ජනාධිපති ධූරය වැනි භාරදූර තනතුරක් දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි මහත්මයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම තනතුර දැරීමට තමුන් සුදුසු බව මුළු රටටම ඔප්පු කර පෙන්වීමේන් පසුව බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ විහාරස්ථානයට අද (14) පැමිණි අවස්ථාවේදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ විශේෂ පිරිත් දේශනාවක් ද මෙහිදී මහා සංඝරත්නය විසින් සිදු කළහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන
ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාම
ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක ස
තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමා
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
‘‘ජනපති ධූරය දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකියි‘‘
sanduni Wednesday, 14 August 2019 03:44 PM
හාමුදුරුවන්ට කාර් පර්මිට් එකට දෙකක්ම ලැබෙයි.. මෙයා දිනපුවම. හැබැයි හාමුදුරුවනේ, මේ ආත්මයේදී නම් ඒ පර්මිට් දෙක ලැබෙන්නේ නැහැ. ඇයි දන්නවද? ' බයගෝඨා ' මේ ආත්මයේදී නම් ලංකාවේ ජනාධිපති වෙන්නේ නැහැ. මිනිහගේ ඇපත් ඉතිරි වෙයිද දන්නේ නැහැ. ඡන්දෙට ඉස්සෙල්ලා තමන්ට අයිති නැතිදේවල් කියවලා, ඡන්දෙ පැරදුණාම පන්සලට ගල් ගැහුවා කියලා බොරුවට කෑ ගහන්න එහෙම එපා...
sujith Wednesday, 14 August 2019 03:49 PM
යුද්දේ දරාගන්න බැරිව මොලේ අමාරුවක් කියලා මෙඩිකල් දීලා ඇමෙරිකාවට පැනලා ගිය හාදයා අපේ රටේ ජනාධිපතිවෙන්න...? මෙයා තමයි අැමෙරිකාවත් එක්ක කාටත් හොරෙන් අක්සා ගිවිසුම අත්සන් කරලා රට පාවාදුන්නේ. හාමුදුරුවන්ට මෙයා කීයක් දුන්නද බටර් ගාන්න කියලා...
ශ්‍රීWednesday, 14 August 2019 05:04 PM
කවුරු ආවත් ප්රශස්ති ගයනවා මේ රටේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ... මේ විදියට කී දෙනෙකුට කිව්වද රට අගාධයට ගියා මිසක් යහපතක් වුණාද හාමුදුරුවනේ 50% මේ රටට වුණු විනාශය වගකීම බාරගත යුතුයි..
නෙවිල් Thursday, 15 August 2019 01:22 AM
අනිවාර්යයෙන් ගම් පිටින් තමයි ගෝඨාභයට මිනිසුන් ඡන්දය දෙන්නේ.. ඔහුයි මේ නන්නත්තාර වුණු රට ගොඩගන්න පුළුවන් එකම නායකයා. ඔහුගේ දර්ශනය, ඔහුගේ කෙලින් වැඩ කරන හා ඉලක්ක ජය ගැනීමේ ගුණය තමයි මේ රටට අවශ්‍ය.. ගියවර යහපාලකයින්ට ඡන්දෙ දීලා බෝම්බ කාපු අයට තවත් බෝම්බ මදි වෙලා වගේ තමයි දඟලන්නේ..
piyalThursday, 15 August 2019 02:51 AM
ඒ කාලේ කොටින්ට ආයුධ දුන්නා. යුද්ධය අනාගත්තා. ඒ කාලේ නායකත්වය දුර්වල නිසා හමුදාව දුර්වල වුණා. සෙබළුන්ට කිව්වේ දින හතළිස්පහේ කුකුල්ලු වගේ කියලා. පුහුණුවක් නැතිව යුද පෙරමුණට යවලා පෙට්ටියේ ගෙදර එවනවා. ඉතින් එවැනි කාලයක එතුමා ඇමෙරිකාවට වෙලා ඉන්නේ මොකක්ද කියලා උපේක්ෂාවෙන් බලා හිටියා. හරි අවස්ථාව ආවහම ලංකාවට ඇවිත් නිවැරදි මිනිසුන් යොදාගෙන ක්‍රමානුකූලව යුද්ධය ඉවර කළා. ඒ නිදහස භුක්ති විඳිමින් සිරිකොතේ වළං හෝදන කට්ටිය මඩ ගහනවා...
Sugath PremalalThursday, 15 August 2019 05:43 AM
සුජිත්.ඇත්ත කියන්න.බොරුවට කවදාවත් තැනක් නැහැ. ස්වභාවධර්මයෙන්ම දඩුවම් ලැබේවි.
sujithThursday, 15 August 2019 09:05 AM
තව තියෙනවා ඕනෑතරම් 88, 89 කාලයේ ඔයාගේ වීරයා හිටියේ නුවර ප්‍රදේශය භාරව... නම් ලිස්ට් එක ඡන්දෙ කිට්ටුවෙද්දී දෙන්නම්. දෙමව්පියනුත් එක්කම. ගෑණු කෙනාට බල්ලා ගේන්න ශ්‍රී ලංකන් යානයක් ස්වීස්වලට යැව්වා. ඒ ගැන පත්තරවලින් අහද්දී කිව්වේ බල්ලෙක් නොවෙයි මට ඕනෑ නම් අලියෙක් වුණත් ගේන්න පුළුවනි..' කියන උද්දච්ච කතාවයි. මේ වගේ උද්දච්ඡයෙක් කීයටවත් පත්කර ගන්න රටේ මිනිස්සු ලැහැස්ති නැහැ.
