(ඩයනා උදයංගනී)
එළැඹෙන ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 4ක් පමණ පැමිණීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
යුරෝපා සංගමයේ නිරීක්‍ෂණ කණ්ඩායමකට, පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමකට මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ඉතා සමීපතම විදේශීය නිරීක්ෂණ කණ්ඩාය වන ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ද ජනාධිපතිවරණය නිරීක්ෂණ සඳහා එක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මගින් ආරාධනා කර ඇති බව එහි සභාපතිවරයා තමන් සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කළ බව හෙතෙම පැවසීය.
ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම දකුණු ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එකක් බව ද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය.
සිවිල් සංවිධාන නියෝජනය කරන ‘ඇන්ෆල් ආයතනය’ද මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණ සඳහා එක්වන අතර ඔවුන් පැෆරල් සංවිධානය හා එක්ව කටයුතු කරනු ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම ඇන්ෆල් ආයතනයේ නිරීක්‍ෂකයන් 35 දෙනෙකු එම කටයුතු සඳහා එක්වන බව කී රෝහණ හෙට්ටිආරච්චි මහතා ඔවුන්ගෙන් කොටසක් මැතිවරණයට දින 35කට පෙරත්, තවත් පිරිසක් මැතිවරණයකට දින 10කට පෙරත් මෙරටට පැමිණෙනු ඇතැයි ද කීවේය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම්