(රංජන් කස්තුරි)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උළෙලට පැමිණි දිවයිනේ ජාතික පුවත්පත් කිහිපයකම කතෘවරුන්ට ආසන ලබා නොදීම නිසා ඔවුන් එම අවස්ථාවට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පස්වරුවේ එම සම්මාන උළෙල පැවැති අතර ඊට සහභාගි වන ලෙස ආරාධනා ලැබ සිටි පුවත්පත් කර්තෘවරුන් උත්සව ශාලාවට ගිය පසුව සංවිධායකයින් පිරිසක් ඔවුනට සම්මන්ත්‍රණ ශාලාවේ බැල්කනියට ගොස් අසුන් ගන්නා ලෙස දන්වා තිබේ.
එහෙත් පුවත්පත් කර්තෘවරුන් එය ප්‍රතික්ෂේප කර සම්මාන උළෙලට සහභාගි නොවී ආප්‍රසාදය පළ කර ආපසු ගොස් තිබේ.
ජනමාධ්‍ය සම්මාන උළෙලකදී පුවත්පත් කර්තෘවරුනට ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබිය යුතු නමුත් එවැන්නක් සිදු නොවීම පිළිබඳව සංවිධායකවරුන් වගකිව යුතු බවද ඇතැම් පිරිසකගේ අදහස වී තිබේ.
මේ අතර තවත් පුවත්පත් කර්තෘවරුන් කිහිපදෙනෙකුට උත්සව සභාවේ ඉදිරිපෙළ අසුන් වෙන්කරදී තිබුණු බවද පැවැසේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට පැමිණි පුවත්පත් කතුවරු හැරී යති
Ashok Thursday, 11 April 2019 08:18 AM
කාවදාවත් වැඩක් හරියට කරාවිද ?