IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනපති - අගමැති නව ලේකම්වරු 19 -20 වැඩ බාර ගැනෙති

(අජන්ත කුමාර අගලකඩ)

වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව ඇත .

මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අනිද්දා (19)වැඩ බාර ගැනීමට නියමිතය .

ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඉල්ලා අස් වූ අතර ,ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ලැබීය

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කළේය .

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි .ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

 



අදහස් (4)

ජනපති - අගමැති නව ලේකම්වරු 19 -20 වැඩ බාර ගැනෙති

sam Monday, 17 January 2022 04:43 AM

මම පිලිගන්නවා නායකයාට ගැලපෙන්න ලේකම් කෙනෙක් ගන්න පුළුවන් වෙන්න ඕන කියල. නමුත් දේශපාලන හෙන්චයියන් පත් කරගන්නවානම් නායකන් සම්පුර්ණ වගකීම ගන්න ඕන

:       0       0

Jay Monday, 17 January 2022 07:10 AM

මේකටත් උත්සවයක් තියමු. සල්ලි චුට්ටනේ යන්නේ

:       0       0

fairoos Monday, 17 January 2022 12:26 PM

ලේකම්ලා මාරු කරාට වැඩක් නැහැ .අපි පත් කරපු (දේශපාලකයන් )මේ වැඩ බැරි ටාසන්ලා ඉන්නකම්

:       1       4

දිසා....ගම්පහ. Monday, 17 January 2022 01:27 PM

විය යුත්තේ මෙයයි. වයස අවුරුදු 60 / 70 පැන්න වයසක මහල්ලන්ට ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් සහ වගකීම් සහිත අමාත්‍යාංශ සහ ආයතනයන්හි ලේකම් ධුර මෙන්ම සභාපතිධූරය, අධ්‍යක්ෂ ධූර ලබාදීමෙන් ගනු ලබන තීරණ පවා වැරදි සහගත විය හැකිය. මන්ද ඔවුන් විශ්‍රාමිකයින් බැවින් ඉන්ද්‍රියන් නිසියාකාරයෙන් ක්‍රියා නොකරන බැවිනි. විශ්‍රාම යන දක්ෂ නිලධාරීන් පමණක් උපදේශක වැනි තනතුරු සඳහා තබා ගැනීමේ වරදක් නැතත් අමාත්‍යාංශ ලේකම් වැනි තනතුරු නොදිය යුතුය. එම තනතුරු සඳහා තරුණ දක්ෂ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව සලසා දීම විය යුතු අතර එය රටේ කාර්යක්ෂමතාවයට හේතු වනු ඇත.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site