(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ අවස්ථාවේ කාර්යභාරය වන්නේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී එන අභියෝගවලට මුහුණදීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී අද (27) දහවල් පැවැත්විණි.
පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සංශෝධනය කෙරුණු නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද එහිදී සිදුවිය.
ඒ අනුව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පත් කරන්නට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත්කිරිමට විධායක සභාවේ අනුමැතිය ලැබිණි.
COMMENTS
ඔබතුමාට නම් හදිසි නැතුව අැති අපට නම් ඉතා හදිසියි ඔයාව අයින් කරලා වෙන කෙනෙක් පත් කර ගන්න .
මම හිතුව ජනාධිපතිවරනෙට තව කල් තියෙනවා ඒ නිසා අපි රට වෙනුවෙන් දැන්වත් වැඩක් කරමුයි කියල කිව්වා කියල. නෑ නෑ තවත් රටට වැඩක් කරන්න නෙවෙයි සැලසුම් කරන්නේ පක්‍ෂය ශක්තිමත් කරන්නයි සැලසුම් කරන්නේ. මමනම් කියන්නේ රටට වැඩක් නොකරපු පක්‍ෂයි ඒවායේ ඉන්න එවුනුයි මේ රටින් ඉක්මනින්ම චුත වේවායි කියලයි. මේ රටට හොද කලක් යන්න නම් මොවුන් එක්ක කරන්න බැහැ.
ඒ පාර මොකාටද මෙයා එන්න හදන්නේ.
ඔළුගෙඩි මාරුකිරීමේ ක්‍රමය.
බුදු අම්මේ හදිස්සියි නේන්නම්, වෙලා තියෙන නස්පැත්තියෙන් බේරෙන්න බලන් ඉන්නව.. මේක නම් කල් දාන්න එපා රජෝ... පවුල් පිටින් මහා සාපෙකට අහුවෙන්න වෙන්නෙ...
නිදහසේ පාවා දෙන්නන්ගේ පාරාදීසය.
ඒ කියන්නේ ඔබතුමාට ජනාධිපතිවරණය ට ඉදිරිපත් වෙන්න පැහැදිලි විශ්වාසයක් නැතිකම නිසා නේද?
මට හිතුන ඕක වෙයි කියල මහබැංකුවේ අධිපති තුමා ඉදිරි ආර්ථික සංවර්ධන වේගේ ගැන කියද්දීම. කට කැඩෙනකල් එතුමාට කිව්වා ගණන් හිලව් කියන්න එපා කිව්වොත් මේගොල්ලෝ දාලයන්න හොර වෙනවා කියල. කොහෙද ඇහැව්වේ නැහැනේ? දැන් ඉතින් තව කට්ටියකට පස් අවුරුද්දෙන් පැන්සොන් එකත් හදාගෙන, තීරු බදු නැතුව කාර් ටිකක් එහෙමත් අරගෙනම මාරුවෙයි.
ඔවු ඔවු ඒ උනාට මිනිසුන්ට ගෙදර යන්න හදිස්සිය්නේ.
ඒ උනාට අපිට හදිසියි නේ.
සර්ප්‍රයිස් එකක් වෙයි වගේ...
අපේ රටේ විධායක ජනාධිපතිධුරය සහ පළාත්සභා දෙකම අහෝසි කළයුතුයි. අනෙක ලබන පාර පත්වෙන විධායක ජනාධිපතිට මහලොකු බලයකුත් නැත්නම් මොකටද රටේ ජනතාවගේ මුදල් කෝටි ගණනක් ඡන්දයකට වියදම් කරන්නේ...
අනේ පව් නොදී යනවද?