Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 28 වන අඟහරුවාදා
(පුෂ්පකුමාර ජයරත්න)
ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙකු නඩත්තුව සඳහා රටේ මහජන මුදල් වියදම් නොකරන බවත් ඔවුන් නඩත්තුව සඳහා මහජන ආරක්ෂණ අරමුදලකින් දීමනාවක් පමණක් ගෙවීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (11) කුරුණෑගල පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.
මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් සේම මියගිය ජනාධිපතිවරුගේ දරුවන් සහ භාර්යාවන් නඩත්තු කිරීම සඳහා මේ වනවිට අති විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පටන් මහින්ද රාජපක්ෂ මහතා දක්වා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ට තනතුරෙන් ඉවත් වීමෙන් පසුව වාසය කිරීම සඳහා සැප පහසු නිවාස පවා ලබාදී ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමටත් පෙරම ඉදිරියේ වාසය සඳහා කොළඹින් මේ වනවිට සැප පහසුකම් සහිත සුවිසල් නිවසක් ඉදිකරගෙන ඇති බවද පැවසීය.
එබැවින් මේ ආකාරයට මහජන මුදල් කොල්ලකෑම සඳහා ඉදිරියේදී ඉඩ නොතබන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී විශ්‍රාම යන සහ විශ්‍රාම ගොස් සිටින සියඵම ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් නඩත්තුව සඳහා සමාජ ආරක්ෂණ අරමුදලකින් පමණක් නඩත්තු දීමනාවක් ගෙවීමට පියවර ගන්නා බවද පැවසීය.
කුරුණෑගල නගර සභාවේදී අද (11) පස්වරුවෙය් පැවැති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් ජනාධිපති ප්‍රචාරක රැස්වීමට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
Bamunuarachchi Wednesday, 11 September 2019 02:35 PM
අදහස හොඳයි. එතකොට හිටපු මන්ත්‍රීවරු? ඒ ගොල්ලන්ව නඩත්තු කරනවා නේද? මොකද තමන්ටත් කෙලවෙනවනේ. නේද?
Reply : 1366 891
Vajira Wednesday, 11 September 2019 03:46 PM
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න කියලා ජවිපෙ නිතරම කියන දෙයක්. කුහක වෙන්න එපා බමුණෝ. හරි දේට හරි කියන්න. හොඳ දේ අගය කරන්න.
Reply : 532 1251
Bamunuarachchi Thursday, 12 September 2019 01:25 AM
කටේ පිට්ටුද? එහෙනම් කියනවකෝ හිටපු සියලුම මන්ත්‍රීලගේ, අැමැතිලගේ, ජනාධිපතිලගේ පහසුකම් ඉවත් කරනවා කියලා. කව්ද දන්නේ පැන්ෂන් එක වැඩි වුණාම ඒ පරණ අදහස ඇත හැරලද කියලා. දෙමල්ලුන්ටයි, මුස්ලිම් අයටයි සම තැන දෙන්න හදන මොවුන් කාටද විශ්වාස? විකාර කියන්න එපා හලෝ...
240 79
MGJ Thursday, 12 September 2019 07:26 AM
හොඳ අදහස... තව තියනවා පොරොන්දු, මන්ත්‍රී පැන්ෂන් නතර කිරීම, මන්ත්‍රී වෙන්න සුදුසුකම් අඩුමගානේ උසස්පෙලවත් අගමැති වෙන්න අවම සුදුසුකම උපාධියක්, ජනාධිපති වෙන්න අවම සුදුසුකම උපාධියක්...
0 0
ගල්බමුනා Wednesday, 11 September 2019 04:07 PM
අපේ මහින්ද මහත්තයට ආණ්ඩුවේ පින් පඩි ඕනෑ නැහැ. එතුමා පරම්පරා 7කට සෑහෙන්න හම්බකරගෙන ඉන්නේ. මැදමුලන කුඹුරු ටික අස්වද්දලා...
Reply : 179 635
Bal Gamuna Thursday, 12 September 2019 01:49 AM
අැයි එච්චරද? අපිට ලොකු හෝටලයකුත් තියෙනවා ඕයි මැද පෙරදිග. තවත් ඕනෑ නම් කියන්නං...
54 152
Bamunuarachchi Friday, 13 September 2019 04:30 PM
ඒ විතරක්ද? ලැම්බෝගිනි, ප්ලේන්, රත්තරන් අශ්වයෝ... පුත්තලම් බූරුවෝ... මේවා දකින්න අලියාගේ නැට්ටේ එල්ලිලා ගියානේ...
0 0
Sanath Kandy Thursday, 12 September 2019 04:22 AM
බමුණා අනුරට කෙළ වෙනකන් බලා හිටියට කෙලවෙලා තියෙන්නේ අපිටම තමා කියලා තේරෙන්නේ නැති ඒක තමයි පුදුමේ. රටටම කෙලවෙලා තියෙද්දී මේ බමුණන් තවත් හොරුන්ට කඩේ යනවා. මෙදා පාර රටේ අපේක්ෂාව අනුර කුමාර දිසානායක... අපේක්ෂාවේ අපේක්ෂකයා.
