(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වා එයින් ජයගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (19) පැවසීය.
මේ නිදහස දෙන්නේ අපට අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව කී අග්‍රාමාත්‍යවරයා කිසි විටෙක පසුපසට යාමට අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,
මෙම ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වනවා.අපට කිසිඳු බියක් සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැත.අපට ඉදිරියට යන්නට හැකියාන තිබෙනවා.ඒ නිසා අප නිදහස් ජනාධිපතිවරණයක් පවත්වනවා.කිසිවකුත් ඒ ජනාධිපතිවරණයේදී තුවක්කු ගෙන එන්නේ නැහැ.
අපට මේ ජනාධිපතිවරණයට මුහුණ දිය හැකියි.අපට මේ ජනාධිපතිවරණය ජයගත හැකියි.ඉන් පසුව අපට පාර්ලිමේන්තු මැතිවරණය ජයගන්න පුළුවන්.අපි පසුපසට යන්න අවශ්‍ය නැහැ.මේ නිදහස දෙන්නේ අපට අප කෙරෙහි තිබෙන විශ්වාසය නිසයි.අප සෑම අංශයකටම විවෘතව කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා බයයි! රට අපටයි!! ඉදිරියටම යන්න මැතිඳුනි...
සූත්තර පුංචා මේ නොකියා කියන්නේ මෙතෙක් කල් නිදහස් ඡන්දයක් රටේ නොතිබුණු බව නොවේද? එක්කෝ මදුවැල් කැඳ වැඩිපුරම බීලා... එහෙමත් නැත්නම් මාසේ පෝය කිට්ටු වෙනකොට ගන්න බෙහෙත් බීලා නැහැ.
ඔක්කෝටම ඉස්සෙල්ලා තමුන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරලා ඉන්න.
එකනේ මේ අද හොදටම කලබල වෙලා ඡන්දය අවලංගු කරන්න හැදුවේ, අනේ මහත්මයෝ අපි අහල තියෙනවා නරිය මිදී කන්න බැරි වුනහම මිදී ඇඔුල් කියල නිකන් හිටියාලු!!! ඔබ තුමන් ඊට දෙවැනි නැහැ වගේ. හිරිකිතෛ ඔබා තුමාගේ වැඩ. දැන් ඕක අර මනුසයට දීල යන්න දැන් පිට පෙනෙන විදිහට ඔබතුම හිටිය තරම් හොටදම ඇති!!!!
එක කොහොමත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රය මහතා සහ කොමිසමේ නිලධාරීන් හරියට කරාවි. එතුමා 2015 දී කරලා ඔප්පු කළා. ඒ ගැන ජනතාවට සැකයක් නැත. මෙයා නිකම් ලකුණු දාගන්න උත්සාහ කරනවා. එක පැත්තකින් කැබිනෙට් පත්‍රිකාවක් දානවා විධායක ජනාධිපති දුරය අහෝසි කරන්න. අනිත් පැත්තෙන් කියනවා මේ ජනාධිපතිවරණය ජය ගන්නවා බව. එකෙන් තේරනව මෙයාගේ කපටිකම.
යන්න ලන්වෙනකොට ඔහොම විකාර ඉබේම කියවෙනවා.
මේ ආණ්ඩුව කොපමණ ප්‍රජාතන්ත්‍ර, නිදහස්ද කියනවා නම් මරාගෙන මැරෙන ත්‍රස්තයින්ටත් නිදහසේ පුපුරුවා ගන්න ඉඩදීලා ත්‍රස්තයින්ගේ මතයටත් ඉඩදුන්නා. ඔහොම යං... ඔහොම යං...
ඒ කටයුත්ත කොමිසමේ සභාපති අකුරටම කරාවි. එතුමා එ්ක 2015දී ඔප්පු කළා. ඔයා නිකම් ලකුණු දාගන්න එපා...
රෙද්ද තමයි.. මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ..., මහා බැංකුව හොරාකාලත් ඇතිවෙලා නැහැ.
හා හා ඇති ඇති. එ්කටත් අංචියක් අදින්න ලැහැස්ති වෙන්න එපා. මැතිවරණෙ පවත්වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන්... මැතිවරණ කොමිසමෙන්, ඒ නිලධාරීන් අවුරුදු ගාණක් මැතිවරණ තියලා පළපුරුදු නිලධාරීන්... එ්කට නූල් සූත්තර දාන්න ඕනෑ නැහැ. ඒ සමහර නිලධාරීන් ඔබතුමා දේශපාලනේ ඇටෙන්, පොත්තෙන් එන්නත් කලින් ඉඳන් මැතිවරණ තියන උදවිය. ඒ ගොල්ලෝ තියාගනියි එ්ක...
ප්‍රජාතන්ත්‍රවාදය , රටේ ඉමහත් දියුණුව ,අමුතුම කොළඹ , මාධ්‍ය නිදහස , වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව,රටටම වයි ෆයි, බ්රේස්ලට් සමඟ අලුත්ම ඉදිරිපත් කිරීම නිදහස් ඡන්දය.
ජනාධිපතිවරණය නිදහස් ඡන්දයක් ලෙස පවත්වනවාගෙන යය්. ඔබ තුමා මේ දවස් වල සජිත්ව කපන්න කරන කෙනෙහෙලි කම් මුළු රටම හරිම පිළිකුලෙන් දකින්නේ.මුළු රට පුරාම චන්ද පදනමක් හදාගෙන ඇති තරුණ වයසේ ඉන්න සජිත්ට පක්ෂය බාරදීලා නම්බු පිටින් ගෙදර ගියානම් ඔබතුමාගේ දේසපාලන ඉතිහාසයට කව්රුත් ගරු කරය්.
සිහිනය ජනාධිපති තරගය ජයගැනීම, ඊලග මැතිවරණය ජයගැනීම, ඉන්පසු පොරොන්දු පරිදි විල්පත්තුව ලියා දීම, උතුර, නැගෙනහිර රටෙන් වෙන්කිරීම, බැංකු මංකොල්ලය යට ගැසීම,පාස්කු බෝම්බ පිපිරීම යටගැසීම, කෙලින්ම රට විනාශ කිරීම.
සර් දැන් වෙන කරන්නම දෙයක් නෑ. එක්කෙනෙක් රට වටේ ගිහිල්ලා සජිත් එනවෝ කියලා මිනිසුන්ව කුලප්පු කරනවා. ඒ මදිවට නෝනා දැනටමත් ආර්යාවට ඇඳගෙන. අනික් පැත්තෙන් සර් ගේ කීමට එක මහත්තයෙක් සුට් මහන්න සල්ලි වියදම් කරලා. පොටෝ ශුට් කරලත් ඉවරයිලු.