බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සැළකිල්ලට ගන්නැයි ඉල්ලමින් එම සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලට අදාළව සාක්කි ලෙස මෙම වීඩියෝ පටය බාර දුන් බව ඔබේසේකර මහතා කීය.
ජනාධිපතිවරයා මාධ්‍යට ලබා දී ඇති එම සම්මුඛ සාකච්ඡාවේ අන්තර්ගතයෙන් අල්ලස් ලබාදීමේ සිදුවීම ගැන ඔහුට ඇති කරුණුමය දැනීම පෙනීයන බවත් එනිසා ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ස්වෙච්ඡාවන් ප්‍රකාශයක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔබේසේකර මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.