Reply : 1 180
sene Thursday, 12 September 2019 04:47 AM
ජවිපෙ හැමදාම අල්ලා ගත්තේ වැරදි තැනින්. ඕවා කරන එක හොඳයි. හැබැයි වඩා වටින්නේ රට සංවර්ධනය කරන විදිය කියනවා නම්... කලින් ඇමැති වෙලා ඉන්න කාලේ ජවිපෙ ඇමතිවරු එක වාහනේ යනවා කියලා සෝබන වැඩ කළා. අන්තිමට ඇමැති ඉතිරි කරපු බිල ආයතනේ වියදමට දැනුනෙත් නැහැ. දාහක් ඉතිරි කරනවට වැඩිය ලක්ෂයක් හොයන්න සැලසුමක් හදන්න මහන්සි වෙන්න...
Reply : 121 166
Sanath Kandy Thursday, 12 September 2019 06:01 AM
සෙනේ, අමතක කරන්න එපා. අනුර කුමාර කෘෂිකර්ම ඇමති වූ කාලේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ගත්තේ. පොහොර සහනාධාරය දීලා පුරන් කුඹුරු ආපහු වගා කළේ. හැමදාම පාඩු ලබපු මිල්කෝ ආයතනය වාර්තාගත ලාභයක් ලැබුවේ... රට පුරා කිරිගොවි ගම්මාන හදලා මිල්කෝ එකේ ලාභයෙන් ඒ කිරි ගොවීන්ට පාරිතෝෂික දීමනා දුන්නා. ජවිපෙ රටට වැඩකරලා පෙන්නලා තියෙනවා. සුනාමිය ආපු වෙලාවේ විපතට පත් වුණු මිනිසුන්ට උදව් කරලා ඒ පළාත් පිරිසිදු කරලා ගොඩ ගත්තේ ජවිපෙ. දවස් 52කින් විනාශ වූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කළේ ජවිපෙ වෘත්තීය සමිති. අදටත් ගංවතුරක් ආවොත් ගිහින් ඒ මිනිසුන්ට උදව් කරන්නේ ජවිපෙ... ඒ මිනිස්සු ජවිපෙට කළගුණ සලකන්න කාලේ ඇවිත්...
327 381
sene Thursday, 12 September 2019 07:02 AM
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව 2004/2005 අස්වෙන්න බුසල් මිලියන 155ක් වෙද්දී 2014/2015 එම කාලේ බුසල් මිලියන 230ක්... 2017/2018 එම කාලේ බුසල් මිලියන 188ක්...
0 0
chinthaka Thursday, 12 September 2019 10:05 AM
මම හිතන්නේ මෙයා මේ කියන්න ඇත්තේ මහජන මුදල් ජනාධිපතිවරුන් නඩත්තුවට යොදාගන්නේ නැතුව පුංචි අම්මලාව නඩත්තුවට යොදාගැනීම ගැන වෙන්න ඇති...
Reply : 39 0
dinesha Wednesday, 11 September 2019 02:36 PM
බොරු බියිලා වැඩක් නෑ. පුළුවන් නම් මන්ත්‍රීවරු අවුරුදු 5 විශ්‍රාම යන එක වළක්වන්න. ඒවා කරන්න කියන්නේ නෑ මොකද එතකොට මෙයාටත් වැඩේ වරදිනවනේ...
Reply : 189 306
Sanath Kandy Wednesday, 11 September 2019 03:56 PM
දිනේෂා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර කාලය අවුරුදු පහට වඩා දික් කරන්න කියලද? එහෙම කළාම මෙයාට වඩා වරදින්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. ජවිපෙ කොහොමටවත් එ්කට එකඟ වෙන්නේ නැහැ. ඔයාගේ බයිලා කාටවත් තේරෙන්නේ නැහැ දිනේෂා. අනුර කුමාර ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරු හයදෙනා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න කාර්යක්ෂමම මන්ත්‍රීවරු. ඒ නිසා එයාලට ඡන්දෙ දීලා පත්කරපු අයට කවදාවත් පසුතැවිල්ලක් නැහැ.
Reply : 1056 1301
Buddika Wednesday, 11 September 2019 02:53 PM
ඔබ දිනුවොත්, එය කළ හැකි නම් විශිෂ්ඨයි. මොකද ආරක්ෂාව උපරිමයෙන් දීලා, රජයේ සම්පත් දීලා එයාලා වැඩකරන්නේ රජයට විරුද්ධව. රජයේ වැඩ කඩාකප්පල් කරන්න. විශ්‍රාම ගිහින් ඒ ගෞරවය තියාගෙන ඉන්නවා නම් කමක් නැහැ. ඒත් කරන්නේ සියල්ල අවුල් කරන වැඩ.
Reply : 182 324
Nissanka Wednesday, 11 September 2019 04:17 PM
විශ්‍රාම වැටුපට අමතරව නිල නිවාස, නිල වාහන, ආරක්ෂක හමුදා විතරක් නෙවෙයි විදේශ සංචාර පවා යන්නේ ආණ්ඩුවේ වියදමෙන්. මෙහෙම මහජන මුදල් ගසාකෑමක් ලෝකේ වෙන කිසිම රටක නැහැ. මේ වගේ නාස්තිකාර වියදම් නැවැත්තුවොත් රටේ සංවර්ධනයට ඒ මුදල් යොදවන්න පුළුවන්. ලෝකෙට ණය නොවී. අපිට මතකයි අනුර දිසානායක ඇතුළු ජවිපෙ හතර දෙනෙක් අමාත්‍ය ධුර දරන කාලේ එක ඇමති වරයෙක් එක ඩබල් කැබ් රථයක් විතරයි පාවිච්චි කළේ. ඒ වගේ කැපකිරීම් කරන්න පුළුවන් අයට විතරයි මේ රට ගොඩනගන්න පුළුවන්...
