
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය.
ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.
ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.
"අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යැයිද ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.
කොවිඩ් අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය.
ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුදු 2කට කරපු අපරාධ බලාගෙන තව අවුරුදු 2 ක් දෙන්න අම්ම අප්පගේ බූදලය කියලා හිතුවද?
ඒත් ඒ රටවල නායකයෝ නැතිවුණු කාලය ඉල්ලලා ඇද වැටෙන්නේ නැහැ.
කෙනෙක්ගේ නොහැකියාවට කෝවිඩ්වලට දොස් කියන්න එපා. අපිට වඩා දුප්පත් රටවල් මේ වගේ වැටුණේ නැහැ. මොකද ඒ රටවල පාලකයෝ නාස්තියෙන්, දූෂණයෙන් තොර බුද්ධිමත් තීරණගත් නිසා..
එංගලන්තයේ පෝලිම් තිබුණේ භාණ්ඩ හිඟවෙලාවත්, ආර්ථිකය කඩාවැටිලාවත් නෙවෙයි හලෝ..!!!
ආයේ කවදා පාර්ලිමේන්තු එන්නද? නේද?
ඉවරෙටම ඉවරයි. රට නොවේ. රාජපක්ෂ නාමය. 1975 - 77 වුණු දේ නැවතත්...
කෝවිඩ් ලක්ෂණ නැතිවත් සමහරක්ට කොවිඩ් තියෙන්න පුළුවන් කියන්න හොඳ සාක්ෂියක්...!
හොඳ වෙලාවට එතුමා බැඳලා උන්නේ. එහෙම නොවෙන්න මොන මොන යෝජනා ගෙනෙයිද දන්නේ නැහැ.
නියමයි... අපි එහෙම කරමු. හැබැයි අපේ අතිගරු ජනාධිපති ශ්‍රීමතාණන් පැරදුණොත් එවෙලේම ඉල්ලා අස්වෙලා ඡන්දෙකට යන්න ඕනේ. එයා දින්නොත් අපි බලමු අවුරුදු දෙක ගැන. එහෙම නම් හා...!!
මම ඉන්න රටේ නම් පොලිම් නැහැ... බොරු කියන්න එපා.
1975 මැතිවරණය පැවැත්වීමට තිබුණත් එය වසර දෙකක් කල් තැබීම නිසා එවකට හිටපු අගමැතිණියට වසර 7ක් ප්‍රජා අයිතිය අහිමිවුණා. ජනතාවගේ ඡන්ද අයිතිය රකිනවා කියමින් එම අයිතිය අහිමි කරන්න යෝජනා කරන අයටත් එය අනුමත කරන අයටත් එසේම කළයුතුයි.
ඒ කියන්නෙ ඊළඟ පාර ඉල්ලුවොත් පරදිනවා කියලා තේරිලානේ. ඊළඟ පාරත් ආයේ ඉල්ලුවා නම් තව අවුරුදු 5ක්ම ලැබෙනවනේ... ඔය කියන එංගලන්තය වගේ රටවල අගමැතිවරු, මන්ත්‍රීවරුත් කෝවිඩ් නිසා තමන්ට වැඩකරන්න බැරිවුණා කියලා මැතිවරණයකට නොයා කාලය දික්කරගන්නවාද...?
මේවා මේ නිකං රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෝ නොදන්නා අය කියනා කතා. එහෙම කරනාතුරු අනෙකුත් පක්ෂ බලාගෙන ඉඳියි එහෙනම්.. මේ වගේ කැපී පෙනෙන්නට දඟලපු, පැත්තෙන් පැත්තට පැන්න බොහෝ දේශපාලන චරිත අතීතයේත් තිබුණා. ඒත්, ඒ අය පිරිහුණා මිසක් සාර්ථක ගමනක් ගියේ නැහැ. නිසල ගැඹුරු සයුර කිසි හැල හොල්මනක් නැහැ. ඒත්, ගොඩ රළ කොයි වෙලෙත්, මහා සද්දෙන් හෝ හෝ ගානවා. ඒත්, ගැඹුරක් නම් නැහැ.
ඇත්තටම හොඳ යෝජනාවක්..
අනේ මේ වගේ මෝඩ මන්ත්‍රීවරු ඉන්න රටකනේ අපිත් ඉන්නේ.. මේ අයගේ පෝලිම විතරයි එංගලන්තයෙන් ආදර්ශයක් ගන්නේ. රට දියුණු කරගන්නේ නැහැ..
අමු කැවිලාද...? රටට කෙලවලා.. තවත් තියාගන්න? ඕනෑම නම් " කරුණාව" ගෙදර නවත්වා ගන්න ආයෙත් වතාවක්...
