1993 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 629 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 706 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site