IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජනතා ප්‍රශ්න විසඳන හැටි සජිත් කියයි

(නිමල කොඩිතුවක්කු)

ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ වියුරුවෙන්  නොව සාකච්ඡාව, අහුම්කන් දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහගුණ ධර්ම තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මේ වන විට 69 ලක්ෂය ඇතුළු මුළු රටම කලකිරීමට පත්ව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තිස්සමහාරාම සම සංවිධායක ටී.වී.කේ ගාමිණි මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයටඑක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ පෙරට ගෙන යාමට නොහැකි බවත් අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවත් හෙතෙම සඳහන් කළේය.

ජන ජීවිත සුරක්ෂිත කරමින් මානව සම්පත වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ජන ජීවිත ගොඩ නැංවීම තුළින් අපේ රට පෙරට ගෙන යා හැකි බවද ඔහු පැවසීය.

 



අදහස් (12)

ජනතා ප්‍රශ්න විසඳන හැටි සජිත් කියයි

SUNIL MILANO Monday, 08 November 2021 01:11 PM

මේවා කරලා තමයි වර්තමාන ආණ්ඩුව අනාගත්තේ... යහපාලන කාලෙ වගේ දෙකේ දෙකේ පොලුවලින් සලකන්නම්... මේ ලෙඩවල් දැන් ගොඩක් දුරට සුවයි...

:       11       17

Senarath Monday, 08 November 2021 01:50 PM

ඔයාලා 2015 සිට 2019 වෙනකම් බලයේ හිටියා ප්‍රශ්න විසඳුවද ?එහෙම විසඳුවා නම් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය කොහොමද තවම තියෙන්නේ ?අවුරුදු 30 ක් තිබුණු යුද්ධය කවුරු බලයේ ඉන්න විටද ?ඔයාලට අඩුම තරමේ ලස්ස්නාට පිරිසිදුවට තිබුන කොළඹ නගරයේ පිරිසිදු බව රක ගන්න පුළුවන් උනාද ?දැන් විපක්ෂයේ ඉන්න කොට ඔක්කොම කෙරුම් කරන්න කතා කරන්නේ

:       11       21

fairoosMonday, 08 November 2021 02:49 PM

අනේ සෙනරත් දැන්වත් වහල් භාවයෙන් මිදෙන්න... දැනට රටතුළ පවතින තත්වේ කවදාවත් වෙලා නැහැ.

:       15       5

kamal Monday, 08 November 2021 02:16 PM

මේ ගොල්ලගෙ කතා ඇහුනොත් අනික් රටවල් වලින් ආරාධනා එන්න පුළුවන් ඒ රටවලත් පාර්ලිමේන්තු භාරගන්න කියලා

:       5       18

RaveendraMonday, 08 November 2021 02:40 PM

මේ මොහොත වනවිට කියවීමට හැකිවූ හොඳම අදහස ඔබගේ බව සඳහන් කරන්නෙමු. ඇත්තෙන්ම රටක විපක්ෂයේ කාර්ය භාරය කුමක්දවත් නොදත් මුග්ධයින් හට එය "අසුචි ඔටුන්නක්" ලෙස භාවිතා කිරීමට යොදාගැනීම අවාසනාවකි...

:       3       12

Nihal Monday, 08 November 2021 02:23 PM

පියා ඔහොම කියලා කරපු හැටි තාම මතකයි

:       5       19

RaveendraMonday, 08 November 2021 03:05 PM

තමන් උපන් ඒ උදාර මව්බිමට "අවංකව ආදරය කරන පුරවැසියන්" පාලන බලය කිසිවෙකුට ලබා දෙන්නේ පිනට සියල්ල ලබාගැනීමට නොවන බව කිව යුතුයි. (වැඩි පිරිසක් මෙම අදහසට කුපිත වී අපගේ දෙමාපියන්ටද පිං අනුමෝදම් කරනු ඇත. නමුත් කිවයුතු දෙය කිව යුතුමයි). තමන්ගේ ඒ මව්බිම දියුණු කිරීම, මහජනතාවගේ සුබසිද්ධිය, රටේ ආරක්ෂා යන මූලික කරුණු පෙරදැරි කරගෙනයි. රටේ විපක්ෂයද එයට ඍජුවම දායකවිය යුතුමයි. එසේ නොකරනවා යනු පාලන පක්ෂය මෙන්ම විපක්ෂයද මහජන ශාපය තොග ලෙස ලබා ගැනීමයි. එහි ප්‍රතිඵල නම් භයානකයි. දැනටමත් පාලනයේ සිටින අය මෙන්ම විපක්ෂයේ අයද එවන් මහජන සාපයේ අතුරු ප්‍රතිඵල වන නොයෙකුත් ලෙඩරෝගවලට භාජනය වී ඇති බව හොඳින් පෙනෙන කරුණකි. සමහරුන්ට "ඍජුව හිටගෙන සිටීමටත් අපහසුයි". මහජන සාපය ලැබූවන්ගේ නාමලේඛනයේ මොහුත් ඉහළින්ම සිටින කෙනෙක් වීම කණගාටුවකි.

:       1       8

Chinthaka Monday, 08 November 2021 02:32 PM

ගොවියෝ පස්සේ යනවා, ගුරුවරු පස්සේ යනවා, බලයට එන්න ඕනෑම ලැජ්ජා නැති දෙයක් කරයි. බලයේ හිටපු කාලේ මොනවද කෙරුවේ...? මේ වගේ අයද රටේ නායකයෝ වෙන්න හදන්නේ..?

:       3       15

ඉඳුනිල් ප්‍රියන්ත Monday, 08 November 2021 02:51 PM

සජියා හම්බන්තොට පැරදිලා කොළඹට පැනලා දැන් බයිලා කියනවා... මුලු රටම ජවිපෙට තමයි..

:       6       10

Ranil Wikkamasinha Monday, 08 November 2021 02:56 PM

උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු... කොහොමද ටින්කිරි මොලේ? ලේසි නෑ.. ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් වලින් ගත්තු ලෙඩ උපාධියක් තියෙන්නේ... !!! 

:       5       11

Saththaya Monday, 08 November 2021 03:12 PM

ජනතාව දැන් දන්නවා ඔක්කොමලා හොඳ යාළුවෝ කියලා. ඒ නිසා කල්තියාම හිතේ තියෙන ආසාව අත් හරින්න. දැන් රැවටෙන්න කෙනෙක් ඉතුරුවෙලා නැහැ...

:       0       7

විපරමා Monday, 08 November 2021 08:42 PM

මෙයා හිතනතරම් ලෙහෙසියෙන් ජනතා ප්‍රශ්න විසඳන්න මොන ජගතාටවත් පුළුවන් කමක් නැහැ. ඒ තරමටම අවුල් ජාලාවක, නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු රටක අපි ජීවත් වෙන්නේ. මොළ හතක් තියෙනවා කියලා ළංකරගත්තු පවුල් ආණ්ඩුවත් දැන් හත්පොළේම ගාගෙන...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30527 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site