(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැති බව වාර්තාවේ.
ජනාධිපති නිල නිවසේ පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වී ඇත.
අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තාවේ.
සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබා නොදීමට හේතු වූ කාරණා ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නිදහස් පක්ෂය ගැන තීරණ ගැනීම එම පක්ෂය සතු දෙයකි. අනිත් දෙදෙනා සම්බන්ධව අධිකරණයට යා හැකිය. සියල්ල අධිකරණය විසඳනු අැත. 36ක් පත් කලහොත් පුරවැසියන් ලෙස අප අධිකරණයට යා යුතුමය. ජනතා මුදල් කාබාසිනියා කරන බැවිනි .
වසන්ත සේනානායක ඇතුළු යු ඇන් පි සෙට් එකට ඇමති කම් එන එන වෙලාවට දුන්න කෙනා දැන් කොහොමද අනිත් අයට දෙන්න බැහැ කියන්නේ ?
ඉබ්බ දියයට දැම්මහම ඇන්නාවේ කිව්වලු. රනිලුත් හිත හිතා ඉන්න ඇත්තේ මේ හතර දෙනාට කැරට් අලේ නොදී බේරෙන්නේ කොහොමද කියලා. ඇයි තමන්ගේ මිනිස්සු ඉන්දැද්දී මේ හාල්පාරුවන්ට මොකටද දෙන්නේ. දැන් වැඩේ ජනාධිපතිතුමා පිට දාල ෂේප් වෙන්න පුළුවන්.
පළමුව නීතියයි, ශිස්ටාචාරයි මේ රටේ ස්ථාපිත කල යුතුයි. ඒ වෙනුවෙන් අධිකරණයට යා යුතුයි.
මේ සියලු දෙනාම සිතන්නේ තම තමන්ගේ පක්ෂ වලට වෙන වාසි අවාසි මිසක් රට හා එහි අනාගතය ගැන නොවේ, ඒකනේ මේ කඹ ඇදිල්ල.
ඇමති ධුර 30 ඕනෑවටත් වඩා වැඩියි.
අර එපාවුණා ගොයියන්ට ඇමතිකම් දෙන්න කියන්න.