(මනෝජ් හර්ෂික)
එළඹෙන ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය.
“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නගරයේ ඉදිකළ නාගරික බස්නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ජනතාව බස් රථයෙන් ගෙදර යනවාද? නැතිනම් සුදු වෑන් එකෙන් කනත්තට යනවාද කියා තීන්දු කිරීමට ඉදිරියේදී කාලය උදා වන බවත්, එහිදී ජනතාවගේ අනාගතය පිළිබඳව හොඳින් සිතා බලා නිවැරදිව තීන්දු තීරණ ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
නිදහස් සුළගේ සුවඳ අද රටේ ජනතාවට දැනෙන බවත්, ඉදිරියේදී එය නැතිකර ගැනීමට කැමතිද කියා තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ සැබෑ සුවඳ මේ රටේ සියළු ජනයා බුක්ති වින්දේ 2009 මැයි 18 වෙනිදා යුද්ධය අවසන් වුණු දවසේ. ඔහේ ඇතුළු යහපාලන නඩය ඒ නිදහස නැති කලේ පහුගිය අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ.. බදු පිට බදුගහලා පුද්ගලික අංශය විනාශ කරලා තව රජයේ සේවකයින්ට පඩිය 55000 කරන්න හදන්නේ පුද්ගලික අංශය විකුණලද? අනික ඔහේගේ තාත්තා 88, 89 කාලේ මේ රටේ මිනිස්සුන්ට දුන්නු නිදහස තාම මතක මිනිස්සු ඉන්නවා.
හරි කමක් නැහැ අපි සුදු වෑන් එකෙන් යන්නම්. ඔයා හිරුගේ ඩිෆෙන්ඩරයෙන් යන්න මහත්තයා. අපිට තියා කාටවත් මෙහෙම සෙල්ලම් දාන්න හම්බවෙන්නේ ප්‍රභාකරන් හිටියා නම්... අපිට එ්කම අැති මෙයාට ඡන්දෙ දෙන්න. අපි දන්නා තරමින් අහිංසකයින් ඔය ඩිෆෙන්ඩර් වල ගියාට සුදු වෑන්වල ගියේ නැහැ..
කෝ සහතිකය? සා.පෙළ අසමතුන් සියයට 30කට වඩා ඉන්නවා. බය නැතිව ඉල්ලන්න. කියන්න මමත් ඔබ වගේ කෙනෙක්.. අපිට තමයි රට හදන්න පුළුවන්, ඡන්දය දෙන්න කියලා.. උඩින් දිනාවි.
ඉල්ලන්න ඉල්ලන්න ඡන්දෙ ලැබෙන එකක් නැහැ. තමුන් ඉක්මන් වුණා වැඩියි.
දුප්පත් ජනතාවට හාල්, සීනි කිලෝ 10බැගින් නොමිලේ ලබා දෙන්න. නිවාස නොමිලේ ලබා දෙන්න සජිත් මැතිඳුනි..
ඉස්සර වගේ දේශපාලන බොරු කතාවලට දැන් ඡන්ද දායකයෝ රැවටෙන්නේ නැහැ. ඉල්ලලාම බලන්නකෝ සත්‍ය අසත්‍ය තාවය...
ඉල්ලන්නේ UNP එකෙන්ද SLFP එකෙන්ද?
ඔය දෙපිරිසගෙන්ම රටට ඇති වැඩක් නැහැ දැන්. මාරුවෙන් මාරුවට රට කෑවා මදිවට රටේ පුරවැසියාවත් ගොනාට අන්දවන්න බලනවා තව දුරටත්. මෙදාපාර තමයි රටේ වෙනසක් ඇතිවෙනවා නම් ඇතිවෙන්නේ කවුරුත් නොහිතපු විදිහට...
අනිවාර්යයෙන්ම ඉදිරිපත් වීමට පක්ෂයේ අනුමැතිය කෝ? එහෙම නම් ඔබට ස්වාධීනව ඉදිරිපත් වෙන්න වෙනවා. පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ හා මිත්‍ර පක්ෂවල කැමැත්තක් නැතිව ඔබ ඔහොම කියනවිට ඔබ ඒකාධිපතියෙක් කියා ඕනෑම කෙනෙකුට තේරෙනවා.
පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... නායකතුමා කියන තුරු ඉන්න බැරිද?
හැබැයි තාත්තා කරපුව කරනවා කිව්වොත් ඉවරයි.
සුදු වෑන් ගැන කතා කරන්නේ පට්ට බූරුවන්. අමු කුහකයන්.. සුදු වෑන් වලින් කාව හරි අරන් ගියානම් ඒ රටට හතුරුකම් කරපු අවජාතකයෙක් විතරයි.. අපේ දන්න කියන කෙනෙක්වත් සුදු වෑන් වලින් අරන් ගියේ නෑ. අනික සුදු වෑන් තිබුණා නම් අප්‍රේල් 21 බෝම්බ පුපුරන්නෙත් නෑ. ඒ වෙනුවට වෙන්නේ සහරාන්ගේ බිරිඳ හංදි හංදි ගානේ උද්ඝෝෂණය කරන එක තමයි.. මේ සජිත්.. කව්ද? කෑලෑ ටික විනාශ කර කර පෙට්ටි ගෙවල් ගගහා උගෙම හෙංචයියන්ට බෙදලා මහජන සේවකයා වෙන්න යනවා. අනික ඒවයේ ප්‍රචාරණයට යන වියදම. ගෙයකට වැඩිය යන වියදම යනවලු නිරාවරණ ඵලකයට.. තවත් රටනොකා කරන්න පුළුවන් ගෝඨාට දීලා මකබෑවියව්...
දැන් මොන දේ කීවත් පරක්කු වැඩි, පාස්කු ඉරිදා අහිංසක ජිවිත කීයක් නැති වුණාද? ඒවා හොඳ මතකයක්...
නායකත්වය ගන්න නම් හරිහැටි විනය පිලිපදින්න. ජනතාව ඔබ දිහා බලා සිටිනවා. බලය ගන්න ඉස්සෙල්ලා මෙහෙම බල පුලුවන්කාර කතා කරනවා නම් බලයට ආවම කොහොම හිටීද?
ඉල්ලන්න වෙනවනේ, නැතිනම් මේ කෑගහපුවගේ හැටියට රෙදි ඇඳගෙන ගෙදර යන්න පුලුවන්ද?
මොහු බලෙන් ජනපති කමට ඉල්ලන්න නේද මේ දඟලන්නේ? මොහුයි මොහුගේ මායියයි පිස්සුවෙන් වගේ දඟලන විදියට නියමෙට රට තියේවි....
සිරිකොත 'අපිට' උපදෙස් දීලා තියෙන්නේ සජිත් සවුත්තු වෙන විදියට වැඩ කරන්න කියලා.
ඉදිරිපත් වෙයි.ඒත් දිනන්නේ ගෝඨාභය මහත්තයා.
පක්ෂයේ විනය රකින්න නොදන්නා පක්ෂයට ගරුකරන්න නොදන්නා පක්ෂයෙන්ම පෝෂණය වූ අත්තනෝමතිකව මමයි ජනපති කියන ඔබ ගැන ඔබම ලැජ්ජා වියයුතුයි. අපිට නම් ලැජ්ජාවේ බැහැ. ජනපති කමට තියා මොනම තනතුරකටවත් සුදුසු නැත. කොහොමටත් හැමදේම කරන්නේ පක්ෂෙන් ගන්න තියන වාසි අරගෙන තමන් කරනවා වගේනේ...