Reply : 78 702
sam Thursday, 12 September 2019 01:57 AM
"මෙහෙම මහජන මුදල් ගසාකෑමක් ලෝකේ වෙන කිසිම රටක නැහැ" - ඕස්ට්‍රේලියාවේ යම්කිසි පහසුකම් මෙහෙම දෙනවා. හිටපු අගමැතිවරුන්ට, ඇමති සහ මන්ත්‍රීවරුන්ට ඔවුන් දරාපු නිලය අනුව එසේ ලැබෙනවා. විශ්‍රාම වැටුප් හෝ EPF වගේ දීමනාව, කාර්යාල සහ ගුවන් ගමන් පහසුකම් ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේ දෙන තවත් රටවල් ඇති. ඒ නිසා හරියට හොයලා මේ ප්‍රකාශය කරන්න.
101 63
Dr. Vajira Fernando Thursday, 12 September 2019 04:11 AM
සෑම්ට කියන්න පුලුවන්ද ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබොට්ට නිල වාහන කීයක් දීලා තියෙනවද? කියලා.. ආරක්ෂකයෝ කී දෙනක් දීලා තියෙනවද කියලා? ඒ වගේම මතක් කරන්න කැමතියි ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 59,655.00 ක් වන අතර ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,103.00 ක් විතරයි.
1 141
Bamunuarachchi Thursday, 12 September 2019 01:34 AM
දිනන එක තමයි ප්‍රශ්නය. මෙයා කරන්නේ පරණ පුරුදු විදිහට එජාපෙට සහාය දැක්වීම. මොවුන් මේ එන්නේ ඝෝඨාභයට විරුද්ධව මිසක් දිනන්න නොවෙයි. දිනන බැරි බව මේ ගොල්ලෝ දන්නවා.
Reply : 213 197
ජුතක බමුණා Thursday, 12 September 2019 06:49 AM
ගිය සැරේ අපේක්ෂකයෙක් නොදා හිටියම කිව්වා යුඑන්පීයට වාසි වෙනවා කියලා. මේ සැරේ අපේක්ෂකයෙක් දාන්න යනකොටත් කියනවා යුඑන්පීයට සහාය දෙනවා කියලා. මේ බමුණන්ට දැන් උතුර, දකුණ මාරුවෙලා ඉන්නේ... ජනතා බලවේගයේ තරම දැකලා..
0 0
Raveendra Wednesday, 11 September 2019 03:21 PM
අනුර මලයගෙන් තව ගොඩක් පැනයන් තියනවා පිළිතුරු ලබා ගැනීමට. නමුත් අප මුලින් අසන ලද පැනයන්වලට ඔහෙම අවංකවම පිළිතුරු ලබාදෙයි යන්න අපගේ විශ්වාසයයි. ඔහේගේ අයගෙන් නම් අපට ඒ සඳහා පිළිතුරු අවශ්‍ය නැත. කෙලින් කතා කරොත් හොඳයි මල්ලියේ... එය රතු මලයාගේ ඇඟටත් හොඳයි.. අපට බබා පාට් දාන්න නම් එපා මලයෝ මිහරකුන් 225 ම අප හොඳින් හදුන්වනවා හොඳේ..
Reply : 298 431
Nissanka Thursday, 12 September 2019 04:16 AM
ජවිපෙ නායකයෝ කවදත් කෙලින් කතා කරන අය තමයි රවින්ද්‍ර. 225 දෙනාගෙන් ඔයාලා ඡන්දෙ දීලා පත්කරපු අය ගැන ඔයාලට කලකිරීමක් තිබුණට පාර්ලිමේන්තුවේ කාර්යක්ෂම මන්ත්‍රීවරු 6දෙනා පත්කරපු අපිට නම් ඒ අය ගැන ආඩම්බරයි...
Reply : 124 128
Mahee Thursday, 12 September 2019 06:50 AM
ඔබ කියන්නේ ඔවුන් අවංකයි කියලද? 20වැනි සංශෝධනේ ආණ්ඩුව ගෙනා වෙලාවේ ජවිපෙ රට පුරාම කියකියා ගියා. ඔවුන් එ්කට පක්ෂයි. හැබැයි ජනමත විචාරණයකින් අනුමත වෙන්න ඕනෑ කියලා. රැස්වීම් වලත් කිව්වා.. ප්‍රවෘත්ති සාක්ච්ඡාවලත් කිව්වා. සංඝනායක හිමිවරුන්ටත් කිව්වා නේද? නමුත් 20 සංශෝධනය අභියෝගයට ලක්වුණු වෙලාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් විජිත හේරත් මොකද කිව්වේ..? අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් මේක සම්මත කළ හැකියි කිව්වා... ඇයි මහජනයාට බොරු කිව්වේ? කෝ ඔබ කියන අවංකකම? මහත්තයෝ 225ම පල් හොරුතමයි. අපි හරි කැමතියි රැවටෙන්න. රැවටිලා උන් පෙන්වන ඒ මායා ලෝකයේ සැරිසරන්න. අපේ ඇස් බැඳලා තියෙන්නේ. අපේ කන්වලට බොරුව පුරුදු වෙලා තියෙන්නේ. කොටින්ම, නිස්සංක මහතාණෙනි, අපි වහල්ලු. අපි ඒකෙන් මිදෙන්න උත්සාහ කරමු.
0 0
Raveendra Thursday, 12 September 2019 11:20 AM
Nissanka මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව අප කණගාටු වෙනවා අප විසින් අසා තිබුණු පැනයන් සහිත අදහස් මෙහි පලනොවීම පිළිබඳව. ඒවා ඔබට කියවීමට හැකිවූයේ නම් ඔබ මෙසේ අදහස් ප්‍රකාශ නොකරන බව අපට විස්වාසයි. අප කිසිවිටකත් හැලිවඳුරන් 225 දියවන්නා ඔය අනාථ මඩමට යැවීමට අපගේ වටිනා ඡන්දය දැනට දශක 2 කටත් වැඩි කාලයක සිට භාවිතා නොකළ බව සඳහන් කරන්නෙමු. ඔබගේ අදහස් අනුව සහ (අප මෙය මීට පෙර කීපවරක්ම සඳහන් කර ඇත.) ඔබ පළඳින කණ්ණාඩියේ වර්ණයට සාපේක්ෂව ඔබ කිනම් අය වන්දනාමාන කරන්නේද යන්න නම් හොඳින් පැහැදිලිය. අප නම් භාවිතා කරන කන්නාඩි අවර්ණ බැවින් අපට මොනපාටත් පෙනෙන්නේ අවර්ණව බැවින් අපට පාට පිළිබඳ කිසිදු ගැටළුවක් නැත. අප හොඳදෙයට රතු කුමාර කෙරුවත්, සූත්තර පුංචා කරත්, පතෝල මුදලාලි කරත් එය අගය කරන්නෙමු. එලෙසම කුමක් හෝ ජඩවැඩක් නම් කලේ එයට විරුද්ධව කතා කිරීමට අප නම් බිය නොවන්නෙමු. අපට රතු, කොළ, නිල් අදාලම නැත...
0 17
palitha Lakshman Wednesday, 11 September 2019 03:43 PM
2015 කියාපු පරණ යල් පැනපු පුහු කතා. මේවා හොඳ ගැලරියට ගන්න විතරයි.
Reply : 360 208
Nimal Wednesday, 11 September 2019 04:20 PM
අවුරුදු 5 න් දෙන පැන්ෂන් එකත් නතර කළොත් තව කොච්චර මුදලක් ඉතිරි කරගන්න පිලිවනිද? අවුරුදු 50ක් 60ක් සේවය කරලා විශ්‍රාම යන රජයේ සේවකයින්ට සේවයක් නේද?
Reply : 0 172
Shan Wednesday, 11 September 2019 05:23 PM
මෙයා දවල් හීන දකිනවා අනේ...
Reply : 100 208
සෝමතිලක Wednesday, 11 September 2019 05:35 PM
අපේ බොහෝ දෙනෙකුගේ අදහසක් තියෙනවා, UNP හෝ SLFP පක්ෂ දෙක විතරයි රට පාලනය කරන්න සුදුසු කියලා. කවුරු හරි කෙනෙක් යම්කිසි සාධාරණ අදහසක් දුන්නත් ඒකෙ සිදු නොවන පැත්තමයි ඵයාලට පෙනෙන්නේ. අපට බොහෝම අත්දැකීම් තියෙනවා මේ පක්ෂ දෙක රට වෙනුවෙන් කළ හැකි දේවල් නිසිපරිදි සිදු කලේ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. අපි හැමෝම දන්නවා සිදුවුණු මහා පරිමානයේ දූෂණ, අපරාධ, අසාධාරණකම්. ඒ වුණත් අපේ වැඩි දෙනෙක් කැමති කොච්චර වැරදි තිබුණත් මේ පක්ෂ දෙකෙන් එකකට. අපේ අයට මේ ටික තේරුම් යනතුරු අපිට රටේ දියුණුවක් ගැන සිතන්න අපහසුයි.
Reply : 0 597
sandy123 Wednesday, 11 September 2019 06:54 PM
සහතික ඇත්ත. හිටිය හොරුන්ට වැඩිය ඉන්න හොරු හොඳයි. ඉන්න හොරුට වැඩිය එන්න ඉන්න හොරු හොඳයි කියකියා හැමදාම අපි හොරුන්ට බැන බැන හොරු රකිනවා. රටම හොරු ගත්තත් කමක් නැහැ. තමන්ගේ එකම එක ඡන්දය හොඳ පැහැදිලි කෙනෙකුට භාවිතා කළා කියන හැඟීමවත් තමන් සතු කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෝඩකමට බෙහෙත් නැතිලු. කොච්චර වැරදි තිබුණත් JVPය එක විකල්පයක්.
Reply : 601 715
Bamunuarachchi Thursday, 12 September 2019 01:30 AM
දෙමළුන්ටයි, හම්බයින්ටයි සමතැන දෙන්න හදන ජේවීපිය හොඳවෙන්නේ කොහොමද? මුස්ලිම් සහ දෙමල්ලු ජේවීපිය දැන් සමතැන අරන් නවතින ජාතියක් නොවෙයි. සමතැන දීම තව ටිකක් උස්සා තැබීමක්... ඉන්පසු ඔවුන් ලෝක ප්‍රජාවගේ පිහිටෙන් ඔවුන්ගේ ටාර්ගට් එකට යනවා. පළමුව සිංහල රට... එ්ක හිතපල්ලා.
235 18
බමන අයියා Thursday, 12 September 2019 06:41 AM
අපොයි මේ බමුණා ගෝඨාභය උන්නැහේගේ ඡන්ද කඩලා පරද්දන්න තමයි මෙහෙම කමෙන්ට් දාන්නේ... දෙමල, මුස්ලිම් 24% ක් ඉන්න රටක ඒ මිනිසුන්ගේ ඡන්ද නැතුව දිනන්න පුළුවන්ද? මේ වගේ අමන බයියන් නිසා තමා 2015 මහින්ද පැරදුනේ...
