IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ  වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

ඒ නිලධාරීන් කරන නාස්තිය නවත්වා එම මුදල්  අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන්නැයි  තමා ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේ‍ය.

ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත්   එය අගය කරන බවත් ඔහු කීවේය.

වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

හදිසි තීරණ ගත් නිසා කෘෂිකර්මාන්තයෙන්  ලොකු අස්වැන්නක්  ලබා ගැනීමට තිබූ අවස්ථාව  නැතිව  ගිය බවත්  සංචාරක කර්මාන්තයද අද  බිමටම වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අද යන තත්ත්වය අනුව රට බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වේ දැයි සැකයක් මතුවන බවත්  නාස්තිකාර වියදම් අඩු කරන දැක්මක් රටේ  තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වාහන ගෙන්වීම සීමා කර තිබියදීත් රටේ ආනයන වියදම වැඩිවී  ඇතැයි පැවසූ හෙතෙම මෙයින් පෙන්නුම් කෙරෙන්නේ   වැඩපිළිවෙළේ අඩුවක්  පවතින බව යැයිද  ප්‍රකාශ කළේ‍ය.

තේ වලට  කුරුඳුවලට පොහොර නැතුව අපේ ප්‍රදේශවල ජනතාව දුක් විඳින බවත් අද යූරියා මිටියක් රුපියල් දහදාහක් බවත් චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේය 



අදහස් (9)

ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි

අගුපිලගේ Friday, 19 November 2021 07:10 PM

ඔබ දක්ෂයෙක් බව යහපාලනය කාලේ ඇමතියෙක් හැටියට කටයුතු කරද්දී දැක්කා.. නමුත් පසුව රට ගැන නොසිතා පක්ෂයක් කරතබාගෙන කටයුතු කළ නිසා අපි ඔබ ගැන කළකිරුණා දැන් ඔබටම ඔබ කලකිරිලා නේද?

:       0       1

de silva Friday, 19 November 2021 09:08 PM

නිකන් කියවන්නේ නැතිව ආණ්ඩුව හොඳ නැතිනම් ඒකෙන් අස්වෙලා විපක්ෂයේ ඉඳගන්න. එහෙම නැතිනම් ස්වාධීන වෙන්න...

:       0       1

Demuni Uduwara Saturday, 20 November 2021 04:22 AM

පාලනයක් නැති රටක්...

:       0       1

lion Saturday, 20 November 2021 05:12 AM

ඔහේටත් ඇමැතිකමක් දුන්නා නම් ඔහේ ඒකේ අනික් පැත්ත කියයි. අපිට දැන් ඔය දෙගොල්ලන්ම ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. අවුරුදු 73ක්.. හොඳටම ඇති.

:       1       0

AMILA Saturday, 20 November 2021 05:54 AM

රුහුණු කුමාරි දැකලා තියෙන්නේ පෙට්ටි ගලවලා යන වෙලාවක වගේ...?

:       1       0

Kumara Hemanth Saturday, 20 November 2021 06:40 AM

ඔය තියෙන්නේ දූෂණය, නාස්තිය.. මේ සේරම එකයි.

:       0       1

ravin Saturday, 20 November 2021 06:58 AM

ඇමැති කාලේ ඉඳලා හිටපු නිලනිවසින් ගිහිල්ලද මේ කෑගහන්නේ?

:       0       0

Bejamin Perera. Saturday, 20 November 2021 09:55 AM

ඕක මොකක්ද මහත්තයෝ..? ලිච්ඡවි රජවරුන්ගේ කාලේ වගේද මේ...? දැන් ඉන්නේ ‘‘තුච්ඡවි..‘‘ රජවරු.. මේක මෙහෙම තමයි..

:       0       1

චන්දන Saturday, 20 November 2021 02:30 PM

ආ... ඒක ද රජයේ සේවකයන් බරයි කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site