Chathuri Wednesday, 14 August 2019 03:50 PM
හාමුදුරුවන් මේ නඩේට සෙත්පතලා රට බාර දෙන්න කලින්.... බලය තියෙනකොට කරපු වැරදි, මිනීමැරුම්... ගැන කතා කෙරුවද? බලය අයුතු ලෙස පාවිච්චි කරමින්, තුවක්කුව අතට ගත්තා කියන්නේ නිර්භීතකමද? නිවටකමද? අසරණ ජනතාව බිල්ලට දෙන්න. රටක් බාරදෙන්න කිසිවකුට බැහැ. පූජනීය ස්ථානවලට ලැබෙන දීමනා වෙනුවට රටට, ජාතියට වෙන හානිය හොයලා බලන්න. මිනිස්සු කියන්නේ මිනිසාට මිසක් සතා සිව්පාවට නෙමේ... හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්නේ අසරණ ජනතාව...
chandanaThursday, 15 August 2019 04:39 AM
චතුරි හරි ඒ කාලේ ආයුධ අරං ත්රස්තවාදීන් මොන තරම් සාමාන්‍ය ජනතාවට හිරිහැර කලාද, සාමාන්‍ය ජනතාව මොන තරම් ප්‍රමාණයක් බෝම්බ වලට අහුවෙලා මැරුණද? මායිම් ගම්මාන වල ඉන්න සාමාන්‍ය ජනතාව කොයිතරම් මැරිලා තියෙනවද? අපි ඒවා බලබලා මොන තරම් සතුටින්ද කාලය ගත කලේ. අහො අපේ ඒ ත්‍රස්ත සතුට 2009 දී තුවක්කු බලය පෙන්නලා අපෙන් උදුර ගත්ත එක තමයි රාජපක්ෂවරු කරපු ලොකුම වරද. ත්රස්තවාදීන් 2009 ට කලින් කරපු ඒ අහිංසක ක්‍රියා නිසා අද හමුදා විරුවන් මොන තරම් උසාවි ගානේ රස්තියාදු වෙනවද. අද එහෙමද නෑනේ ඕන ත්‍රස්තවාදියෙකුට ත්රස්තවාදයට සහය දෙන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව ත්‍රස්තවාදය වපුරන්න පුළුවන්, ඒවයින් නිදහස් වෙන්නත් පුළුවන්.
සෙනෙවිරත්න Wednesday, 14 August 2019 03:55 PM
ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිකම ඉවත්කරන්නේ මේ උන්නාන්සේලාද?
Chanak los angelesThursday, 15 August 2019 01:48 AM
පුරවැසිකම අයින් කිරීම කෙසේවෙතත් මෙහෙ දමා තිබෙන නඩුවලට උසාවියේ පෙනී නොසිටීමේ හේතුව මත ඉදිරියේදී මොහුට වරෙන්තු නිකුත් වෙන හැඩකුයි තිබෙන්නේ... දෙවියන්ගේම පිහිටයි..!!!
San80Thursday, 15 August 2019 03:49 AM
ඇත්තටම එ්කේ තත්වය මොකක්ද? ඉතාම වැදගත් අවශ්‍යම දේ කවුරුත් කතාකරන්නේ නෑ.
Ajith NissankaFriday, 16 August 2019 04:09 AM
ඔබ හරි සමහර මාධ්‍ය නිවැරදි තොරතුරු දෙන්නේ නෑ.මං දන්න විදියට මෙතුමාගේ නම ඉවත්කරා කියල ඇමෙරිකානු රාජ්‍ය දෙපර්මේන්තුවෙන් කිසිම නිළ නිවේදනයක් නැහැ . එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කෙරුණු පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජය විසින් අන්තර්ජාලයේ පළ කරන ලද දෙවැනි කාර්තුවේ නාම ලේඛනය තුළත් මෙතුමාගේ නම ඇතුළත් වී නොමැත .
සෙනෙවිරත්න Wednesday, 14 August 2019 03:59 PM
මෙතුමා ඔප්පුකරලා තියෙනවා.. ඕනෑතරම් සුදුසුකම් තියෙනවා කියලා, තියෙන නඩු දිහා බැලුවාම සහ ඒවට මුහුණදෙන පිළිවෙල දිහා බැලුවම..
chandanaThursday, 15 August 2019 04:48 AM
ඔව් ඒක ඇත්ත බටහිර රටවල් කියන දේ තඹයකට මායිම් නොකර අර තිස් වසරක අපේ බය නැති කෙරුව තරහට තව නඩු පිට නඩු දාන්න ඕනේ.
සෙනෙවිරත්න Wednesday, 14 August 2019 04:02 PM
1956 ඉඳලාම රට අවුල් කළා..
BamunuarachchiWednesday, 14 August 2019 04:54 PM
සීයාගෙන් අහගෙන වෙන්නැති කතාව කියන්නේ... රටේ පූජ්‍ය පක්ෂය හා ජනතාව ඝෝඨාභය මහතාට පක්ෂ නම් අනික් අය මොනවා කීවාම අපිට මොකෝ...?
samithWednesday, 14 August 2019 08:06 PM
ඔයාගේ කටේම තියෙන වචනයක් තමයි ' සීයාගෙන් අහගත්තාද ' කියන උපහාසය. අමතක කරන්න එපා " සීයලා "කරපු දේවල් වලින් 1%ක් වත් ඔබ වැනි මැටි මෝල්ලුන්ට කරන්න බැහැ. ඔබ හිතන්නේ ඔබ ඔක්කොම දන්නවා කියලා නේද? මට නම් හිතෙන්නේ මොලේ නැති ' වහල්ලු' ඉන්නකම් මේ රට ගොඩ නගන බලවේගයක් ඇතිවෙන්නේ නැහැ. මොනවා වුනත් මේ සැරේ නම්.. ඔය කාටකාටත් උණ ගැනේවි තව මාසයකින් විතර... බලාගෙන ඉන්නකෝ...
