(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පැවැසීය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයකු වන හෙයින් පක්ෂ නායක ජනාධිපතිවරයා ලබාදෙන ඕනෑම තනතුරක් බාර ගන්නා බවද හෙතෙම කීය.
තනතුරක් ලබානොදුන්නද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කැපවෙන බවද හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
කොළඹදී අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා එම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරක් නැතිව නින්ද යන්නේ නෑ වගේ.
රට කණ පිට ගසා බැලුවත්.. පෙරළ පෙරළා කොතැන හෙව්වත්... බලලෝභී නොවන එක්අයෙක් වත්... සොයාගන්නට හැකි ද කවදත්.....
කුණු ගොඩවල් ඔක්කොම ඉන්නේ අරයා ගාවනේ බලන් ගියහම...
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු /// ..එහෙව් රටේ කොයිදේත් වෙන්න පුළුවන්.
විලිලැජ්ජාවක් කියලා ඇත්තටම නැහැ.
මෙයාට මුදල් ආධාර ලැබුණු විදිහ හොයලා ඉවරද දැන්? තහනං සංවිධාන වලින් පවා මුදල් ලැබිලා තියනවා කියලා කිව්වා නේද? ඒවට එකක්වත් නඩු නැත්ද දැන්..?
ඔයත් එන්න... එච්චරයි තව අඩු..
අවංක ජනතා සේවයකට තනතුරු අවශ්‍යද?
හරි හරි ඔහොම නටන්නකෝ... එකක් මතක තියාගන්න. පව්කළාම ගෙවන්න වෙද්දී ආගම මොකක්ද කියලා වෙනසක් නැහැ. අර අහිංසකයින්ගේ වේදනාවේ සාපෙ ඔහෙට කොයි වෙලාවේ හරි පඩිසන් දේවි...
ජනාධිපතිතුමා ලැජ්ජා, භය හොඳින් දන්නා කෙනෙක්... ඒක නිසා නැවත ආරාධනා කරන එකක් නැහැ.
අනේ උඹලාගේ මාධ්‍ය සංදර්ශණ. ජනතාව මාව ඉල්ලුවා අරයා, මෙයා මට ආපහු එන්න කියලා ආරාධනා කරනවා. බේරුමක් නෑ කියල උඹල ආපහු එනවා. උඹලාම ෆෝම් කරගෙන බත් පැකට් එකටයි, රු. 1000 ටයි මිනිස්සු පාරේ හිටවල කෑ ගස්සවාගෙන අපිට කියනවා මාගේ ජනතාවගේ බලවත් ඉල්ලීම මත මා නැවත ධුරය බාරගත්තා කියලා. මේ මෝඩ චූන් අපිට දැන් ඇතිවෙලා. තොපි හිතුවට අපිට ඕවා තේරෙන්නෑ කියලා මේ රටේ මිනිස්සුන්ට ඔය මල කෙලි තිත්ත වෙලා... ඔබලා ආයේ දෑහැට දකින්නවත් මේ මිනිස්සු බහුතරය කැමති නෑ. සල්ලි කුට්ටි ටිකයි, බලයයි මතක් වෙනකොට ආයෙත් හිටපු තැනට එන්නනේ ඕනෑ. ඉතිං ඕක කෙලින් කියපන්... ඉවරයිනේ කථාව.
ජනාධිපතිගේ බුලත් වැලේ තාම දළු විතරයිලු! කොළ ලොකු වුනාම එයි! බලන් හිටහන්..
අයෙමත් එකක් හදන්ඩද හිත ,ඔහොම්මම ගෙදර යන් ...
ප්‍රභාකරනුත් ඉස්සර ඔහොම කියව කියවා හිටිය අන්තිමට වුණදේ දැක්කනේ..? ඔහොම යමු ඔබගේ ඉරණමත් කාලය විසින්ම විසඳාවි..