0 0
sandy123 Thursday, 12 September 2019 06:46 AM
කූඩැල්ලාව මෙට්ටේ තියන්න බැහැ වගේ.. බමුණාව හරි මාර්ගයේ යවන්න බැහැ. ඒ හින්දා ඔහුගේ අදහස් එක කණකින් අහලා අනිත් කනින් පිට කරනවා. ඒවාට පිළිතුරු අදහස් ලියන්න යන අපි මෝඩයන්. සාරාංශය එයයි. තෙරුවන් සරණයි.
0 0
sandy123 Thursday, 12 September 2019 08:52 AM
කූඩැල්ලාව මෙට්ටේ තියන්න බැහැ වගේ බමුණාව හරි මාර්ගයේ යවන්න බැහැ. ඒ හින්දා ඔහුගේ අදහස් එක කණකින් අහලා අනිත් කනින් පිටකරනවා. ඒවාට පිළිතුරු අදහස් ලියන්න යන අපි මෝඩයෝ. සාරාංශය එයයි. තෙරුවන් සරණයි...
0 0
cisco Thursday, 12 September 2019 05:02 AM
මේ ගොල්ලොත් විටින් විට දෙපැත්තටම උදව් කරපු කට්ටිය. ඉතින් මේ ගොල්ලොත් ඕවට වග කියන්න ඕනෑ කියල හිතෙන්නේ මට විතරද?
Reply : 20 16
chandima Wednesday, 11 September 2019 06:16 PM
එක්කෙනෙක් කියනවා චෛත්‍ය, දාගැබ් හදනවා කියලා, ඔයා කියනවා ජනාධිපතිලගේ පැන්ෂන් එක නැති කරනවා කියලා. අම්මපා කෝටිගාණක් වියදම් කරලා මැතිවරණ තියලා, නඩත්තුවටත් කෝටිගාණක් වියදම් කරලා පත්කරන්නේ ඔයවගේ පොඩි වැඩ වලටද? ජනාධිපති ඡන්දෙ නොතිය උන්නා නම් ඔයිට වැඩිය ගානක් ඉතුරුවෙනවනේ නේද?
Reply : 608 627
Bimal Wednesday, 11 September 2019 10:54 PM
ඔය කියනදේ සෑම දේශපාලකයෙකු සඳහාම වලංගු විය යුතුයි. සමාජවාදී වාසුදේව මහතාගේ දරුවන් ඇමෙරිකාවේ ඉගෙනගෙන එහි පදිංචියි. තවත් සමාජවාදී නායකයන්ගේ දරුවන් පිටරට... වීරවංශ මහතාගේ සමාජවාදී දිවිපෙවෙත ගැන මම දැන් කතා නොකරන්නේ පාඨක සභාවේ ලේ කෝප කිරීම සුදුසු නැති නිසාය. කියන්න කණගාටුයි... රට හදන්න පෙර තමන්ගේ රතු සහෝදරයන් ටික හදාගන්න.
Reply : 1 1
Wijeratne Thursday, 12 September 2019 01:26 AM
විවේචනය කරන එක හරිම ලේසි වැඩක්... යමක් කරන්න ගියහම තමයි එ්කේ අමාරුව තේරෙන්නේ. පොරොන්දු දෙන එකත් හරිම ලේසියි. විශේෂයෙන්ම JVP කාරයෝ විවේචනය කරන්න දක්ෂයි. මොවුන් කාගේකාගේත් කෙරුවාව පෙනෙන්නේ වැඩේට බැස්සහම තමයි. මේ මනුස්සයා අවුරුදු 1 1/2ක් කෘෂිකර්ම ඇමති වෙලා හිටියා මිනිහ කෘෂිකර්මය දියුණු කරන්න මොකක්ද කලේ? කිසිම දෙයක් නැහැ මිනිහ හැම නිලධාරියෙක් දිහාම බැලුවේ හොර තක්කඩියෙක් විදියට... කියන්නත් කණගාටුයි මේ දවස්වල මිනිහා හමුවෙන්න කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුළුවන් කම තිබුනේ බදාදාට විතරයි. එ්ත් අනෙක් මිනිස්සුත් එක්ක පෝලිමේ ඇවිදින් තීරණ ගත්තේ නිලධාරින් හෝ විද්‍යාඥයින් එක්ක නොවේ. මිනිහ හවස 5ට පස්සේ මිනිස්ට්‍රි එකට ගමේ ගොඩේ කසිප්පු කාරයන් ගෙන්න ගන්නවා. ඒ අය එක්ක එකතු වෙලා තමයි තීරණ ගත්තේ.. එහෙව් කෙනෙක් රටේ ජනපති වුනොත් කොහොමට හිටීද? ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න හැමකෙනෙක්ම මේ ගැනත් හිතන්න.
