(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ගුණවර්ධන මහතා මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවද පැවැසුවේය.
එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඔහු හමුවී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහාද මූලික කටයුතු කරගෙන යන බවත් තුෂාන් ගුණවර්ධන මහතා කීවේය.
මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
-
ඇමතිලා දෙන්නම දැන් තිගැස්සිලා බයිලා කිය කියා ඇවිදිනවා.
වැඩක් වෙන්නෙ නැහැ මහත්තයො , අර සිනි වලින් ගහපු වැඩේට වෙච්ච දේ මතක නම් , ඔය එක වල්ලෙ පොල්.
වැඩක් වෙයිද?
බොරුකයිය නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට ගොස් පැමිණිලිකරන්න. ජනාධිපතිට කියනවා කිය කිය කල්මරන්නේ නැතිව. අන්න බන්ධුල ගුණවර්ධන නම් ඔබට විරුද්ධව පැමිණිල්ලක් දාලා කියලා මාධ්‍යට කිව්වා. එතුමත් එක්ක රූපවාහිණියේ විවෘත සංවාදයකට ආරාධනා කරන්න. ඔබට එසේ කරන්න බැරිනම් ඔබත් දේශපාලඥයෝවගේ බේගල් ඇදබාන්නෙක් විතරයි.
කවුරුන් අවංකද කවුරුන් වංකද යන්න දන්නේ ඒ ඒ අයගේ යටි සිත බව නොරහසකි. බන්දුල පිලිබදව ඉතිහාස පිටු පෙරලිමේදී උන්දැගේ වංචා වැඩ, ජඩවැඩ හොරා කෑම්, කොමිස් මෙන්ම අතයට ගනුදෙනු "පිළිබද ගිණුමේ ශේෂය ( අද දින දක්වා ) නම් බිංදුව" බව කව්රුත් දන්නා කරුණකි. එනමුත් අනිත් කෙනා ගැන නම් ඉතිහාස පිටු අස්තානගතවී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් මහජන මුදල් හොරාකන එවුන් ලක්ෂේට කොඩිය දාගෙන හිටියත් විදවන්නේ සිල්ලර ලෙස නොව තොග වශයෙන් බව එවැනි හොර හැත්ත පිලිබදව ඉතිහාසයේ හොදින් ලියා ඇති බවත් කිව යුතුය.
හොරාගේ අම්මාගෙන් පේන ඇහැව්වා වගේ වෙයිද? ඔබතුමන් කොතරම් නිවැරදි හෝ සත්‍ය තොරතුරු පැවසුවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනයා වෙනුවෙන් පෙනී සිටින කාදිනල් තුමන් හටද මෑතකදී සිට මඩ සහ ව්‍යාජ චෝදනා නගමින් සිදුකරන පීඩනය හා නොදෙවැනි තත්ත්වයකට මුහුණු දීමට ඔබතුමන්ට ද සිදුවන බැවින් විමසිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත...
එහෙමවත් කියලා බලන්නකෝ.හැබැයි ඉතින් ඒ සියලු දෙනාම එක රෑනේ කුරුල්ලෝ.
මහජනතාව ගොනාට අන්දවන්න බැ. සියල්ල හෙලි කරන්න
මුලින් නම් මෙතුමා ගැන යම් පැහැදීමක් තිබුණා. දැන් නම් මීට විරැද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ධුරයේ ඉද්දි බැරි නම් දැන් කියඒ් විශ්වාසේ නැති වෙලා . කියව ගිහින් අල කන්න ද?. ජනාධිපතිට ලකුණු දාන්න හදනවා වගේ පේන්නේ.