
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පුත්තලම දිස්ත්‍රික්කයේ හදිසි සංචාරයක නිරතවිය.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා මදුරන්කුලිය කතෝලික සභාවට අයත් බිෂොප් වත්තට පැමිණ තිබූ අතර එහිදි එම භුමියේ සාර්ථක ලෙස වගාකර තිබූ මිදි වගාවක් නැරඹිණි.
එහිදී මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට පැමිණි ජනපති, පාසලේ දරුවන් සමඟ අඩුපාඩු සම්බන්ධයෙන් සුහද කතාබහක නිරතවිය.
මීට අමතරව කල්පිටිය දළුව ප්‍රදේශයේ එළවළු වගා බිම් සහ නිර්මලපූර සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.
එම අවස්ථාවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ කතෝලික පූජකවරු රැසක් එක්ව සිටියහ.
(ජායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)








COMMENTS
පොඩි දරුවන් එක්ක කතාකරලා හරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා නම් හොඳයි.
ඔබතුමා හොඳ වැඩ බලන්න යනවා වගේම මේ දවස්වල කරන නරක දේවලුත් බැලුවොත් හොඳයි නේ. පුත්තලමේ කරපු විනාශය, කුරුණෑගල පුරාවස්තු විනාශය ගිහින් බලන්න.
අප්පච්චියෝ, මදැයි පාස්කු ප්‍රහාරයේ කට්ටිය අල්ලලා හිරේ දැම්ම හැටි. දැන් තිත්ත මිදි කන්න ගිහින්. ඇත්ත තිත්තයි.
කරුණාකරලා ඔය එක්කම වැලි ගොඩදාන තැන බලන්නත් යන්න. ඔබතුමා ආපු ගමනම පළමුවෙන්ම කලේ වැලි බලපත්‍ර නැති කල එකනේ.
අපේ ලංකාව, අපේ මව්බිමේ, මෙතුමා විශිෂ්ඨ තැනකට ගෙනඑනවාමයි. හැබැයි වටේ ඉන්න අයගෙන් මෙතුමා පරිස්සම් කරන එක හැමෝගේම යුතුකමක්. මේ වෙලාවේ ජාති, ආගම්, කුලමල දේශපාලන මැති, මන්ත්‍රීලා පැත්තකට දාන්න ඕනෑ. මේක තමයි අන්තිම අවස්ථාව අපේ ලංකාව මත් රකුසාගෙන්, දූෂණයෙන් බේරගන්න.
අඩුම ගානේ මේ මනුස්සයා පොළවේ පයගහලාවත් ඇවිදිනවා.
ජනාධිපතිතුමනි, ඔබතුමා වැවිලිබෝග බලන්න යනවා. අරෙහෙ වැව් සුද්ද කරනවා කියලා අවුරුදු සිය ගණන් පරණ, ගස් කපලා පටවනවා. මේකද ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම?
අම්මෝ.. මාරයි සර්. ආඩම්බරයි. කොහොමද දකුණේ ගැම්ම..? මිදි ගෙඩි නැතුව කොළ හරි කන්නම් සර් කියනවා නම්...
සිරිසේන වගේ විහිළු සපයන්න එපා.
මරුනේ... ප්‍රහාරයෙන් පස්සේ මිදිවතු බලන්නත් යනවා.