Reply : 232 40
Vajira Thursday, 12 September 2019 04:50 AM
විජේරත්න දන්නේ නැති දේවල් කතා කරන්න එපා. අනුර කුමාර කෘෂිකර්ම ඇමති වූ කාලේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ගත්තේ. පොහොර සහනාධාරය දීලා පුරන් කුඹුරු ආපහු වගා කළේ. හැමදාම පාඩු ලබපු මිල්කෝ ආයතනය වාර්තාගත ලාභයක් ලැබුවේ. රට පුරා කිරි ගොවි ගම්මාන හදලා මිකෝ එකේ ලාභයෙන් ඒ කිරි ගොවීන්ට පාරිතෝෂික දීමනා දුන්නා. ජවිපෙ රටට වැඩ කරලා පෙන්නලා තියෙනවා. සුනාමිය ආපු වෙලාවේ විපතට පත් වුණු මිනිසුන්ට උදව් කරලා ඒ පළාත් පිරිසිදු කරලා ගොඩ ගත්තේ ජවිපෙ. දවස් 52කින් විනාශ වූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කළේ ජවිපෙ වෘත්තීය සමිති. අදටත් ගංවතුරක් ආවොත් ගිහින් ඒ මිනිසුන්ට උදව් කරන්නේ ජවිපෙ. ඒ මිනිස්සු ජවිපෙට කළගුණ සලකන්න කාලේ ඇවිත්...
Reply : 59 351
Gamarala Thursday, 12 September 2019 01:32 AM
ඇයි හිටපු ජනාධිපතිවරුන්ට විතරක් කියපන්කෝ හිටපු මන්ත්‍රීවරුන්ටත් කියලා. අනෙක කියන්න මම ජනාධිපති වැටුප ගන්නෙත් නැහැ කියලා. බොරු කයිවාරු එපා. මොනවා කිව්වත් කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
Reply : 15 36
Lion Thursday, 12 September 2019 02:26 AM
අවුරුද් 70ක් කරපු ඔය පක්ෂ දෙක ඉස්සරහටත් කරන්නේ ඔය මුලාවම තමයි. අපි අවුරුදු 5ක් මේ අයට දීලා බලමු. බොරු කළොත් පන්නමු.
Reply : 22 192
gunarathna Thursday, 12 September 2019 04:29 AM
බොරු කෙරුවොත් පන්නන්ට... ඔබතුමා ලංකාවේද, නැතිනම් හඳේද ඉන්නේ...? එහෙම කරන්නට පුලුවන් නම් දැන් ඉන්න අයවත් එලවන්ට පුළුවන්නේ. දෙකක් නෑ එලවන්න ගිහිල්ලා කවුද උසාවි ගියේ? ඔය ජෙප්පෝම තමයි.
Reply : 61 0
Lion Thursday, 12 September 2019 05:10 AM
ගුණරත්න මහත්තයෝ, අපිට අවුරුදු 5න් පස්සේ ඡන්දයක් එනවනේ... අපි හැම සැරේම කලේ ඔය පැති දෙකට කැමැත්ත දෙන එකනේ..
0 53
gunarathna Thursday, 12 September 2019 03:24 AM
අනුර කුමාර මහත්තයෝ ඔබතුමාට කොහොමත් දිනන්ට බැහැ. ඒක ඔබතුමාත් දන්නවා. ඔබතුමාලා කතා කරන්නේ ගමේ දුප්පත් මිනිහට... රනිල්ලා, මහින්දලා කතා කරන්නේ රටේ ඉන්න ධනපතියන්ට. ධනපතියන්ගේ කීමට තමා දුප්පතා ඡන්දෙ දාන්නේ... මේක තමා හැමදාම වෙන්නේ... ජනාධිපතිලාගේ වියදම් අඩුකරනවා කීවට දුප්පතාගේ එළවලු මිල වෙනස් වෙන්නේ නැහැ. ධනපතියාගේ අදායම අඩු වෙන්නෙත් නැහැ. ඔබතුමාලා මොනවද ඡන්ද වේදිකාවේ කියන්න තියෙන්නේ. පාරවල් හැදුවා කියන්නද, නිවාස හැදුවා කියන්ටද, යුද්ධය ඉවර කෙරුවා කියන්ටද? කියන්ට තියෙන්නේ කරන්ට හිතන දේවල්. නමුත් ඔබතුමාලා වේදකාවල කියන දේවල් බලය ලැබුණත් කරන්ට බැහැ. මේකට හොඳම විසඳුම මොකක්ද? ඔබතුමාට හොඳ අත්දැකීම් තියෙනවනේ. ඔබතුමාලා බලයට ආපුවම සියලුම රජයේ සේවකයන් මරලා දාලා ජවිපෙ සාමාජිකයෝ පත්කරන්ට ඕනේ. රටේ සියලුම කොන්ත්‍රාත් ජවිපෙ කොන්ත්‍රාත් කාරයින්ට දෙන්නට ඕනේ. පාර්ලිමන්ට් එකේ සියලුම ඇමැතිවරු අගමැති, කතානායක, මේ සියල්ල ජවිපෙ වෙන්ට ඕනේ.. ගමේ ග්‍රාමසේවකගේ ඉඳලා ප්‍රදේශීය ලේකම් වෙනකම් ජවිපෙ වෙන්ට ඕනේ. මෙහෙම කළොත් රට ගොඩගන්ට පුළුවන්. එහෙම නැතිව මේ ඉන්න සක්කිලි එක්ක වැඩ කරලා රට ගොඩගන්න නම් තුණ්ඩු කොලෙන් කඩවල් වහපු තියරිය ක්‍රියාත්මක කරන්නට ඕනේ...
Reply : 174 157
lion Thursday, 12 September 2019 04:49 AM
ඔය ගොල්ලෝ අරන්තලාවේ හාමුදුරුවරු 16නමක් මරපු, දළදා මාලිගාවට, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහලා වෙඩි තියලා මිනිස්සු මරපු, පොලිස් කාරයන් 650ක් මරපු කරුණට SLFP එකේ උප ලේකම් තනතුර දීලා ඇමැතිකම් දීපු මහින්ද මහත්තයාගේ කෙරුවාව හොඳද? JVP කාරයෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදී මගට ඇවිල්ලා අවුරුදු 25කට වැඩියි. ඔවුන් කිසිවිටකත් නීති විරෝධී වැඩ කළේ නැහැ. ඇයි අපට එකවරක් ඔවුන්ට රටේ පාලනය දෙන්න බැරි. වැඩ නොකළොත් අවුරුදු 5න් පස්සේ ගහලා පන්නනවා අරුන්ට වගේ...
