(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා මිල නියම කිරීම පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් ඉරිදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම වහාම පියවරක් ගත යුතු යැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එම ප‍්‍රකාශයෙහි සඳහන් පරිදි මන්ත‍්‍රීවරුන්ට අල්ලස් ලබාදෙන පුද්ගලයින් හා අල්ලස් ලබාගන්නා මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව එම ආයතනය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට අල්ලසක් ලබාදීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් තම ආයතනය ද පසුගිය සතියේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර මහතා පැවසීය.
අල්ලස් පනතේ 14 වැනි වගන්තිය අනුව මන්ත‍්‍රීවරුන්ට අල්ලස් ලබාදීම මෙන්ම මන්ත‍්‍රීවරුන් විසින් අල්ලස් ලබාගැනීම ද වසර 7ක බරපතල වැඩ සහිත වරදක් බව ඔහු සඳහන් කළේය.
මෙලෙස අල්ලස් ලබාදීමට විවිධ පාර්ශව තැත්කර ඇති බව ජනාධිපතිතුමා ද ප‍්‍රකාශ කර ඇති නිසාත්, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු සාක්‍ෂි ද එළිදැක්වී ඇති නිසාත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව අල්ලස් කොමිසම ජනතාව දැනුම්වත් කළ යුතු බව ද ඔහු කීවේය.
COMMENTS
අන්න හරි , මැති, මන්ත්‍රී කියල බැහැ. රටේ ජනාධිපතිම කැබිනට්ටුවේ අල්ලස් දීම සිදුවන බව ප්‍රත්‍යක්ෂකලා නම් එතුමා දන්නවා ඇතිනේ විස්තර... වහාම අපක්ෂපාති පරීක්ෂණයක් කරලා නීතියේ සාධාරණ යුක්තිගරුක බව තහවුරු කරන්න.
රනිල් සමග වැඩකිරීමට නොහැකියි කී ජනාධිපතිගේ ඒ කතාවටත් ඔබලාගේ අවධානය යොමුකරන්න සහ ජනතාවගේ අවදානය යොමුකරවන්න.
අනිවාර්යයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි....
අදහස නම් බොහොම හොඳයි. කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙයිද කියලා බලමුකෝ..?