(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියෝග කළේය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලැබ සිටිති.
2006 වසරේ ජුලි පළමු වැනි දින සහ දෙසැම්බර් අතර කාලයේදී එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදයි විත්තිකරුවන් පහක් චෝදනා ලැබ ඇත.
නිදහස ලැබූ විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කේ.වී තවරාසා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකරුට එරෙහිව අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණය හැර කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව නිදොස් කර නිදහස් කරන ලෙසය.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදහස් කිරීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
341
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්
Bamunuarachchi Thursday, 19 December 2019 04:17 PM
මෙයින් ඔප්පුවෙනවා ගෝඨාභය මහතා ගරු අධිකරණයට අත පොවන්නේ නැතිබව. අධිකරණය නිදහස් කරනවානම් එය අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණයට අනුව ක්‍රියාකරනවානම් එයට විරුද්ධව පිරිත් කීමත් ගොබ්බ වැඩක් ලෙස මම දකිමි.
පිටිගල මිලානෝ Thursday, 19 December 2019 04:21 PM
හ්ම්.... අපි හිතුවා මෙයා නිදහස් වෙයි කියලා. ළඟදීම රැකියාවක් සහ දියුණුවෙන්න මුදලකුත් ලැබෙයි. මේ බෝම්බ ප්‍රහාරය ගැන නොයෙක් විදිහේ කතා ඇසෙනවා නේද..?