Chanak los angelesThursday, 15 August 2019 01:42 AM
ඔය පොහොට්ටුවේ ඉන්නේ නිදහස් පාක්ෂිකයින්නේ... නැතුව පොහොට්ටුවට කොහෙන්ද ඔවුන්ගේම පාක්ෂිකයෝ... පොහොට්ටුව හදාගත්තේ සාටකයින් නිසා ඔවුන් සුදුසුකමක් නැති නීතිවිරෝධී ඔවුන්ගේම සාටකයෙක්ව බලහත්කාරයෙන් අපේක්ෂක කළා. දැන් බලනවා නිදහස් පාක්ෂිකයන් පොහොට්ටුවට බාගෙන මේ නීතිවිරෝධී පුද්ගලයාව ජනපති කරවන්න. අපි දකිනවා නිදහස් පක්ෂය ඒ ඇම කන්න ලෑස්ති නැහැ කියලා. ඔවුනුත් පාක්ෂිකයෙක් දමපුවාම ඡන්ද කැඩිලා පොහොට්ටු අපේක්ෂකයා කව්රු වුනත් ඔහුට හොම්බෙන් යන්න වෙනවා. එජාප අශ්වයාට නිකම්ම ජය. පව් සාටකයන් මේ පාරත් අනාගත්තා. අපිට හරි සතුටුයි.
BamunuarachchiThursday, 15 August 2019 08:03 AM
වයස 6 දරුවෙකු හැටියට ගෝල්ෆේස් හෝටලය ළඟ ඉඳන් ඩී.එස්. සේනානායක මහතාගේ ෆියුනරල් එක බලා සිටි මට ඔබ මේ රටේ දේශපාලන ඉතිහාසය කියාදෙන්න එනවද?
Ajith NissankaThursday, 15 August 2019 03:11 PM
මුළු ලංකාවම ගෝඨාබය මහත්තයා ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ ! දිවිහිමියෙන් ආරාක්ෂා කරනවා කියල පින්සේන්දුවෙලා 2005 දී එතුමා ඔයගොල්ලන්ගේ අදිරාජ්යව්වාදී රටේ පුරවැසිකම ලබා ගත්ත! ඉතින් එතුමාගේ මවු රට තාම එයාට ලංකාවේ චන්ද ඉල්ලන්න නිල වශයෙන් අවසර දීල නැහැ ! තාම අදිරාජයවාදිය එක්ක ඩීල් දාගෙන නැහැ ! ඩීල් එක වැටෙනකල් මොනවා කිව්වත් වැඩක් වෙන්නෙත් නැහැ !
Ajith NissankaFriday, 16 August 2019 03:55 AM
ජනාධිපති ධූරය දරා ගන්න බැරි වෙන එකක් නැහැ. පවුල් සංස්ථාවක්ම තියනවානේ . ඒක නිසා ඔක්කොම එකතු උනාම අපහසු වෙන එකක් නැහැ.
Kumar Wednesday, 14 August 2019 04:19 PM
ලබන මැතිවරණයෙන් පසු ජනාධිපතිගේ බලය අඩුවෙනවා නේද? එතකොට කොහොමද ඕක කරන්නේ? ගෝඨා සහෝදරයා නැතිව තනිවම ගමන් යන්න බයද? බය ගොඨාගේ බය තවම අඩුවෙලා නැතිවා වගෙයි.
AmilaWednesday, 14 August 2019 04:51 PM
මහින්දගේ පෞරුෂය ගෑවිලාවත් නෑ... පොළවෙන් මතුවූ මිනිසා වගේ ඇමරිකාවෙන් මතුවූ පතෝලයා කිව්වොත්...!
BamunuarachchiThursday, 15 August 2019 12:09 AM
මෙයා තමන්ටම ලයික්ස් දාගන්න කෙනෙක්.
chandanaThursday, 15 August 2019 04:52 AM
ඔව් ඒ පෞරුෂය නැති නිසානේ සියළු බලකායන් නියමෙට කළමනාකරණය කරලා ත්‍රස්තවාදය පරාද කලේ... ඇමරිකාව කියන දේවත් අහන්නේ නැතුව අපේ රටේ මිනිස්සු කියන දේ අහලා 30 වසරක ත්‍රස්තවාදය ඉවර කලේ...
BamunuarachchiThursday, 15 August 2019 12:03 AM
භය? කාට භයද? ප්රභාකරන්ට බයටද නැතිනම් සහරාන්ට බයටද. රනිල්, ප්‍රභාකරන්ව ලෝකේ දරුණුම ත්රස්තවාදියා කියා නම් කරගෙන රටින් කෑල්ලක් ඌට දෙන්න ලැහැස්තිවෙන වෙලාවේ තමයි සිංහලයාගේ වාසනාවට රාජපක්ෂලා රට භාර ගත්තේ.
Aris Wednesday, 14 August 2019 04:26 PM
අන්න හරි හාමුදුරුවනේ... ලේකම් තනතුරේ ඉඳන් රටේ බලගතු ඇමති ධුරයක් හොබවපු කෙනෙක්. ඇමෙරිකාවේ විදියට ආරක්ෂක ඇමතිම තමයි.
ගමගේ Wednesday, 14 August 2019 11:15 PM
ඔය හාමුදුරුවන්ට උගන්වන්න හදනවද ? ඇමෙරිකාවේ දේශපාලනයෙන් එන ඇමතිලා නැහැ. ඇමතිලා ඉන්නේ කතෝලික, ක්‍රිස්තියානි පල්ලිවල විතරයි. යුද්දේ වෙනුවෙන් ඇග මස් ලේ මව්බිමට දුන්න වීරයා ෆොන්සේකා. අනිත් අය එයාව හිරේ දාල සාක්කු පුරවා ගත්තා. අමතක කරන්න එපා. ඔය ලොකු හාමදුරුවරු අන්තිමට ඒකාලේ ආණ්ඩුවෙන් එව්ව බෙන්ස් කාර් අපහු යැව්වා.
