IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපතිගේ කැබ්නට් පත්‍රිකාව අනුව මැතිවරණය පවත්වන්නැයි දයාසිරි කියයි

(විනීතා එම් ගමගේ)
            
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කටයුතු කරමින් වහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එහි දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදා දෙන්නට තමන්  සුදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ප‍්‍රශ්නය තුනෙන් දෙක නම් ඒ ගැන කිසිසේත්ම ආණ්ඩුව බියවිය යුතු නැති බව ද ජයසේකර මහතා කීය. 

එසේ මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පවතින විරෝධතා සඳහා තම පක්ෂය ද පාරට බසින බව කී පක්ෂ ලේකම්වරයා එමෙන්ම මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව තම පක්ෂය ද පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ද අධිකරණය ඉදිරියට යාමට සුදානමින් සිටින බවත් ප‍්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ ප‍්‍රශ්නය පවතින්නේ සභාපතිවරයාගේ නොව මැතිවරණ එපා යැයි කියමින් අධිකරණයට යන කොමසාරිස්වරයෙක් එහි හිඳීම යැයි ද හෙතෙම කියා සිටියේය. 

ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (0)

ජනපතිගේ කැබ්නට් පත්‍රිකාව අනුව මැතිවරණය පවත්වන්නැයි දයාසිරි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site