Reply : 1 93
sandy123 Thursday, 12 September 2019 06:58 AM
ඔබ පවසන අදහසට මමත් එකඟයි. කවුරුවත් කරුණා අම්මාන්ව නිදහස් පක්ෂයේ උසස් තැනකට අරන් එනකොට එක කෙල බිදක් හැලුවේ නැහැ. දැනුත් එහෙමයි. අනික ආණ්ඩු කල මොන දේශපාලන පක්ෂයේද "ජෙනුයින්" පොරක් ඉන්නේ. ඉන්න ඔක්කොම ලයිසන් දුන්නු හොරු. කීදෙනෙක්ට තැබෑරුම් තියෙනවද? කී දෙනෙක් ගැන දුරාචාර, මත්ද්‍රව්‍ය චෝදනා තියෙනවද? JVP එකත් වැරදි කළා. මටත් ඒ කාලේ අකරතැබ්බවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් එය වෙලා දැන් සෑහෙන කලක් වෙනවා. ඒ නිසා තමයි මම සඳහන් කලේ JVPය එක විකල්පයක් කියලා. හිටපු හොරු සහ ඉන්න හොරුට වැඩිය හොඳයි.
0 0
sandy123 Thursday, 12 September 2019 08:51 AM
ඔබ පවසන අදහසට මමත් එකගයි. කවුරුවත් කරුණා අම්මාන්ව නිදහස් පක්ෂයේ උසස් තැනකට අරන් එනකොට එක කෙල බිඳක් හැලුවේ නැහැ. දැනුත් එහෙමයි. අනික ආණ්ඩු කළේ මොන දේශපාලන පක්ෂයේද "ජෙනුයින්" පොරක් ඉන්නේ... ඉන්න ඔක්කොම ලයිසන් දුන්න හොරු... කීදෙනෙක්ට තැබෑරුම් තියෙනවද? කී දෙනක් ගැන දුරාචාර, මත්ද්‍රව්‍ය චෝදනා තියෙනවද. JVP එකත් වැරදි කළා. මටත් ඒකාලේ අකරතැබ්බවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් එය වෙලා දැන් සෑහෙන කලක්වෙනවා. ඒ නිසා තමයි මම සඳහන් කලේ JVPය එක විකල්පයක් කියලා. හිටිය හොරු සහ ඉන්න හොරුන්ට වැඩිය හොඳයි.
0 0
ගගන Thursday, 12 September 2019 03:33 AM
පබාට, මාලනීට, ගීතාට මහජන මුදලින් විශ්‍රාම වැටුප ගෙවන එක නවත්තන්න. ගම්පහ ජනතාවට විශේෂ ගැසට් නිවේදනයකින් අධ්‍යාපන ධාරිතාව වැඩිකරලා මැටි මෝල් ගතිය නැතිකරන්න ක්‍රියාමාර්ග ගන්න. වෙන්නප්පුවේ ජනතාවටත් එයමයි.
Reply : 0 53
p.d goonawardena Thursday, 12 September 2019 03:40 AM
දිනන්න කවුද ඡන්දෙ දෙන්නේ..?
Reply : 49 11
lion Thursday, 12 September 2019 04:40 AM
හරි ඇත්ත.. මොකද අපිට පුරුදු අවුරුදු 70ක් රටකාපු අයට ඡන්දෙ දීලනේ...
Reply : 2 51
banda Thursday, 12 September 2019 08:09 AM
හරියටම හරි, අපි වහල්ලු අපි මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට ඡන්දෙ දෙමු.
Reply : 0 0
mp Thursday, 12 September 2019 04:13 AM
දවල් හීන දකිනවා.
Reply : 23 1
dilum.stc@gmail.com Thursday, 12 September 2019 04:26 AM
බොහොම ස්තුතියි.. දැනට රටට තියෙන ලොකුම අඩුපාඩුව පිරිමහන්න හදනවට...
Reply : 36 20
nimal Thursday, 12 September 2019 04:36 AM
බමුණුආරච්චි කියන විදිහට ගෝඨාට දිනන්න අනික් අය ඡන්දෙට ඉදිරිපත් නොවී ඉන්න ඕනෑ. මාර ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අනුර ඉදිරිපත් වුණා කියලා ගෝඨාට දෙන අය නොදී ඉන්නෙත් නැහැ. සජිත්ට දෙන අය නොදී ඉන්නෙත් නැහැ. අනුරට දෙන අය ඔය දෙන්නට දෙන්නෙත් නැහැ. ලංකාවේ බොහොම අය කාටවත් ඡන්දෙ දෙන්න කැමති නැහැ.
Reply : 2 88
Bamunuarachchi Thursday, 12 September 2019 04:23 PM
මහත්මයෝ ඡන්ද කතාව පැත්තකින් තියන්න. ඔබ කාඩ් සෙල්ලම දන්නවා නම් ඔබ තුන් වැනියාව සිටලත් පුළුවන් අනික් පැත්ත දිනවන්න සෙල්ලම් කරන්න. අනුර කුමාර තරඟෙට ආවාම එජාප ඡන්ද අනුරට ලැබෙන්නේ නැත. පොල්පිත්තක් ආවත් එජාපයෝ ඡන්දෙ දෙන්නේ ඒ පොල්පිත්තට. නමුත් එජාපය නොවන ඡන්ද බොහෝවිට සමාජවාදී පක්ෂ අතර කැඩෙනවා. එවිට ගෝඨාභයට යන ඡන්ද ටිකක් මේ හාදයාට ගියොත් පොල්පිත්ත දිනන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ කල්පයේ ජෙප්පන්ට මේ රටේ බලය පිහිටුවන්න බැරි බව ඒ ගොල්ලන් දන්නවා. දෙමල්ලු, හම්බයය් වගේම ජෙප්පොත් රාජපක්ෂලාට බලයට එනවාට කැමති නැත. ජෙප්පන්ට තිබෙන්නේ සටන් පාඨ පමණයි. අපි කවදාවත් මොවුන්ට ඡන්දය දෙන්නේ නැත. හේතුව මොවුන් දෙමළුන්ටයි, හම්බයින්ටයි රටේ සමතැන දෙන්න කතා කරන නිසා. දෙමළුන්ටයි හම්බයින්ටයි සමතැන අරන් නවතින්නේ නැත. එ්ක ජෙප්පෝ දන්නේ නැත.
Reply : 0 0
Chandima Thursday, 12 September 2019 04:46 AM
දැන් ජනතාව විදියට අපිට කරන්න තියෙන්නේ අනිත් අපේක්ෂකයන්ටත් පුළුවන් නම් කියන්න කියලා සියලු හිටපු දේශපාලකයින්ට ගෙවන ඒ අසාධාරණ විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා පොරොන්දු වෙන්න කියලා... එතකොට බලාගන්න පුළුවන් දැන් ඔය ඒ අය වටේ නිලමැස්සෝ වගේ කැරකෙන එවුන් මොනවද කියන්නේ කියලා... මොකද මේක පොදුජන මතයක් කරන්න ඕනෑ. වෙන රටවල දේශපාලකයෝ ඔහොම දෙයක් ගත්තා නම් ගත්තේ ඒ රටවලට ලොකු සේවයක් කරලා ඒ රටවල් ඔසවා තබලා. අපේ එවුන් රට දවස ගානේ රට කාබාසිනියා කරලා තව කිසිම දායක මුදලක් වත් නොගෙවා හොඳ සුපිරි විශ්‍රාම වැටුපක් අරන් පැරදුණත් ජොලියේ ඉන්නවා.
Reply : 1 12
අනුර Thursday, 12 September 2019 05:11 AM
රටට ගැලපෙන පොදු අපේක්ෂකයෙක් නොදා බයිලා ගහනවා. නිකං මේ දේශපාලන මඩ ගොහොරුවේ වැලලෙනවා. අපට හරිම කණගාටුයි..!
Reply : 23 1
gamaathi Thursday, 12 September 2019 05:19 AM
ගැලරිය පිනවන කතා නැතිව බුද්ධිමත්ව ජනතාව අමතන්න...
Reply : 10 1
Ravi Thursday, 12 September 2019 05:49 AM
බමුණුආරච්චි, ජූජක බමුණා වගේ තමන්ගේ වැඩේ සහ අදහස පමණයි.
Reply : 0 71
Bamunuarachchi Thursday, 12 September 2019 04:28 PM
හලෝ බමුණා ගැන කතා කරන්න එපා. බමුණාගේ අදහසට විරුද්ධ අදහසක් කියන්න. එහෙම කියන්න තරම් දැනුමක් නැහැ නේද? පුද්ගලයා ගැන කතා කරන්න එපා. ප්‍රස්තුතය ගැන කතා කරන්න කියලා ඔහේ ගිය ඉස්කෝලේ කියලා දීලා නැද්ද? අඩුම ගණනේ පොයින්ට් එකට කතා කරන්න ඉගෙනගෙන නැද්ද?
Reply : 0 0
Aris Thursday, 12 September 2019 08:14 AM
නිලතල නොදරන කිසිකෙනෙකුට නිල නිවාස නොදිය යුතුයි. නමුත් හිටපු ජනපතිවරයෙකුට ආරක්ෂාව සැපයිය යුතුයි. ඒ වගේම රජයෙන් පැන්ෂන් එකක් පමණක් දිය යුතුයි. ඒකෙන් ඔහුට ජ්වත් වෙන්න පුළුවන්. ජනතාව විසින් නඩත්තු කළයුතු නැහැ. නැත්නම් සමහරු පැන්ෂන් යන්න කලින් රජයේ වියදමින් මාලිගා හදනවා ගියාම ඉන්න...
Reply : 0 0
wijeratne Thursday, 12 September 2019 08:50 AM
වජිර මහත්තයෝ මේ දේවල් කතා කරන්න එපා. තමුන්නාන්සේ කොහෙන්ද දන්නේ නැහැ මේ සංඛ්‍යා ලේඛන හොයා ගත්තේ...? අනුර කෘෂිකර්ම ඇමති කාලේ වැඩිම වී අස්වැන්න කියලා කිව්වනේ... එ්ත් මම කියනවා ලංකාවේ වී නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වුනේ ඔහු ඇමති කාලේ කියලා ඔහු ඇමතිකම් කලේ 2004 වසරේදීය. සන්සන්දනය සඳහා මා තෝරාගන්නේ 2004 වසරට කිට්ටු වසර කිහිපයක් පමණි.
Reply : 20 0