ArisThursday, 15 August 2019 09:25 AM
හාමුදුරුවන්ට උගන්වන්න හදලා නැහැ. කියපු දේ සනාථ කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් කියන්නේ අපි ආරක්ෂක ඇමැති කියන තනතුරට තමයි. ලියපු දේ හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. ෆොන්සේකා මහත්මයා හරිද වැරදිද? විවේචනය කරන්න අපිට වුවමනාවක් නැහැ. ජනතාවට ඕනෑකම තිබුණා නම් එතුමා 2010යේ පත්කර ගන්න ඉඩ තිබුණා. අනෙක බෙන්ස් කාර් නායක හාමුදුරුවන්ට දුන්නේ අර නෝනගේ කාලේ බවත් මතක තියාගන්න.
BamunuarachchiThursday, 15 August 2019 10:49 AM
ඉඩ දුන්නොත් මගේ නාකිකමත් පෙන්වන්න පුළුවන්...
ධම්ම Wednesday, 14 August 2019 04:30 PM
මහින්දානන්දයි ආනන්දයි දෙන්නම ඉන්නේ.. හැබැයි ඉතින් මෙයාලත් එක්ක ඉදිරි ගමන අති මහත් දුෂ්කර එකක් වේවි.
nalinThursday, 15 August 2019 12:12 AM
ඉතින් 20% තියා ගත්තම කව්රුත් සන්තෝසෙන් ඉඳියි.
Api Wednesday, 14 August 2019 04:46 PM
සිරිකොතේ පඩිගන්න අය මේකේ හරියට කොමෙන්ට්ස් දානවා...!
රුවන්Wednesday, 14 August 2019 05:06 PM
සහතික ඇත්ත... ඒ විතරක්ද සමහරුන්ගේ වහල්ලු?
kamaniWednesday, 14 August 2019 08:08 PM
අපෝ ඔව්, ඔය නාකි බමුණුආරච්චි අමු වහලෙක් රාජපක්ෂලගේ..
Amila Wednesday, 14 August 2019 04:47 PM
අයියගේ හයිය අරන් වැඩ කරා මිසක් මොලෙන් වැඩකරේ නෑනේ. එහෙම ඉවසීමක් විනයක් නැතිනම් මේ මොනවද කියන්නේ? අනික ජීවිතේට පාර්ලිමේන්තුවේ නොගිය කෙනෙක් ජනාධිපති කළොත් හොඳට තියෙයි.
shiranWednesday, 14 August 2019 05:27 PM
පාර්ලිමේන්තු යන්නම ඕනෑද ජනාධිපතිවරණයට තරග කරන්න..?
Chanak los angelesThursday, 15 August 2019 01:17 AM
එහෙම යන්න ඕනේ නැහැ. හැබැයි ඔය අපේක්ෂකයාට තිබෙන දුෂණ, වංචා පැටිකිරිය අනුව නම් ජනපතිකමට නොවෙයි රාජ්‍ය සේවයේ කිසිම තනතුරකට අයදුම් කරන්නවත් අයිතිවාසිකමක් නොලැබෙන්නේය....
AmilaThursday, 15 August 2019 03:11 AM
කවුරු ඉස්සරහට ජනාධිපති වුණත් ඔහුට වැඩ කරන්න වෙන්නේ ඇගමති සහ පාර්ලිමේන්තුව එක්ක. ඒ වගේම ඔය කියන කිසිම දෙයක් කරන්න බෑ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහයෝගය නැතුව... ඒක නිසා හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ වැඩකරන විදිය ගැන. අනික ඉවසීමක් නැති මිනීමරුවෙක්ට පුලුවන්ද රටක් තියා තෝසේ කඩයක්වත් කරන්න. තව දෙයක් බයගුල්ලෙක් වගේ හමුදාවෙන් පැනලා ගිය සහ නඩු වලට බයේ හැංගෙන මනුස්සයෙක් පත්කළොත් යසට තියෙයි. නිකමට හිතමු මේ මනුස්සයා දින්නා කියලා. පොරකර ගන්න බැරුව පැනලා ගියාම ආයෙත් ඡන්දයක් තියන්න වෙනවා. මහජන මුදල් ආයෙත් ඉවරයි...!
BamunuarachchiWednesday, 14 August 2019 11:24 PM
කියන්න දෙයක් නෑ මොහු දේශපාලන ඉතිහාසයක් නොදන්නා කෙනෙක්. ඔබ දන්නවාද රට දක්ෂ ලෙස පාලනය කරපු ලෝකේ පළවෙනි අගමැතිනිය බිහිවුනේ ලංකාවෙන්. එතුමිය කුස්සියේ සිට කෙලින්ම අගමැති පුටුවට පැමිණි කෙනෙක්. ඊට වඩා කියලා වැඩක් නැහැ .
de silva Wednesday, 14 August 2019 05:45 PM
ඕක දරාගන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට පමණද?
BamunuarachchiWednesday, 14 August 2019 11:43 PM
තව අය ඇති. නමුත් ලංකාව වගේ රටක ඒ වෙනස කරන්න අමාරුයි. එය දීර්ඝ වශයෙන් කතා කළයුතු විෂයක්. මෙතන එයට තැන නොවෙයි.පළමුවෙන්ම වෙනස් විය යුත්තේ රටේ ජනතාවයි.
kamaniThursday, 15 August 2019 07:46 PM
ඔව් ඔව් ජනතාව අවුරුදු 71 කට පස්සේ මේ පාර තමයි වෙනස් වෙන්නේ. ඒ අය නියම සුදුස්සව තව සුමාන 2න් විතර ඉදිරිපත් කරනවා. සියලුම උගත් බුද්ධිමත් රටට අවංකවම ආදරේ කරන අය එකතුවෙලා ඒ පුද්ගලයාව තෝරා ගනීවි. රටේ නියම වෙනසක් ඇතිවෙනවා.
චමින්දThursday, 15 August 2019 01:17 AM
දරාගන්න පුළුවන්නම් අවුරුදු දෙකක් ඉදිරියට පාලන බලය තිබියදී මහින්ද අයියා 2014 දී නැවත ජනාධිපතිවරණයකට ගියේ ඇයි හාමුදුරුවනේ. එතරම් ජනමතයක් තිබුන මහින්ද අයියාටත් දරාගන්න බැරිනම් මල්ලි කොහොම කරාවිද.
