(සුමිත් ප්‍රේමතිලක)
ජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ ධූර කාලය වසර 2 කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සදහන් කලේය.
මම දන්නේ නැහැ මේ යෝජනාව කරන්නේ කාගේ වුවමනාවටද කියලා. හැබැයි ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් ඉඟි පළ කළා. එතුමට අවුරුදු දෙකක් වැඩ කරන්න බැරි වුණාලු.දැන් වැඩ කරන්න අලුතෙන් පටන් ගන්නවලු . 1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බලය දුන්නෙ අවුරුදු පහයි. එතුමිය1977 වනතුරු ජනවරමක් නැතුව බලයේ ඉන්න ගිහින් සිද්ධවුනේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පහළටම වැටුනා. ඒක දන්නවනම් කවුරුත් ඔහොම කතා කියන්නේ නැහැ.
හැබැයි ජනමතයක් නැතිව මේ රටේ කාටවත් ආණ්ඩු කරන්න ජනතාව ජනවරමක් දීල නැ. ඒකට එරෙහිව ක්‍රියාකරන්න සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය සූදානම්. ජනතාව කියන්නේ ඔවුන්ට ආණ්ඩු කරන්න කියලා නෙවෙයි. ජනතාවට සහන දෙන්න කියලා . එහෙම වුනොත් ඒකට විරුද්ධත්වය පල කරන්න පාරට බහින්න අපි සූදානම්.
මේක හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වා වගේ.මහජන වරමක් දුන්නම ඒ නිශ්චිත කාලයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව, නිදහසට කරුණු කියලා වැඩක් නැහැ.
COMMENTS
පාරට බහින්න ඉස්සෙල්ලා ඔයාලා දේශ පාලනයෙන් අයින් වෙන්න . ඔයාලගේ කාලේ ඉවරයි .දැන් ඔයාලා රට කෑවා ඇති.ඒක තමයි කරන ලොකුම උදව්ව
අනේ එපා... නාකි ගිරවෝ ඔයා ගෙදරට වෙලා ඉන්න...
ඔයගොල්ලො කොහොමත් පාරට වැටිලනේ ඉන්නේ...
අර ඉස්සර වගේ වෙන දේවල් ටික ඔක්කොම ලොක්කගේ කණේ තියලා ඊට පස්සේ වෙන්නැති..? උන් මාට්ටු... මම ඇමැති කියන්න වෙන්නැති හදන්නේ?
හා... තනියම බහින්න එපා. ලොක්ක එක්කම බහින්න.
ජන මතයක් නොගත් නිසා... මෙයා පුතාණෝගේ වාර්තාව කඩන්න හදනවා වගේ..
ඔය ගොල්ලන්ගේ සමහරුන්ට අමුතුවෙන් පාරට බහින්න දෙයක් නැහැ, දැනටමත් පාරට වැටිලා.
අපි දන්නේ නැද්ද මෙයාගේ බැහිල්ල. දෙකයි පනහක් සාක්කුවට ඔබපු ගමන් අනිත් පැත්තට බහිනවා. අනේ යන්න මහත්තයා අපට පව් දෙන්නේ නැතුව...
2015දී පාරට බැස්ස හැටි අපිට මතකයි. එතැනදී තමයි අපි දැනගත්තේ ඔයා ජනතාව වෙනුවෙන් කොහොම වුණත් චන්ද්‍රානි වෙනුවෙන් නම් කාණුවටත් බැහැලා එයාගේ පුතාට මහින්ද රාජපක්ෂ මහතා ලවා ඩුබායි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ රස්සාවක් අරන් දුන්නා කියලා. ඒ නිසා දැනුත් ඔන්න ඔය අනුරාධපුර පැත්තට ගිහින් තමන්ට වැඩක් කරගෙන ඉන්නකෝ අපිව රවට්ටන්න හදන්නේ නැතුව...!!!
වාචාල කට බොරු කිව්වත්, දිව නම් බොරු නොකියන බව අපේ තිස්ස මලයා හොඳින්ම ඔප්පු කරලා තියෙන්නේ දැන් තමයි. මෙතෙක් කල් තමන් වෙනුවෙන් පාරට බැස්සා කියලනේ මේ කියන්නේ... ඔන්න දැන් තමයි මහජනතාව වෙනුවෙන් පාරට බහින්නේ.. හොඳා හොඳා අපි සියලුම පුරවැසියන් පුතාණෝ ප්‍රමුඛ තිස්ස මලයාට අපේ මනාපේ දෙන්නම්කෝ. දැන් එතකොට පුතාණෝ ජනපති...තිස්ස මලයද අලුත් ගිරාපොතක අගමැති? අපේ රටට මොනතරම් වාසනාවක්ද හැබෑට...?
ජනතාව ඉන්නේ පාරෙ තමයි... ඔයා ඉන්නේ කොහේද?
මේ ලෝන්තපෝල් උන්නැහේ අර පාර්ලිමේන්තුවේ ඉන්න ලාභම මනුස්සයා.. මිනිහා විකිණෙන්නේ අඩුම ලංසුවට. දැන් ලොකු ටෝක්, හැබැයි දුව ඕස්ට්‍රේලියාවේ කොන්සල්...
වඳින්නම් පාරට බහින්න එපා..., ඔහොම කිව්වාම ආයෙත් කොරෝනා වැඩිකරලා රට ලොක්ඩවුන් කරයි. අන්තිමට ජනතාවට වෙන්නේ බඩගින්නේ මැරෙන්න.. ස්තුතියි..!
තිස්ස කොතැනද එතැන පරාදයි. ඒක සත්‍යයකි...
පොඩ්ඩක් ඉවසන්න මේ දවස්වල පාරවල් හොදටම රත්වෙලා අව්වත් හරිම සැරයි ඔලුව අධික ලෙස රත්වුනොත් විකාර' කියවේවි,
එකසැරයක් කනෙන් අල්ලලා පාරට දැම්මානේද?
දේශපලුවෙක්. ඉස්සර වගේ රඟපෑමෙන් දැන් මිනිස්සු අහුවෙන්නේ නැහැ.
ජනතාවට පුදුම ආදරයක් ඇති මිනිස්සු......
මහජනතාව වෙනුවෙන්ද එසේමත් නොමැති නම් පක්ශයට ජනප්‍රියත්වය තවත් වැඩිකර ගන්නද ?
මෙයා පොටක් හොයනවා එයාගෙ අරමුණ ඉටු කගන්න. නැතිව ජනතාවට ඇති ආදරයක් නම් නෙවෙයි. ළඟදි අර කාගෙද මංගල උත්සවයකටත් සහභාගි වෙලා තිබුණා ...
තිස්ස තිස්ස නවතින්න.... ගෙදර යන්න.
හිටපු සෞක්‍ය ඇමති කෙනෙක් මේ වෙලාවේ කරන්න ඕන දෙයක්ද මේ.
වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි