(නාලක සංජීව දහනායක)

උද්ඝෝෂණයේ නිරතව සිටින සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ සේවකයන් අතරට අද (07) පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හදිසියේම පැමිණ ඔවුන්ගෙන් කරුණු විමසුවේය.

තමන්ට මුහුණපෑමට සිදුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් එහිදී ඔවුහු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර 2017 වසරේ සිටම එම ගැටලු විසදීමට කිසිවෙකුත් කටයුතු නොකළ බවද එහිදී ඔවුහු පැවැසූහ.

ඔවුන්ගේ ගැටලුවලට සාවධානව ඇහුම්කන් දෙමින් ජනාධිපතිවරයා  සඳහන් කර සිටියේ බහුකාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්‍ෂිත රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ 1300 ක් පමණ වන සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ පිරිසටද රැකියා ලබාදෙන බවය.

ජනාධිපතිවරයාගේ රජයට තමන්ගේ පූර්ණ සහය පළකරන බව එහිදී උද්ඝෝෂකයෝ පැවැසූහ.