(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තුන් කොන් සටනකට නොයන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තරගය එන්නේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර පමණක් බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ පක්ෂ මූලස්ථානයේ අද පැවැති හමුවකට සහභාගි වෙමිනි.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය , ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වශයෙන් මැතිවරණ තුනක් ඒමට නියමිතව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ කිසිවකදී පාක්ෂිකයා අතරමං නොකරන බවද කීවේය.
ප්‍රධාන කණ්ඩායම් දෙකේම අභ්‍යන්තර ගැටළු පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තනතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන් කිහිපදෙනෙකු නැවත තනතුරු බාරගෙන ඇති බව කී ජනාධිපතිවරයා ඔවුන් තනතුරු බාරගත් බව එම පක්ෂ වල අයවත් නොදන්නා බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ මූලිකත්වයෙන් පැවැති මෙම සමුළුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් ද සම්මත කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර තරගයක් තියෙනවා කියලා මෙවර මේ අදහස වෙනස් කරන්නට සූදානම් වෙමු
ගෞරවණීය තීන්දුවල ප්‍රතිඵල අපි නම් දැනටමත් විඳිනවා..
අපිට මතකයි කිව්වා 2015 ජනවාරියේ නැවත ජනාධිපති තරගයට නොඉල්ලනවා. එය විශිෂ්ඨ ලෙස ඉටු කරනවා කියලා... අපිට සති 2න් අමතක වෙනවා කිව්වේ පරීක්ෂණ කරලා නොවේනේ... අවුරුදු 79ක මතකයක් ලාංකිකයින්ට පිහිටලා තියෙනවා...
ජය වේවා ඔබතුමාට
අපට නම් ඔය දෙගොල්ලම වහ කදුරු. තව ඔතෙන්ට එන්න හිතන ජරා ජීර්ණ වෙච්ච නිකම් පුරසාරම් දොඩවන උදවිය ගැනත් එහෙමයි අපි හිතන්නේ. ඉතින් මොකක්ද විසඳුම? අපි තුන් වැන්නෙක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියා ගෙනයි ඉන්නේ. ඒ නාගානන්ද කොඩිතුවක්කු!
මේ කියන කිසිවක් කරන් නැහැ .
මෙයා මොන තත්වයක් තුළවත් කිසිම වැදගත් කමක් සහිත පුද්ගලයෙක් හෝ පක්ෂයක ඉන්න කෙනෙක් නෙමේ. එ.ජා.ප. ය අරන් දුන්න බලය ගෙන ඒකටම ගහන්න හදන , අද කියන දේ හෙට වෙනකොට වෙනස් වෙන ,සත පහකට විශ්වාස කරන්න බැරි, වැඩකට නැති පුද්ගලයෙක් පමණයි. ඒ නිසා මේ වගේ විහිලු කතා කවුරුත් ගණන් ගත යුතු නැහැ. ශ්‍රී.ල.නි.ප ය කියන්නේ මෙයා නිසාම අද වෙනකොට නැති වුනු පක්ෂයක්.
ඔබ කලබල වෙන්න එපා අපි අපේ තීන්දුව කලින්ම අරන් තිබෙන්නේ. මෙදාපාර අපි ජනාධිපතිවරනේදී මනාපේ ගහන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ 3-4 ටම නැති ,රටට ජාතියට ආදරය කරන අපිට කලින් බොරු පොරොන්දු නොදුන් උගත් බුධිමත් ස්වාධින අපේක්ෂකයෙකුට ,සති දෙකකට වරක් පිටරට යන , ආරක්ෂක ඇමතිකම හරි හැටි කරන්න බැරි , ජනාධිපතිවරනෙට කලින් දීපු පොරොන්දු වලින් 20% වත් ඉටු නොකරපු පුද්ගලයන්ට කොහොමත් මනාපේ දෙන්නේ නැත , පක්ෂ පාට බලල ඡන්දෙ දුන්නට වැඩක් නැත, ඡන්දෙන් පස්සෙන් මොවුන් කටුස්සෝ වගේ පාට මාරු කරමින්, ගෙම්බෝ වගේ අනික් පැත්තට පනිති.
ගෞරවනීය වෙනස් කම් 2015 පසුව හොදට දැක්කා. අන්තිමට දැක්ක නාටකය කාට කාටත් මතක ඇති නාමල් කුමාර නාටකය මේක තමයි හොදම නම්බුනාම සහිත වෙනස් කම. තව මොනවද වෙනස් කම්. කරුණාකරලා අයෙත් නම් එන්න නම් එපා .මොකද මේ වෙනස් කම තාම මිනිස්සුන්ට මතකයි. මේ වසරේම නේද ඔය ජනාධිපතිකමට මැතිවරණෙ.
[ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ......] දෙයක් කරන්න තමුන් බලාපොරොත්තු වෙනවානම්, ඒක මුළු රටටම කරන සේවයක් වෙනවා !!!!! ඊට පිළියම වශයෙන් අනුන්ට දොස් පවරන්නේ නැතිව, වැඩ පුළුවන් අයට ඉඩදී, මේ ඉතිරි මාස කිහිපය තුළ ඕන තුත්තුකුඩියක ඕන තරම් රොත්ත බුරුත්තක් පිරිවරාගෙන රවුම් ගහල එන්න. ඔහේගේ වැදිබණ අහලා දැන් ඒවා රටටම එපාවෙලයි තියෙන්නේ. ඔහේ කරපු කියපු හොඳ නරකට මහජනතාව ඡන්ද පත්‍රිකාවෙන් පිළිතුරු දෙනවා ඇත ! දැන්ම හිටන්ම ඇපේ බේරාගන්නද මේ දේශනාව ?????
