IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්

දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ ක‍ෙළේය‍.

නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර  සිටී.



අදහස් (13)

ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්

Muhna Saturday, 23 February 2019 03:16 PM

මේක ජනාධිපතිතුමාගේ නායකත්වය නිසා ලැබූ ජයග්‍රහණයක්... පැරදුණා නම් රනිල් නිසා ලැබූ පරාජයක් හිටන්..

:       416       703

විජිත් Saturday, 23 February 2019 05:37 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රසංශාව සුබ පැතුම් මේ ජයග්‍රාහක ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් තව තවත් ධනාත්මක ලෙස ප්‍රේරණය කරන්නක්ල ලෙස සිතමි. ඔවුන්ගේ තිබු අධිෂ්ඨානය ඔවුන් සිතු පරිදීම ජයගැනීම අපේ රටේ වියලි, මියයමින් තිබු ක්‍රිකට් ක්‍රීඩාවට මල් වැස්සක් මෙනි. මට හිතෙන හැටියට දැන් මේ අසීරු ජයග්‍රහණයට ක්‍රිකට් විනාශ කල දේශපාලකයින් පිරිසක් රජකරන ශ්‍රීලංකා ක්‍රිකට් පාලක ආයතනය හිමිකම් කීමට ඉඩ තිබේ. ඔවුන්ගෙන් මේ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණකරුට සිදුවුණා යයි කියන අසාධාරණ වලට එරෙහිව නැගීසිටීමට ඇතිවුන චිත්ත ධෛර්යය නිසාම ඔවුන් මේ ජය ලැබූ බව දැන් මේ ලොවටම පැහැදිලියි. ඔවුන් පෙරලා අපේ රටට පැමිණි පසු ඔවුන්ට විරුද්ධව විනය චෝදනාවන් එල්ලකොට ඔවුන්ගේ ශක්තිය දිරිය විනාශ කිරීමට මේ අය උත්සාහ කලොත් දෙවියන්ගේ නාමයෙන් ඔබතුමා ඊට මැදිහත්වෙනු ඇතැයි සිතමි.

:       61       234

senarath Sunday, 24 February 2019 02:10 AM

හොඳ අදහසක්. මටත් හිතෙනවා මේ වගේ දෙයක් වේවි කියලා.

:       0       15

de silva Saturday, 23 February 2019 05:39 PM

මේවා දිනුවෙත් අපේ ජනාධිපතිතුමාගේ මනා පරිපාලනය සහ මගපෙන්වීම නිසා

:       85       55

Mahee Saturday, 23 February 2019 06:46 PM

කාලෙකට පස්සේ අපේ කොල්ලෝ එහෙ දිනන කොට ක්‍රිකට් මණ්ඩලේ මෙහෙ පරදිනවා.

:       20       72

සමිත Sunday, 24 February 2019 02:08 AM

ක්‍රිකට් මණ්ඩලේ ඉන්නේ වියපත් කට්ටියනේ. එවුන් හින්දා තමයි අපේ ටීම් එක පරදින්නේ.

:       0       30

Jehaan Saturday, 23 February 2019 09:39 PM

ඔබතුමා මේ ගැන කටයුතු කලොත් හොඳටම ඇති.

:       0       0

රවින් Saturday, 23 February 2019 11:18 PM

ඊ ළඟ පාර අර පරණ එක්කෙනා වගේ මෙයත් මැච් බලන්න ගිහින් මැච් පරදියි ද දන්නේ නැහැ.

:       13       2

Bamunuarachchi Saturday, 23 February 2019 11:38 PM

ඊයේ ටීවී නාලිකාවක් පැවැත්වූ "ටෝක්" වැඩ සටහනට සහබාගිවු මුරලිදරන් මහතා හේතු සහිතව කීවේ ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩගන්න බැරි බවයි.

:       9       0

Buddika Sunday, 24 February 2019 01:33 AM

මේක ක්‍රීඩකයන්ගේ පුවහුණුකරැවන්ගේහැකලියාව නොවෙයි.... මෙතුමාගේ දූරදර්ශී මගපෙන්වීම.... රටේ නායකත්වයේ ලක්ෂණ නිසා ලැබූ ජයග්‍රහණයක්...

:       60       786

BamunuarachchiSunday, 24 February 2019 08:02 AM

ඔව් ඔව් මෙයා හොඳ ක්‍රීඩකයෙක් කියලා ගමේ වෙල්විදානේ සමාජ වෙබ් අඩවියකට ලියලා තිබුණලු...

:       1       8

Ruwan Sunday, 24 February 2019 07:14 AM

දේශපාලකයෝ සහ සූදුකාරයෝ හොට දැම්මේ නැති තරමට හොඳයි.

:       0       0

රවින් Sunday, 24 February 2019 07:45 AM

බුද්ධික? මන්ද බුද්ධික හේම නොවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site