මේ කාන්තාව බ්‍රිතාන්‍ය පුරවැසි බව සහිත මැතිවරණ වෙලාවේ ද්විත්ව පුරවැසි බව හෝ නොතිබූ බවට චෝදනා ලද, යු.ඇන්.පී ඡන්ද දායකයන්ට පොලු තැබූ තැනැත්තියක්... කන්න බොන්න ආදායම් මාර්ගයක් නැත්නම් නම්බුකාර විදිහට හිඟාකන එක ඔයිට වඩා නම්බුයි. එහෙම එක එක්කෙනාට ඕනේ ඕනේ විදිහට බලයේ ඉන්න මේක මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? 1982 දී ජේ.ආර්. කලගෙඩි ලාම්පු සෙල්ලම දාලා අන්තිමට මොකද වුනේ? අන්තිමට හැම පාර්ශවයෙන්ම ලක්ෂයක් විතර නැතිවුණා. රට ලේ ගංගාවක් වුණා. එදා අපි අන්ත දුක් වින්දා. අදටත් ඒවා අපේ ජීවිත තුල හොල්මන් කරනවා. ඒ දුර්දාන්ත යුගය නිමා කරන්න අපි ලේ දහදිය කඳුළු වගුරලා 1994 අලුත් ආණ්ඩුවක් ගෙනාවා. ඔය අද පම්පෝරි ගහන එකෙක් එදා හිටියේ නෑ. අඩුම ගානේ මහින්ද හිටියේත් පාද යාත්‍රා ගිහින් පැත්තකට වෙලා කකුලෙන් ඇද ඇද... ඒ කාලේ ඔබලා ඉන්න ඇත්තේ එංගලන්තයේ. ඒ නිසා මේ මෙතන ෆේල් මිනිහෙක් එක්ක එකතු වෙලා ආයේ රට ගිනි ගොඩකට ඇදලා දාලා කනවෝ කනවෝ ගාන්න ලෑස්ති වෙන්න එපා...
ආප්ප කන උකුස්සා නම් ඔය වගේ දේකට කැමති වෙන්න තිබුණා. මෙයා වගේ ආඩම්බරකාරයෙක් මං හිතන්නේ නෑ කැමති වෙයි කියලා...
ඔය කියන විදියට පෝලිම් නම් මේ රටේ නැහැ. එතුමියට උඩ යට මාරුවෙලා? සමගි ජන බලවේගයෙන් ඇවිත් පැතිමාරු කරපු කෙනා ගැන මොන කතාද?
මේ නෝනාගේ මොලේටම කෝවිඩ්වල හොඳම එක ඇතුල්වෙලා වගේ...!
හොඳ ජරාවක් කාලා වගේ...!
විරුද්ධ පක්ෂයෙන් ඇවිල්ලා පක්ෂයෙන් පෙන්නුවාම නීතියේ සිදුරුවලින් තවදුරටත් ඉඳිමින් ජනතාවට පාඩම් උගන්නන්න එන්න එපා. ඒවා අසික්කිතයි.
මේ වගේ අය පත් කළේ ජනතාව නෙමේ..
ජනාධිපතිතුමනි, මෙයාව පශු සම්පත් ඇමැති කරන්න. මිල්කෝ එකේ සභාපති කමටත් පත්කරන්න..
ප්‍රශ්නේ කෝවිඩ් නෙවෙයි, එයාගේ සහෝදරයා බරගාණක් රටට ගත්ත ණයවලින් වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වීමයි. ඒ දරාගන්න බැරි ණය කන්දරාව ගෙවනකොට රටේ ඩොලර් සංචිත ඉවර වෙනවා. වර්තමාන ජනාධිපති කළයුත්තේ සහෝදරයෝ, බෑනලා අත්අඩංගුවට අරන් එම විදේශ මුදල් රටට නැවත ලබාගන්නා එකයි...
බාර දෙමු නොවෙයි අවුරුදු 5 කට ගමු. ජේ.ආර්ට පුළුවන් වුණා නම් 2/3ක බලයක් ඇති අයට කරන්න බැරි ඇයි? කට ඇරියොත් ජෙප්පන්ගේ කටේ පාන්කඩ, පොල්මුඩු ඔබලා ටයර් එකක් බෙල්ලට දාලා පැත්තකින් තියමු. මොකද ජෙප්පන් කරන්න හදන වැඩේ අපි දන්නවා. ජෙප්පන්ට රට කොමියුනිස්ට් කරන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ...
අනුර ජනාධිපති කරමු. ජේවීපී නඩේ කැබිනට් එකට දාමු. මේකේ කමෙන්ට් කොටන පණ්ඩිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමු. රට ගොඩේ ගොඩ...
දූෂිත පවුල් පාලනේ රජ කරපු එක විතරයි සිද්ද වුනේ? මොළ හතා ඇමති වෙලා සිද්ද වෙන්නෙත් ඒකම තමා... නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි.