ඔය කියන කණ්ඩායම් දෙකම කලේ අවුරුදු 70 තිස්සේ මේ රට නිදහසේ මංකොල්ලකාල තම පවුල්වල අයට ජනතාවගේ සල්ලි බෙදල දීලා මේ රට කාබාසිනියා කරපු එක විතරයි.
මෙයා ජීවත්වෙන්නේ අතීතයේ, රටේ ජනතාව මේ කාලේදී හුගක් වෙනස්වෙලා කියලා දන්නේ නැහැ. ඒවා දැනගන්න මෙයා මෙරටේ නැහැනේ. මේ තුන්ගොල්ලන්ටම අකුලාගෙන යන්න වෙනෙවා කියල කවුරු හරි කියනවද කරුණාකරලා.
ගෞරවණී තත්වය පහ වෙලා හුගක් කල්. එන ආත්මෙදිවත් බලමු නේද සිරිසේන මහත්තයෝ?
මොකද මොකද මේ කලබලේ තව පාරක් දෙකක් හොරු අල්ලන්ඩ සැට් උනොත් නේද හොඳ.
මහින්ද මැතිතුමා ට පක්ෂය බාර දෙන්න . පොහොට්ටුව පිටින්ම ශ්‍රී ල නි ප යට එක්වේවි. එවිට ජය නියතයි .
වැදගත් විදියට ගෙදර යන එක තමයි ගන්න තියෙන ගෞරවනීයම තීන්දුව..
ඔබතුමා ආපහු ඉල්ලුවොත් අපි කොහොමත් ගෞරවණීය තීන්දුවක් දෙන්න මග බලන් ඉන්නේ
අනේ නිකම් යන්න ලොක්කා පව් නොදී අපිට
යන්න ඉස්සෙල්ල එකම එක ගෞරවණීය දෙයක් කලා කියල හිත හදාගන්න පුළුවන්.
අපිත් ගෞරවනීය තීන්දුවක් ඔබටත් ඔබව නැවත ජනාධිපති කරන්න කියන ඔබ පක්ෂයේ ගොයියන්ටත් දෙන්නම් , එතෙක් ඉවසන්න.
මේ පාර දිනනවා මයි....
හැකිනම් හදුනා ගැනුමට දන්නේ "දන්නැහැ" බවට..// එය නම් ලොකුම දිනුමකි අපේ ජිවිත කාලෙටම..// ඇහුවොත් යමක් මුළු ඔක්කොම දන්නෝ බව ස්ථිරය.// උන්නැහේ කිව මැන දන්නා දෙය අප සැමට..//
ඔබ මොන තීන්දුව අරගත්තත්, ආරක්ෂක ඇමතිකම හරිහැට කරගන්න බැරිවීම නිසා මුළු රටම අනතුරේ හෙලපු , කැබිනට් රැස්වීමක් හරිහැට පවත්වා ගන්න බැරි , රටේ ආර්ථිකය මාසෙන් මාසෙට පහල වැටීම නවත්වගන්න කිසිම පියවරක් නොගන්න , මාසේ සතිදෙකක පමණ පිටරට සංචාර වල ගතකරන ඔබ නැවත පත්කරගන්න ඡන්දෙ දෙන්නේ කවුද ?
පවුල් පිටින් හොරකම් කරන්නයි, මිනී මරන්නයිද? ඔය දෙගොල්ලම අවුරුදු 71 ක් රටත්, මහජනතාවත් කෑවා. දැන්වත් යන්න. මේ සැරේ අපි නාගනන්දට දෙනවා. අපට හැදෙන්න නොවෙයි. රට හදාවි කියන බලාපොරොත්තුවට.
දැන් ඔබතුමාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා කියන ඔබ ළඟ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් වැඩි දෙනෙක් ගියවර ජනාධිපතිවරනේදී වැඩකලේ මහින්ද මහත්මයට.., දැන් ඔහොම කියලා සමහරවිට ඔවුන් ජනාධිපතිවරණයට සති 2-3ක් විතර තියලා පැත්ත මාරුකරලා කෙලින්ම මහින්ද මහත්මයා අනුග්‍රහය දක්වන රාජපක්ෂ පවුලේ කෙනෙකුට වැඩ කරාවි.. එහෙම වුණොත් ඔබට වෙන්නේ ඇපත් නැතිවෙන එක.., අන්තිමට ඔබ වැටෙන්නේ දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියට, මේ තීරුවේ තිබෙන පාඨක අදහස් දැකහම ඔබට හිතෙන්නේ නැද්ද? දිනන්න බැහැ කියලා.., එහෙම අවස්ථාවක කරන්න තිබෙන හොඳම දෙය ඉදිරි මස දෙක, තුන තුළ එකවර ජනාධිපතිවරණයක් තියලා ජනතාවට සුදුසු කෙනෙක් පත්කර ගන්න කියලා ඔබ අර විජේතුංග ජනාධිපතිතුමා කළා වගේ නම්බු පිටින් ගෙදර යන්න...