චමින්දThursday, 15 August 2019 01:17 AM
දරාගන්න පුළුවන්නම් අවුරුදු දෙකක් ඉදිරියට පාලන බලය තිබියදී මහින්ද අයියා 2014දී නැවත ජනාධිපතිවරණයකට ගියේ ඇයි හාමුදුරුවනේ? එතරම් ජනමතයක් තිබුණු මහින්ද අයියාටත් දරාගන්න බැරි නම් මල්ලි කොහොම කරාවිද?
BamunuarachchiThursday, 15 August 2019 08:16 AM
අර කට්ටියට දරන්න පුළුවන් නිසා වෙන්න ඇති අවුරුදු 25 ම යුද්දේ ඇද්දේ. ඊයේ ලංකාදීප පත්තරේ ෆොන්සේකා මහතාගේ කතාව කියෙව්වොත් මේගොල්ලන්ට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් .
බණ්ඩාර Wednesday, 14 August 2019 05:46 PM
එකම අදහස් ඇති පිරිසක් එක දිගටම කමෙන්ට් කරලා. . කොච්චර නින්දා අපහාස කළත් මේ මිනිස්සු රට වෙනුවෙන් කළසේවය ඔය අදහස් දාන අයට වඩා අති මහත්... 30 අවුරුදු යුද්ධයකින් කී දාහක් මැරුණද? මරණ බියේ හිටපු ජාතිකයාට ජීවිත දානය දුන්නු මිනිස්සු මේ.. මේ රටේ මිනිස්සු තීරණය කරයි කවුද ඊ ළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න ඕනෑ කෙනා කියලා. තමන්ගේ අපේක්ෂකයා විශ්වාස නම් මේ මනුස්සයාට මෙච්චර අපහාස කරන්නේ ඇයි? මේ ආණ්ඩුව සහ හෙන්චයියන් පහුගිය අවුරුදු 4 1/2 තිස්සේම කලේ සංඝයා වහන්සේලාට හිරිහැර සහ අපහාස කරපු එක තමයි. ඒවට පව් ඉක්මනට ගෙවන්න වෙයි.
sirimal Wednesday, 14 August 2019 05:47 PM
අපි දන්නවා අපේ පූජ්‍ය සිරිවිමල නා හිමියෝ කවදත් රාජපක්ෂලාගේ පැත්තේ බව... කැප්පිටියාගොඩනේ... එ් නිසා වෙන කතාවක් කිව්වා නම් තමයි අරුමේ... ඉතින් මොන බණක් කිව්වත් ඒවා ත්‍රිපිටකයේ තියෙන දේවල් නොවේ කියලයි කියන්න වෙන්නේ. අයියයි, මල්ලියි වාඩිවෙලා ඉන්න අකාරය දැක්කහම නම් "රජ්ජුරුවෝ උඩයි උඩයි අනිත් ගොල්ලෝ බිමයි බිමයි" කියලා තමයි හිතෙන්නේ...
chandanaThursday, 15 August 2019 05:22 AM
සියළු බෞද්ධයන්ගේ දැන ගැනීම සඳහායි. ත්‍රිපිටකයේ බණ නැත. බණ නම් කියූ දේයි. ත්‍රිපිටකයේ අන්තර්ගතව ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ශ්‍රී සද්ධර්මයයි. ඔබ මෙන්ම බොහෝ බෞද්ධයන් සද්ධර්මය නොදන්නා බැවින් නොයෙක් අර්ථ කථන දෙමින් භික්ෂූන්ට ගරහති, පරිභව කරති. ඒ නිසාම රන්ජන්ලාද සියල්ල දන්නවා මෙන් රඟයි.
sirimalThursday, 15 August 2019 09:19 AM
චන්දන, ඔබේ පැහැදිලි කිරීමට බොහොම පින්. මටයි වැරදුනේ. " බන " කියා වරහන් ඇතුලේ දැම්මානම් මා බලාපොරොත්තුවුන අදහස නිවැරදිව ප්‍රකාශ වෙන්න තිබුනා.
Nandalal DE SILVA - France Wednesday, 14 August 2019 06:04 PM
වැස්සකටවත් පන්සලකට ගොඩ නොවුන "බයගොටාගේ " අතින් අල්ලන් ලොකු අයියා එක්ක මේ ජෝඩුව පන්සල් ගානේ බඩගානවා !!! කැමරාවලට විරිත්තන්න දත්සෙට් එක එළියේ දමා ඉන්න ගෝඨා පන්සල මතක් උනේ චන්දෙ ළඟ එන නිසා නේද?
Chanak los angeles Wednesday, 14 August 2019 08:09 PM
රන්ජන් විජේරත්න කියපු ප්‍රකාශයක් අපි ළඟ තිබෙනවා මේ දරාගන්න පුළුවන්කම ඇති පුද්ගලයා එදා හමුදාවේ ඉන්නකොට යුද්ධයට බයවෙලා මානසික ආතතියක් මවලා ඔහුට බැගෑපත් වෙලා ලංකාවෙන් පලාගියේ කොහොමද කියලා... අපිට කණගාටු මේ හිමිවරු දූෂණ, වංචා නඩුවලට මුහුණ දෙන පුද්ගලයෙකුට රටේ නායකත්වයට ඔසවා තබන්න සුදුහුණු ගාන එකටයි.
kamal pereraThursday, 15 August 2019 06:14 AM
එතකොට 2006 යුද්දේ යනකාලේ ආරක්ෂක ලේකම් නෙවේද? මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවුණු වෙලාවේ රට අතඇරලා ගියාද? කළෙහිගුණ මතක තියාගන්න.. දේශපාලනය වෙනයි.
