(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.
පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් සහ ස්වාධීන අපේක්ෂකයෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බවද දේශප්‍රිය මහතා කීය.
මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාකරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දීමක් කර තිබිණි.
COMMENTS
මැකෝ මාත් එනවා මෙදා..
මෙහෙම දකිනකොට තවත් අයට ඉදිරිපත් වෙන්න හිතෙයි.
ජනාධිපතිකම සෙල්ලමකට අරගෙන. ඒකෙ බරපතලකම හා වගකීම දන්නේනැති ජෝකර්ලා හැංගිමුත්තන් කරනවා.
නමුත් එකම එක්කෙනයි සැබෑ වෙනසක් නව වෙයාවස්තාවකින් ගෙනවිත් ... අපේ රට මංකොල්ල කරුවන්ගෙන්ම මුදා ගන්නට එඩිතරව ඉදිරිපත් වී සිටින්නේ. ඒ නාගානන්ද කොඩිතුවක්කු. අනික් අය ඔක්කොම නිදහසේ රට සූරා කෑ හැකි පරණ වෙයාවස්ටාව මහින් පත්වීමට කෙල හලමින් සිටින අයයි. ඔවුනට දී හැක්කේ බොරු පොරොන්දු පමණි. ජනතාව මෙවර රැවටෙන්නේ නැත.
මෙදාපාර උගත්තු බුද්ධිමත්තු ස්වාදීන අපේක්ෂකයෝ එමටයි. නමුත් රටේ වැඩියෙන් ඉන්නේ මොලේ කලඳක් නැති ඕනෑම අමකට රැවටෙන චන්ද දායකයෝ. ඒ නිසා විවාදයක් නැහැ ජනාධිපති වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එජාපයෙන් එක්කෙනෙකුයි ස්වාධීනව තවත් එජාප පක්ෂිකයෙකුයි ඉල්ලුවොත් වෙන තත්වයයි. එක්කෙනෙක්ගේ දෙවෙනි මනාපේ අනික් එක්කෙනාට ගැහැව්වොත් වැඩේ බරපතලයි. එහෙම නැතිනම් පොඩි ප්‍රචාරයක් ගන්න දෙපිලකට බෙදිලා අන්තිනේ එකතුවෙන්නත් පුළුවනි.
මැකෝ කරුණාකර, ඉල්ලන අය කාටවත් චන්ද දායකු අකමැති නම් එය සඳ හන් කෙරීමට කොටුවක් චන්ද පත්‍රිකාවේ යොදන්න.මෙය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන්න.
මම 2024 ඉදිරිපත් වෙනවා , හදහන බැලුවම එපා කිව්වා පක්ෂයකින් එන්න එපා කිව්වා , තනියම තරේගයට ඇවිත් , අලුත්ම ආණ්ඩුවක් හදන්න කිව්වා. අනිවාර්යෙන් දිනනවා කිව්වා , ඉතිහාසයේ නොවුන. දෙයක් සිදු වෙනවා කි. කිව්වා , සේරම හොරු ඇතුලට යනවා ලු රටට ජනතාවට කිරි ඉතිරෙනවා. කිව්වා පස්සේ. කියන්න පුළුවන් ඉතිරි ටික ,
හේතුව නොමිලේ ලාබෙන එයාර් ටෛම් එකේ ප්‍රධාන පක්ෂ වලට කඩේ යන්න පුළුවන්
මමත් එනවා!! අඩුම තරමේ මගේ නෝනගේ හා ළමයි දෙන්නගේ චන්දෙවත් ලැබෙයිනෙ
නිකන් සුපර් ස්ටර් වගේ...
ගෝඨාබය හැරුණු කොට අනිත් කිසිම කෙනෙකුට නිසි දැක්මක් නැහැ .......අනිත් අය ඔක්කොම එන්නේ දේශපාලන කොන්ත්‍රාත් වලට...රට අරාජික කරන අධිෂ්ටනයෙන්...
අපි නාගානන්ද මහත්තයට.
කුවෛට් කුමරිත් ජනාධිපතිවරණයට ඉදිරි පත් වෙනවා වගේම හොද තරගයක් දෙනවලු....
කාටවත් දැක්මක් නැහැ. නිකම් බලය හොයනවා විතරයි. ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුන කෙනෙක් ජනපති වෙනවා කියන්නේ භයානක ප්‍රශ්නයක්?
මේ එජාපයේ අපක්ෂකයා නැතිව නේද
බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ නැද්ද ?
ලෝකයේ කිසිම රටක තවම" "ජනාධිපති අපේක්ෂකයින් 17 දෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ " සිතුම් , පැතුම් සහ ක්‍රියාකලාපය.."
ඒතකොට මේ 17 දෙනාට සජිතුත් අයිති ද? ජනාධිපති බලතල කප්පාදු කළා කිව්වට ඉල්ලුම නම් අඩුවක් නැහැ. තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළෙත් නැහැ. රට භාරගන්න කට්ටියගෙ තියන උනන්දුව?