(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කළේය.

ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර