(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ 33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමන් සභාව සඳහන් කරයි.
මේ අතර අද දිනයේ තවත් අපේක්ෂකයෝ 11 දෙනෙක් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ද,ජයන්ත ලියනගේ මහතා සිංහල දීප ජාතික පෙරමුණෙන්ද , දුමින්ද නාගමුව මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ද , මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂය වෙනුවෙන්ද , අරුණ ද සොයිසා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
මේ අතර අජන්ත ද සොයිසා මහතා රුහුණු ජනතා පෙරමුණ නැමති ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂයෙන්ද ඇප මුදල් තැන්පත් කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බෂිර් සේගුදාවුද් , ඉල්ලියාස් මොහොමඩ් , පියසිරි විජේනායක , රජීව විජේසිංහ, කුමාර වෙල්ගම යන මහත්වරු ස්වාධීන අපේක්ෂකයින් ලෙසද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
COMMENTS
මේකටනම් නීති හදන්නම වෙනවා. කඩල කාරයොයි, එඬේරයොයි ඔක්කොම ඉල්ලා මේක හෑල්ලුවට ලක්කරනවා නේද ?
ඇප මුදල ඉහළ දමන්න. වියදම පියවාගන්න. ඇප මුදල මිලියනයක් කළයුතුයි...
පහුගිය දවස් වල මිලියන 300 කට වැඩියේ ජන ගහනයක් ඉන්න, පාර්ලිමේන්තුවේ 575 ක් දෙනෙක් මන්ත්‍රීවරු ඉන්න දියුණු රටක්වන ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත් වුණා අපේක්ෂකයෝ 2 යි, ඒකට මිලියන 20 ක ජනගහනයක් ඉන්න නොදියුණු අපේ රටේ දැනටමත් අපේක්ෂකයෝ 33 යි, එකෙන්ම හිතා ගන්න පුළුවන් මහජන මුදල් කොල්ල කෑමට කොච්චර පහසු කමක් තියන රටක්ද ලංකාව කියල, දැනට ඉන්දුනීසියාවේ හිටපු කතානායක සමග ඇමතිවරු 10 කට වැඩි පිරිසක් දීර්ග සිරදඩුවම් විදිනවා අල්ලස් චෝදනා වලට වැරදිකරුවන් වෙලා, ලංකාවේ එක මන්ත්‍රී කෙනෙක් වත් අත්අඩංගුවට අරගෙන තියනවද අල්ලස් චෝදනා වලට කොටි ගණන් එළිපිට හොරකම් කරද්දී ? මෙන්න මේවයි වෙනස් වෙන්න ඕනේ,
ඉන්දුනීසියාව දියුණු රටක් නෙමෙයි. ලංකාවටත් වඩා නොදියුණු රටක්..
ඡන්ද ලක්ෂයකට අඩුවෙන් ගන්න අයගෙන් මිලියන 100ක දඩයක් ගහනවා කිව්වා නම් ඔතන 4 දෙනයි ඉතුරු වෙන්නේ...
මුන්ටනම් පිස්සු .ජනාධිපති අපේක්ෂකකම දෙන්ට ඕනේ උගත්,බුද්දිමත් හරිහමන් අයට මිසක් කිසි වෙඩකට නෙති එවුන්ට නෙවෙයි .වසර 70ක් පුරාවටම බලලෝබි ,දුශිත දේසපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක තමා .