අපි නොදන්නා කොහේ තියන එංගලන්තයක් ගැනද මේ කාන්තාව දොඩවන්නේ? පහුගිය කාලේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟවීමෙන් ඉන්ධන ප්‍රවාහනයේ යම් ගැටළුවක් තිබුණා. නමුත් ඉන්ධන සැපයුම් කරුවන් රාශියක් එංගලන්තයේ සිටින නිසා, එය සාමාන්‍ය ජනතාවට ලංකාවේ මෙන් හිඟකමක් දැනුනේ නැහැ. තවමත් රජ සමයක මනෝවිකාර සිහින දකිමින්, ලංකාවේ සිටින මෝඩයින්ව රවට්ටමින් එංගලන්තය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් උදාහරණයට ගැනීමත් අපට නම් විහිළුවක්. ඕවා හොඳයි ලෝකය ගැන නොදන්නා ටිකිරි මොළ කාරයින්ට. කෝවිඩ් නිසා ලෝකයේ අනෙක් සියලුම රටවල්වල ආර්ථිකයට යම් බලපෑමක් ඇති වුණත්, ලංකාවේ මෙන් තකතීරු පාලකයින් ඒ රටවල නොසිටි නිසා, ජනතාව මේ වගේ පීඩාවට පත් වුයේ නැහැ. දුරදක්නා නුවණක් නොමැති, උද්දච්ඡ පාලකයින් හා බක පණ්ඩිත උපදේශකයින් නිසා, මේ රටේ සියලුම ජනතාව විපතට පත්වෙලා ඉවරයි. තව අවුරුදු දෙසීයක් කලත් ඔච්චර තමයි...
ඕවා ඔහොම තමයි... අංගොඩ එන්න ඕනෑ අය පාර්ලිමේන්තු ගියාම ටිකට් ඇදිලා... ඔයවගේ කතා නෑසුවොත් තමයි පුදුමේ...
අද ගංජා වවන්න අවසර දෙන්න කිව්වේ මෙයා නේද?
හැම කෙනාම බලන්නේ බලයේ එල්ලිලා ඉන්න. හරියට වැඩ කළානම් රටේ ජනතාව අවුරුදු 100ක් වුණත් ඉන්න බලේ දේවි. ඒත් කරුමේ කියන්නේ එන හැම කෙනෙක්ම බලන්නේ තියෙන සේරම කුපාඩි වැඩ කරන්න තමන්ගෙ හෙන්චයියලට ඉඩ දීලා මුලු රටම උලා කාලා තමන් ගැන විශ්වාසය තබපු ජනතාවටත් කොකා පෙන්නලා අන්තිමට තවකල් ඉන්න. මොලයක් තියෙන රට වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන් නායකයෙක් කවදා පහළ වේවිද?
මෙයාට ආයේ බලේට එන්න බැරි අමාරුව තියෙන්නේ...
වාසියට අර පැත්තෙන් මේ පැත්තට පැන්නා මදිවට මැතිවරණයත් කල්දාන්න කල්පනාව. ජනතාව විඳින වේදනාව මේ අයට තේරෙන්නේ නැද්ද? හොඳ හෝ නරක තමන් කැමති පාලන ක්‍රමයක් තෝරා ගන්න ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට නම් බාධා කරන්න එපා...
රටේ තිබෙන්නේ කොවිඩ් නිසා ඇතිවූ ප්‍රශ්න නෙමෙයි, රාජපක්ෂලා රට බංකොළොත් කරලා තිබෙන නිසා ඇති වී තිබෙන ප්‍රශ්න...
ඔයිට වඩා හොඳ නැද්ද ඇන්තෝනියෝට කියලා පිහියෙන් ඇනගන්නවා.
ගංජා සුරුට්ටුවක් ඉරුවාට පස්සෙ ඔහොම ආතල් කතා කියවෙනවා.
මේ නෝනාගේ මොලේටම කෝවිඩ් වල හොඳම එක ඇතුල්වෙලා වගේ
ගංජා ඩෝස් එක වැඩි වෙලාවත්ද ?
කිව්වා වගේ මෙයා හොඳයි මිල්කෝ එකේ සභාපතිකමට බව පේනවා. එකපාරට ලීටර 10ක්වත් ගන්න පුළුවන් මට පේන හැටියට.
මේ වගේ ටිකක් හොයා ගත්තා නම් අපේ කිරි නිෂ්පාදනයයි, කාබනික පොහොර නිෂ්පාදනයයි වැඩි කරගන්න තිබුණා..
ඔවුන්ගේ මූසලකමට සහ පව්කාර කමට රටට මෙහෙම වුනේ... තවත් පව් පුරවන්නේ නැත්නම්, ඔච්චර කැක්කුමක් තියෙනවා නම් සදහටම ගෙදර ගිහින් නවත්ත ගන්න...
