රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව 2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දුෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාව සිදු කරනු ලබයි.
එබඳු චෝදනා සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.
විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්දේ ඉකුත් ජනවාරි 17 වැනිදායි.
ඉහත සඳහන් එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංගී‍්‍රසි භාෂාවෙන් ,ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දුෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02, දෙවෙනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ලිපිනයට යොමු කළ හැකිය.
සියලූ පැමිණිලි 2019 මාර්තු 07 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළයුතු අතර එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම සහ ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත‍්‍ර අංකය සියලූම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය.
තව ද ඔහු හෝ ඇය සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ද ඉල්ලා සිටිය හැකිය.
කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන/ පුද්ගලයන්ට 011-2665382 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී 2019 මාර්තු මස 07 වන දින හෝ ඊට ප‍්‍රථම දිනයක් නියම කර ගත හැකිය.
කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(36698)
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති කොමිසම පැමිණිලි බාර ගැනීම අරඹයි
asoka Saturday, 09 February 2019 07:28 AM
මොකද ඕක අවරුදු දෙකකට කලින් කරේ නැත්තේ? තව තියෙන්නේ මාස ගණනක්නේ මහත්තයෝ... තැපෑලේ ලියුම් එන්නත් කල් මදි...