(නිමල කොඩිතුවක්කු)
නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් සජිත් පේ‍්‍රමදාස මහතා නිල මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම මෙම අමාත්‍යවරුන් හරහා සිදුවන බව වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ අපේ සර් ඇහුවා ළමයි දන්නවද 'සංඛ්‍යා ලේඛන ගැන කියලා. අපි උඩ බලාගෙන ඉන්නකොට සර්ම උත්තර දුන්නා 'ළමයිනේ, බොරු වර්ග තුනක් තියෙනවා, අනු පිලිවෙලින් ගත්තොත් සාමාන්‍ය බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යා ලේඛන කියලා. මෙතන මේ තුන් දෙනෙක් පත්කරලා ඇත්තේ ඒ අංශ තුන බාරව වෙන්න ඕනෑ. හැබැයි අනික් අපේක්ෂකයෝත් එහෙම අය දැනටමත් පත්කරගෙන ඉන්න බව අපට හොඳින්ම පේනවා...
කියන්න දේවල් ගොඩක් ඇති. ඒකයි තුන්දෙනේක්ම දාගෙන ඉන්නේ. මේගොල්ලෝ ඉස්සර " ප්‍රකාශ " කරපු දේවල් ගැන හිතනකොට නම් කියන්න වෙන්නේ මෙදාපාර මොන මොන බහුබූත " ප්‍රකාශ කරයිද " කියල හිතා ගන්න එතරම් අමාරු වෙන එකක් නැහැ කියලයි.
මංගල සමරවීර තමයි පට්ටපල් බොරු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ.
හැබැයි අර කෙහෙළියට වඩා නම් හොඳ ඇති...
ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා " කෝකියෝ වැඩි වුණාම සුප් එක නරක්වෙනවා" ය කියලා. එ්ක වෙයිද?
කුරුඳු පොලු සහ බැඳුම්කරෙන් සල්ලි හොරා කාපු එවුන් 2ක් පත්කරලා ප්‍රචාරයට...
අනේ අප්පච්චි මලෝටත් එකක් දෙන්න.
අවුල් වගේ...
පත්කර ගන්නවකෝ එජාපයේ හැත්ත බුරුත්ත ඔක්කොම අපිට මොකෝ කියලා බලන්න...
තුන් දෙනාම වදකාරයෝ... ජය නියතයි...!!!
මේ මාධ්‍ය ප්‍රකාශකවරු 3 දෙනාම දන්නවද ගෝඨාභය කිව්වා යුද්දේ කළේ හමුදාපති සහ හමුදාව කියලා.. ගෝඨාභයයි, මහින්දයි නෙමෙයි කියලා... එහෙනම් මේ වහල්ලු පට්ට පඳුරු බොරුනේ කියන්නේ.
මෙලෝ හසරක් නොදත් වන්දිභට්ටයෝ ........?