IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ඕස්ට්‍රේලියානු අගමැතිට සංවේගය පළකරයි

(නාලක සංජීව දහනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (07) ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට දුරකතනයෙන් අමතමින් ලැව්ගිනි හේතුවෙන් එරටට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් තම සංවේගය පළකර තිබේ

ලැව් ගිනි හේතුවෙන් නෑ හිතවතුන් අහිමිවූ පවුල් වෙත තම ශෝකය පළ කර ඇති ජනාධිපතිවරයා 2004 වසරේ බලපෑ සුනාමියෙන් හා වරින් වර ඇතිවන ගංවතුර ඇතුළු ස්වාභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ලංකාවේ ජනතාවට ඕස්ට්‍රේලියානු ජනයා මේ මොහොතේ විඳින වේදනාව තේරුම්ගත හැකි බවද පවසා ඇත.

මෙම ආපදා අවස්තාවේදී ඕස්ට්‍රේලියානු ජනයා වෙත මෙරටින් තේ තොගයක් පරිත්‍යාග කරන බවද එහිදී ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට පවසා තිබේ.

සාමාන්‍යයෙන් වසරේ මෙම කාලසීමාවේදී ලැව්ගිනි හට ගැනීම ඕස්ට්‍රේලියාවට සාමාන්‍ය දෙයක් වුවද මෙවර හටගෙන ඇති ලැව්ගිනි පෙර වසරවලට වඩා බියකරු හා විනාශකාරීවී ඇත. මෙම ලැව්ගිනි හේතුවෙන් දැන්ට පුද්ගලයන් තිස්දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතරලක්‍ෂයකට වඩා වැඩි වනසතුන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.



අදහස් (0)

ජනපති ඕස්ට්‍රේලියානු අගමැතිට සංවේගය පළකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site