(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ තෙදින නිල සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය.
ජපානයේ නරුහිතෝ කුමරුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ඒ මහතා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද සංචාරයට සහභාගී වූහ.
මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35ට සිංගප්පූරුවේ සිට පැමිණි එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
COMMENTS
රටට මෙලෝ වැඩක් නොකර රටටම බරක් වුණා..
පවුලේ අන්තිම සංචාරය .. මහජන මුදල් අපරාදේ මේ වගේ වියදම් කරන එක
ඉස්සර කාලයක් තිබුනා දේශපාලකයන් පිළිගන්න සිය දහස් ගණන් පිරිස් ගුවන් තොටුපොළට එන. දැන් එහෙම එන්නේ නැතුවාදෝ?
ගියපු අය කී දෙනෙක් ආවද දන්නේ නැහැ
දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ - මම බයේ හිටියේ එතුමා එහෙ නතර කර ගනියි කියලා ජපානේ දියුණු කරන්න උපදෙස් ගන්න.
ඔබ තුමාණෝ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු විදේශ නිල සංචාර සඳහා රාජ්‍යයන් 24 කට සම්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
අන්තිම සංචාරයද ?
අපිට ආඩම්බරයි අපේ ජනාධිපති 2015 දීපු පොරුන්දු සේරම ඉටු කරලා, හොරුන්ට දඬුවම් දීලා, එල්ලුම් ගහ ක්‍රයාත්මක කරලා, මහා බැංකු වංචාකරුවන්ට දඬුවම් දීලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගන කරන්න නැතුව රට පාලනය කරලා, ලෝක වටේ සංචාර කරලා ආපු එක පිළිබඳව. ඒ නිසා කෝටි 800 වටිනා නිවසක් තෑගි දුන්න එක සතුටුයි.
මේක නිල සංචාරයක් නෙමෙයි. අපේ සල්ලි වලින් ගිය පුද්ගලික ගමනක්. ජපානේ උත්සවේ තියෙන්නේ ලබන මාසේ, එහේ සුළිසුළඟ නිසා. ඔක්කොම එකතුවෙලා අපිවම අන්දන්නයි හදන්නේ.
අහෝ ඛේදයකි...!!
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ, චීනෙට ගිය වෙලාවෙ දීපු ජීප් 100 තමා මේ රටට ආවේනැනේ .