කවිතා සුබසිංහ
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළේය.
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළේය.
ඔහු රුපියල් 10,000 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
නඩු කටයුතු අවසන් වන තුරු විත්තිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
විත්තිය විසින් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දී ඇතැයි ද අධිකරණයේ දී කියවිණි.
රුපියල් ලක්ෂයක වන්දි මුදල ට අමතරව තවත් රුපියල් 50,000 ක වන්දි මුදලක් විත්ති පාර්ශවය විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් (මරණකාරියගේ සොහොයුරිය වන ඩී.සිල්වා යන අයට) විවෘත අධිකරණයේදී ලබා දුන්නේය.
ඉකුත් 12 දා කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනනාත් වරකාගොඩ යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නඩුව අප්‍රේල් 29 වැනි දා යළි කැඳවීමට නියමිතය.
COMMENTS
"එළිය" තියෙද්දී පන්දම් අල්ලන්න ගියහම ඔහොම වෙනවා...
මේක මරණයක් සිදුවුණු රිය අනතුරක්..., කොහොමද ඇප ලැබෙන්නේ? අනෙක අගතියට පත් පාර්ශවයට බලපෑම් කර සුළු ගානක් අතමිට මොලවලා නඩුව ඉවර කරයි! නැති නම් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.. අන්තිමේ පාරේ කහ ඉර ඇඳපු මනුස්සයා හිරේ යාවිද දන්නේ නැහැ... එහෙම රටක් මේක..!
රුපියල් 150,000 වන්දිය ගෙවන එක මේ මනුස්සයට සිල්ලර. මෙවැනි දඬුවම් චූදිතයින්ට නොදැනීම තමයි අද අපරාධ වැඩිවීමට හේතුව...
අනේ මන්දා අපේ රටකට ගිය කලක්.
පදිකයින් ද කහ ඉර මත ගමන් ගන්නා විට පරිස්සමින් අවදානයෙන් යා යුතුය . වාහන නැවතූ විට පාර මාරු වන්න . ඔබේ ජීවිතය වටින්නේ ඔබේ පව්ලේ අයටය
අපි අපරාදයක් කරන්න බය වෙන්න ඕන නෑ