ජෙප්පන්, බයියන්, ටොයියන් එකරොත්තේ කුළල් කාගන්න අතරේ චීන්නු, ඉන්දියන්, ඇමෙරිකන් කාරයින් රටට රිංගගෙන රට නැත්තටම නැති කරනවා. ඕවා නිසා මම ලංකාවේ පදිංචිය අතඇරලා දැම්මා.
ව්‍යවස්ථා විරෝධී අදහස් ගෙනෙන අය ජාති ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය..! මෝඩ කේවට්ට බමුණන්ගේ හණමිටි කරගසා ගත්තු අය දුරින්ම දුරුකළ යුතුය.
රටේ ජනතාව සෙල්ලමකට අරන්ද මේ බහුබූත දොඩවන්නේ? මොන ප්‍රශ්නේ ආවත් දීපු කාලෙට වඩා එක විනාඩියක් වත් දෙන්න බැහැ. මේ ජනාධිපතිට ඔය ලැබිච්ච කාලෙට ඕක කරගන්න බැරි වෙන්නේ ගොන් වැඩ කරකර හොරකම්, බදු, වංචා වගේ දේවල් නොදැක්කා වගේ කර බාගෙන ඉන්න නිසා. අපි ඔක්කෝටම හොඳට පේනවනේ වැඩ කරන හැටි...
කෝවිඩ් ආපු කාලේ ඔට්ටු නැද්ද?
මේ වගේ අය මොකට පාර්ලිමේන්තු යැව්වද?
මේ ගංජා ප්‍රවර්ධනය කරන්න කියන තුමීනේද?.
මා මීට පෙර දිනයක සඳහන් කළ පරිදි කාලය දීර්ඝ කිරීම, ජනමත විචාරණයකින් තීන්දු කළ යුතුයි. එය වැරැදි දෙයක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට තම අදහස ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කිරීමට තිබෙන හොඳම ක්‍රමය එයයි. ද්වේශ සහගතව අදහස් ප්‍රකාශ කරනවට වඩා..
ඩයනාව ජනාධිපති කරමු....
වසර 2ක් නොවේ.. එතුමා වසර 20ක් වුණත් රට බාරගන්නවා නම් අපි කැමැතියි.
බැරි කෙනාට කොහොමත් බැහැ... හරිනම් කරන්න ඕනේ දැන්මම අස්වෙලා ගෙදර යනඑක...
කිසිම පුදුමයක් නැහැ මේ රටට වෙලා තියෙන දේ දැක්කාම. මේ වගේ කාලකණ්ණි ඉන්න කාලේ ඉපදුණු එක අපේ කරුමේ... නිකන් නෙමෙයි බුදුන් වහන්සේ කාලය, දේශය බැලුවේ...
අනේ මේ... රට ගැන අපි බලාගන්නම්.
අපේ රටේ ණය ජනතාවට ගෙවන්න තියලා සැපගන්න පාර්ලිමේන්තු ගිය අය දන්නවා අප රට චීනෙට තියෙන ණය ගෙවාගන්න බැරි තරමට වැඩිවෙලා කියලා මේ කාලේ ඇමරිකාවේ විදේශ මාධ්‍යවලින් පවා මෙය දැනුවත් කරනවා. අපරාදේ කොවිඩ් හින්දා ඇවිදින මංතීරුවලින් ගොඩයන්න හිටි කට්ටියට ඒකත් කරන්න බැරිවුණා. ජනාධිපතිතුමාටයි, බැසිල් මහත්තයාටයි නම් පුරවැසිභාවය හේතුවෙන් ලෝකයේ ප්‍රබලම රටට පැනගන්න පුළුවන්. අනිත් අයට නම් රට චීනෙට දීලා නීති ඉහළ කට්ටියට වාසි වෙන්න හදන්න හිතෙයි. මොකද කිව්වොත් චීන රටේ දුප්පතුන්ට නම් දෙවියන්ගේම පිහිට විතරයි. චීන බඩු ඔච්චරටම ලාභ බලහත්කාරෙන් ගන්නා ශ්‍රමය කියලා තමයි මාධ්‍යවලින් කියැවෙන්නේ...
ළඟදීම ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවි
දෙවසරක් ඔයාට වටේ යන්න පුලුවන්ද?අපේ පැත්තටත් එන්න
තවත් රට කන්නද ..මේ මෝඩ හැතිරියන්ව මේවාට යවපු උන්ට රට භාර දෙමු දෙවසරක්
ප්‍රභූ ගණිකාවන්
කවුරු මොනවා කිවුවත් කොරෝනා අර්බුධයත් එක්ක සියල්ල නතර උනා .මෙම කතාවේ ඇත්තකුත් නැතුවාම නොවේ