BamunuarachchiThursday, 15 August 2019 08:10 AM
ලොස් ඇන්ජලිස් සියල්ලටම පළමුව රටේ දේශපාලන ඉතිහාස ඉගෙනගත යුතුයි. ඔය හාදයා සාටකයේ පාට හැරෙන්න වෙන දන්නා කෙන්ගෙඩියක් නැත. එමනිසා ඔහුට අනුකම්පා කරමු.
Ajith NissankaFriday, 16 August 2019 04:14 AM
රටේ දේශපාලන ඉතිහාසය කෙසේ වෙතත් ගෝඨාභය මහත්තයාගේ දේශපාලන ඉතිහාසය නම් පණට ආදරේ කරන කවුරු කවුරුත් ඉගෙනගත යුතුයි.
Mahee Wednesday, 14 August 2019 08:13 PM
සංඝ ගෞරවය කෙලෙසීම ගැන හාමුදුරුවරුම හරියට කතා කරනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එකට උදාහරණ ඔය තියෙන්නේ. ඊජිප්තුවේ හිටපු ෆාරුක් රජ්ජුරුවන්ව බලයෙන් පහකරලා නසාර් බලය අල්ලා ගත්තාම ෆාරුක් රජ්ජුරුවෝ කිව්වලු, 'ලෝකයේ අන්තිමට ඉතුරුවෙන්නේ රජවරු පස් දෙනයි, එංගලන්තයේ රජුත්, කාඩ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි' කියලා. මෙහෙම ගියොත් කෙලින් කතා කරන්න හැකියාව තියෙන හාමුදුරුවරු ඉතුරු වෙන්නෙත් ටෙලි නාට්‍යවල පමණයි.
සේනාරත්න Thursday, 15 August 2019 12:20 AM
2010 ජනාධිපති මැතිවරණය තරගය තිබුණු කාලෙ ITN සහ ජාතික රූපවාහිනි වල විකාශනය කරවපු වැඩසටහන් ගැන ආවර්ජනයක් කරල බලමු ද?.. ඒකාධිපති දරදඩු මිනිස්සු ලෙස නම්දරපු ලොව සමහර නායකයන් ආශ්‍රිතව නිෂ්පාදන කරන ලද චිත්‍රපට තමා දවසගානෙ ඒවායෙ පෙන්නුවෙ. සරත් ෆොන්සේකා ට එරෙහිව ජනමනස හදන්න...
යාපා Thursday, 15 August 2019 01:27 AM
සිරිකොතේ හා අසමාජවාදීන් කුලප්පු වී ඇති බව නම් හොඳටම පෙනේ. මෙතුමාට විරුද්ධව එකම චෝදනාවක් වත් වසර 5ක් ගතවෙලත් මෙතරම් පක්ෂපාති අධිකරණයකින් ඔප්පු කිරීමට නොහැකිවීම මේ සියල්ල බොරු චෝදනා බව ඔප්පු කිරීමට ප්රමාණවත්ය.
BamunuarachchiThursday, 15 August 2019 10:59 AM
යාපා එහෙම හිතන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු සමගයි අපි මේ අදහස් හුවමාරු කර ගන්නේ. ඒ විතරක් නොවෙයි විරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාවක්වත් නැහැ.අපි පිළිතුරු දෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙත් කියලා. විරුද්ධව කියන්න දන්නා එකම දේ වහල්ලු කීම පමණයි.
Namal Thursday, 15 August 2019 01:57 AM
අනේද කියන්නේ 7/11 convenient shop එකේ වැඩ කරලා අයියා ජනාධිපති වුණාම ඇවිත් ආරක්ෂක ලේකම් වෙලා. ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ අයගේ සමාගම් වලින් වැඩකළා කියලා ලියුම් අරන් පරිගණක උපාධිය කළා කියලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහතික අරන්, මිග් අරන් ගසාකාලා, අහුවුණාම සාක්කි නැති කරලා, සාක්කිකාරයන් වැලිගම්පිටි යවලා, සල්ලි පිටරට ගිණුම් වල දාලා ස්වල්ප නැගීමක්ද මෙයා නැග්ගේ..? මහින්ද ජනාධිපතිවෙලා කරපු දේවල් මෙයා ජනපති නොවීත් කරලා අපේ හාමුදුරුවනේ. ජනාධිපති වුණාම ලංකාව උකස් කරලා හඳටත් යයි.
Ajith NissankaFriday, 16 August 2019 04:17 AM
මෙතුමා මේ රට විනාශ කරලා හඳට යන්නේ නැහැ . එයාගේ ගම රට බලා යාවි.
athula Thursday, 15 August 2019 02:45 AM
මාරු බඩු ටික එන්නද අලුත්ගමගේත් ඉන්නවා. ශා රට හදාවි සති දෙකෙන්...
Ramendra Thursday, 15 August 2019 04:17 AM
2010 සරත් පොන්සේකාට රාජපක්ෂ ඇතුළු සියලු දෙනා කියපු ඒවා ගෝඨාට වලංගුද?
upali Thursday, 15 August 2019 05:10 AM
ගෝඨාභය මැතිතුමාට එනවට අපි බොහොම කැමතියි. නමුත් පරණ විදිහටම බොරුවට බස් වලින් මිනිස්සු ගෙනල්ල මහජනතාවට කරදර වන ආකාරයෙන් කටයුතු කරන්න එපා.. පෝය දවසේ ඔබ තුමා අනුරාධ පුරයට ඇවිල්ල මහා ජනතාවට පුදුම කරදරයක් දුන්නේ. අපට අඩුගානේ ශ්‍රී මහා බෝධියවත් රුවන් වැලි සැය වත් වදින්න ඔබ තුමාගේ ආරක්ෂක කණ්ඩායම අපට ඉඩ දුන්නේ නැහැ.. කරුණාකර ඔවැනි වන්දනා කටයුතු සඳහා සෙනග අඩුවෙන් ගැවසෙන දවස් තෝරා ගත්තොත් හොදයි නේද?
CiscoThursday, 15 August 2019 06:16 AM
බොරු දාන්න එපා උපාලි මහත්තයෝ. මෙතුමා අනුරාධපුරේ ගියේ පෝයට පෙර දින... පෝය දවසේ ගියේ මහනුවර දළදා මලිගාවටයි.
vipula Thursday, 15 August 2019 06:03 AM
ජනාධිපති වරුන් කීදෙනෙක්ට කරගන්න බැරිව තිබුණු යුද්දය හැමෝම එකතු කරගෙන ඉවරයක් කරගන්න පුළුවන් කම එතකොට නාගරික සංවර්දනය , හමුදාවට අදායම ලබාගැනීමේ ක්‍රම උපායන් ක්‍රියාත්මක කරගැනීම කොතරම් රටට අලුත් වැඩද?. අනිවාර්යෙන්ම මෙතුමා රට ඉදිරියට ගෙනියනවා. කොලපාට කන්නාඩි දැන්වත් ගලවල දාන්න. ඔබේ පක්ෂය තරම් රටට අගතියක් කල පක්ෂයක් තවත් නැහැ. 30 වසරක යුද්දය ආරම්භය, වැඩවර්ජන මිනිසුන්ගේ රැකියා නැතිකර හා ඝාතන කර යටපත් කිරීම ,1983 ජාතිවාදය ඝාතන වලට යනකම් නිදාගෙන සිටීම, 88 හා 89 තරුණයන් 60,000 පමණ ඝාතනය වනකම් නිදා සිටීම, ත්‍රස්ත වාදීන්ට ආයුධ ලංකා හමුදාව ලවා ගෙන්වා ලබාදීම, ඉන්දීය හමුදා රටට ගෙන්වීම, අප්‍රේල් බෝම්බ පුපුරා යනකම් මුකුත් නොදැනීම වගේ මේවට වඩා තවත් රටට අහිත කරදෙවල් කොතරම් කලාද. මුල්වරට මාධ්‍යවේදියෝ ඝාතනයට මුල්වූයේ මෙම පක්ෂයයි. ප්‍රේමකීර්ති හා රිචඩ් ඒවාට උදාහරණ. මෙම මාධ්‍ය වේදියෝ රටට පිළිලයක් වුනේ නැහැ ,මේවා ඔක්කොම දැන් කොළ ලේ ඇගේ දුවන අයට අමතක වෙලා.
thilakasiri Thursday, 15 August 2019 06:26 AM
ජනපති බලතල 90%ක් පාර්ලිමේන්තුවට දීලා නිසා මෙවර පත්වන ජනපතිට ඕනෑ විදිහට වැඩකරන්න බැරිය. ඒ බව නොදැන බයිලා ගහනවද නැත්නම් හැටිද..? මේ ජනපති පත්වුණත් වත්මන් පාර්ලිමේන්තුව පවතින බැවින් දැනට තියන ජනපති බලතලත් සංශෝධනය කර පාර්ලිමේන්තුව සම්මත කරන අණපනත් අනුව ක්‍රියාකරන පාර්ලිමේන්තුවෙන්ම පත් කරන ජනපති තනතුර හදා ජනපතිවරණයත් නොපවත්වා ඒ සඳහා වියදම් වන මුදලුත් ඉතුරු කර පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ වියදනුත් හැකිතාක් අඩුකර ජනතා මෙහෙවර කිරීම ඊළඟ පියවරයි. නැවත ඒකාධිපති කතා මොකටද? පාර්ලිමේන්තුවට පත්කර යවන විවිධ පක්ෂවල ජනතා නියෝජිතයින් විවාද කර රාජ්‍ය යාන්ත්‍රණය සඳහා අණපනත් සම්මත කිරීම ජනතා පරමාධිපත්‍ය ක්රියාවේ යෙදෙන ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයයි. තනි අයෙකුට රටේ බලය පැවැරූ විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයයි. ජේආර් හැර සියලු ඒකාධිපති ජනපතිවරු වියරුවෙන් ක්‍රියාකළ හැටි රටවැසියෝ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. 1994 සිට ඒකාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා ජනපතිලා බලය ගත්හ. වත්මන් යහපාලනය එය අහෝසිකර ඇතිබව මෙයාලා දැනගත්තේ 2018 ඔක්තෝම්බර් 26 අගමැති එලෝපු වෙලේ අධිකරණ තීන්දුවෙන්. මෙයාලගේ රාජ්යතන්ත්ර ඥානයේ තරම තමයි.
Asanga Thursday, 15 August 2019 06:32 AM
රටට අවශ්‍ය නව නායකත්වයක්... නැතුව පරණ හොරු ටිකයි, අලුත් හොරු ටිකයි මාරු කරන එක නෙවෙයි. අපේ දරුවන් ගැනවත් හිතලා අලුත් රටක් හදමු. මේ ඔක්කොම අයින් කරලා. නැත්නම් ඔවුන් අපිට දිනයකදී සාපකරයි. අනාගතය ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්...
විජිත් Thursday, 15 August 2019 09:10 AM
අසංග මල්ලි ඔබ හරි.... ඒ නායකත්වය දැන් ගොඩ නැගෙනවා.. එජාප කියන්නේ එ්කයි. එය වෘත්තිකයින් රාශියක් එකතුවෙලා බිහිකරගත් සංවිධානයක්. සර්වෝදයේ මග පෙන්වීම මත තමයි එය සංවිධානය වන්නේ... කොහොමත් තව මාසෙකින් විතර ඒ අය සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරාවි. එතකොට රටේ මිනිස්සු 'සුනාමියක්' වගේ ඒ අය වටා එක්වේවි...!!!
anura Thursday, 15 August 2019 08:30 AM
මේකේ ගෝඨාට ගරහන සංවිධානාත්මක මඩ ගැසීමක් තමා වෙන්නේ...!!!
