(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැස්වීමකට කඩා වැදුණ සැකකරුවන් පිරිසට අවවාද  කර අප්‍රේල් 25 දින පුත්තලම අධිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරමින් ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (28 ) නියෝග කළේය.

පසුගිය 22 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාම ශක්ති වැඩසටහනට සහභාගි වී සිටියදී එම උත්සවයට කඩා වැදිමේ චෝදනාව සහ පුත්තලම අධිකරණයෙන් ලබා දී තිබු අධිකරණ නියෝග කඩ කිරීම, මහජනයාට පීඩා වන අයුරින් හැසිරීම, රාජ්‍ය නිලධාරියකුගේ නිවේදනයට ඇහුන්කන් නොදීම ඇතුළු චෝදනා රැසකට චෝදනා ලැබ සිටි සැකකරුවන් 28 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් පුත්තලම පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අළ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකරු ඇතුළු පස්දෙනෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.