IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් 08 සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින්‍ යුත් යෝජනාවලියක් ඉකුත්දා ඉදිරිපත් කරනු ලැබීය .

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේදී පෙරේදා(05) රාත්‍රියේ පැවැත්විණි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට එන ලෙස ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ඇමති වාසුදේව නානයක්කාර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය තිස්ස විතාරණ , ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ඩිව් ගුණසේකර යන මහත්වරු,පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

ශ්‍රීලනිපය හා හවුල්කාර පක්ෂවල නායකයන් අතර සාකච්ඡාව පැයකටත් අධික කාලයක් පැවති බවද වාර්තා විය .

 



අදහස් (3)

ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි

Shan Sunday, 06 March 2022 02:14 PM

මේ දේශපාලනය තමයි රාජපක්ෂලා දන්නේ. එක එක කොටවල තමන්ගේ සාක්කු පුරවා ගන්නවා. හීනමානයෙන් පිරුණු පවුලක්...

:       0       16

ranjith Sunday, 06 March 2022 05:28 PM

ඔක්කොම කට්ටිය බොරු කරන්නේ..!

:       0       12

Don perea Sunday, 06 March 2022 07:03 PM

ලංකාවේ බත් කන හරක් හින්දා හොඳයි..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 579 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site