බද්රානි Thursday, 15 August 2019 09:02 AM
දූෂණ, වංචා පමණක් නොවෙයි, මිනීමැරුම් වලින් පවා හොඳටම මඩ නාගෙන ඉන්න, ඝෝඨාභයට ආයේ අමුතුවෙන් මඩ ගහන්නේ මොකටද මහත්තයෝ? විනෝදාංශයට මෝරුන් ඇතිකරන අය ගැන එහෙම අහලා ඇතිනේ? නිකමට වගේ ඉඩිඅමීන් ගැන ලියලා තියන පොතක් හොයාගෙන කියවා ගන්නකෝ? ඔබට පමණක් නොවෙයි, වහල් මනසකින් යුත් බොහෝ අයටත් එවිට, යමක් අවබෝධ වෙයි..
BamunuarachchiThursday, 15 August 2019 10:43 AM
මෙයාට මඩ ගහනවා කියන්නේ දෙමලයි, හම්බයයි හෝදනවා කියන එකයි.
sirimal Thursday, 15 August 2019 09:23 AM
පොදුජන පෙරමුණේ ඒකාධිපති වාදයට අකමැති සියලුම දෙනා සිරිකොතේ ගැත්තන් ලෙස හිතන මිනිස්සු ගැන නම් හරිම කණගාටුයි. මෝඩකමට බෙහෙත් තවම හොයාගෙන නැති බවයි කියන්න ඇත්තේ. ඔන්න හොඳ ආරංචියක් එහෙනම්. රවී කරුණානායක එජාපයේ 8 දෙනෙක් එක්ක මහින්ද රාජපක්ෂ හමුවී තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා සජිත් වුනොත් ඔවුන් පොහොට්ටුවට සහය දෙන බවයි කියන්නේ. දැන් සතුටුද?
piyalThursday, 15 August 2019 10:30 AM
බලය ලබා ගන්න බැරුව එකිනෙකාගේ කරපිටින් බලයට ඇවිත් මේගොල්ලෝ රට කෑවා.එක්කෙනෙක් මහබැංකුවට දාල ඒක සුද්ධ කළා. රටේ ආරක්ෂාව නැති කළා. ඔය කෑගහන පුද්ගලයට තියෙන සුදුසුකම මොකක්ද ජනාධිපති අපේක්ෂක වෙන්න? හදවලා තියෙන ගෙවල් වල හැටි බලන්නකෝ. හරක් මඩු වගේ. නිකම් පිම්බුවාට අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා කියන කතාව බොරුද? හොයල බලන්න. අපිටනම් මතකයි කැලෑවලට වෙලා කඳවුරු බැඳගෙන දුටුගැමුණු රජතුමාගේ කඩුව හෙව්ව කාලේ සදාකල් රජ වෙන්න. ඔයා ඒකාධිපතිවාදය කියන්නේ මොකක්ද කියලා ඔබලාගේ නායකතුමාගෙන් අහල බලන්න.
sirimalThursday, 15 August 2019 12:45 PM
ඔබත් ඒ ජාතියේම වගෙයි පෙනෙන්නේ. කවුරුන් හෝ වේවා රටට අගතියක් කරනවා නම් ඒ බව පෙන්වා දීම තවත් කෙනෙකුට කඩේයෑමක් නෙවේ. මධ්‍යස්තව සිතාබලා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට කාටත් අයිතියක් තියෙනවා. එවැනි අදහස් අනුමත නොකිරීම වරදක් නෙවේ. නමුත් ඒවා රුස්සන්නේ නැතුව "අරයට කඩේ යනවා... මෙයාට කඩේ යනවා..." වැනි ප්‍රලාප දෙඩීම තමන්ගේ නූගත්කම පෙන්වන්නක් පමණයි කියලයි කියන්න තියෙන්නේ. පොහොට්ටුව අනුමත නොකරන එක එජාපයට කඩේයෑමක් හෝ එජාපය අනුමත නොකරන එක පොහොට්ටුවට කඩේයෑමක් ලෙස අර්ථ ගැන්වීම මෝඩකමක්.... කවුරු කළත් වැරැද්ද වැරැද්දක්මයි.
kamil Thursday, 15 August 2019 09:53 AM
යකෝ මේක මාර කෙලියක් නේ රාජපක්ෂලා විතරයි රට පාලනය කරන්න සුදුස්සෝ. අනේ මන්ද? මේ අබුද්දස්ස කාලේ වගෙයි.
Rata Perata Thursday, 15 August 2019 10:52 AM
තමන්ගේ හිත හදාගන්න බැරුව අනුන්ගේ ශක්තිය ගැන කතා කරන එක පිස්සුවක් වගේ.
Bamunuarachchi Thursday, 15 August 2019 11:30 AM
හැබැයි රාජපක්ෂ මහත්තයෝ කෙනෙක් ඉදිරියේ පුටුවේ වාඩි වෙන්නේ ඔහොම නොවෙයි. ඔහොම ගෙදර වාඩි වෙන්න පුළුවන්...
නන්දසේන රාජපස්ස Friday, 16 August 2019 11:59 AM
මට වාඩිවෙන හැටි කියාදෙන්න ඔයා කව්ද...? අපි ලොක්කෝ. අපිට තමයි ආසන පනවලා තියෙන්නේ.
BamunuarachchiSaturday, 17 August 2019 04:09 AM
බුදුන්ගේ කාලයේත් ආනන්ද හාමුදුරුවන්ගේ සිවුරු පට බිම ගෑවෙනවා කියා කුඩා හාමුදුරු නමක් කීවාම ආනන්ද හාමුදුරුවෝ ස්තූති පූර්වක එය බාරගත්තා කියා බෞද්ධ සාහිත්‍යයේ කියා තිබෙනවා. මේ පිළිතුර ප්‍රමාණවත්ද? අකුල් අතරේ වෙන අසනීපයක් නැතිනම් ඔය විදිහට වාඩිවීම අසෝබනයි නේද?