IMG-LOGO

ජනතාව පෙළගැස්වීමේ ජවිපෙ රැළිය 01 දා

මුදිතා දයානන්ද 
 
ජරාජීර්ණ දේශපාලනය පරාජයට පත්කර ජනතාවාදී දේශපාලනයකට ජනතාව පෙළගැස්වීමේ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා වන පළමු රැළිය නොවැම්බර් 01 වැනිදා සවස 3.00ට නුගේගොඩදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 


සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදින් ඇතුළු සියලු ජනකොටස් මේ සඳහා දැනටමත් රැස්කර ඇති බවද, මෙතෙක් එයට එක් නොවූ සියලු බලවේගයන්ට එදිනට එක්වන ලෙස ආරාධනා කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.


ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


දැනට පවතින දේශපාලන තත්ත්වය තුළින් පොත් දහසක් කියවාවත් ලබාගත නොහැකි ඇත්දැකීම් සමුදායක් ජනතාවට ලබාදී ඇති බවද මෙරට ජරාජීර්ණ දේශපාලනය තේරුම් ගැනීමට එය ඕනවටත් වඩා ප්‍රමාණවත් බවද දිසානායක මහතා පැවසීය.



අදහස් (16)

ජනතාව පෙළගැස්වීමේ ජවිපෙ රැළිය 01 දා

Madawa Monday, 29 October 2018 10:07 AM

බොර දියේ මාලු බාන අය.

:       423       1178

චතුරංග Monday, 29 October 2018 10:08 AM

ජවිපෙ කියලා පක්ෂෙකුත් ලංකාවෙ තියෙනවා කියලා දැනුයි මතක් උනේ.

:       340       662

රජින්ද Monday, 29 October 2018 10:16 AM

ජ.වි.පෙට දේශපාලනය ජරාජීර්ණ එකක්ය කියලා වැටහිලා තියෙන්නේ ඔවුන්ගේ අතිජාත මිත්‍රයා රනිල් වික්‍රමසිංහව එලෙව්වට පස්සේවීම සැබවින්ම හාස්‍යයට කරුණකි.

:       1536       1531

Sanath KandyMonday, 29 October 2018 10:35 AM

2005 මහින්ද දිනෙව්වෙත් ජවිපෙ කියලා රජින්දලට මතක නෑ. අද එයා වටේ ඉන්න කවුරුත් එදා හිටියේ නෑ.

:       228       306

NissankaMonday, 29 October 2018 10:39 AM

ගිය සතියෙත් ජවිපෙ රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක් කළා කියලා රජින්ද මහත්තයා දන්නේ නැතිද? මහබැංකු මංකොල්ලය හෙළි කලේ ජවිපෙ කියලා මතක නැතිවද?

:       113       344

athuraMonday, 29 October 2018 10:57 AM

ඔබලාට ජ.වි.පෙ. එලෙස පේන්න පටන් ගත්තේ මහින්ද මහතාට විරුද්ධව ගියදා සිටය. මධ්‍යස්ථව බලන කල අපට එය හාස්‍යයට කරුණකි.

:       94       89

Bandula. Monday, 29 October 2018 10:37 AM

අනේ දැන්ද තේරුනේ ඔයාලට? පව් යාළුවා අමාරුවේ වැටුණාම බුරනවා. දැන් ඇත්තටම ජේ.වී.පි. ප්‍රතිපත්ති නැද්ද? කඩේ යන එකද ජොබ් එක...?

:       414       418

Nuwan Monday, 29 October 2018 10:42 AM

තව බිලී ඕනෑවෙලා වෙන්න ඇති.

:       328       274

isurandi Monday, 29 October 2018 10:58 AM

ඔයගොල්ලෝ රැලි තියතියා හිටියොත් ඇති...

:       16       48

Nishantha Monday, 29 October 2018 11:10 AM

2005 දී ජවිපෙ නොහිටින්න අද මහින්දත් මෙතන නැහැ..

:       46       366

Shan Monday, 29 October 2018 11:36 AM

මේ හැම ප්‍රශ්නයක්ම මේ තරමට වැඩි වෙන්න JVP එක පහුගිය කාලේ ගත්ත තීරණත් හේතු උනා. දැන්වත් රටේ ප්‍රජාතන්තවාදය රැක ගන්න පෙරට එන්න.

:       164       351

Amara Monday, 29 October 2018 11:48 AM

පෙලගස්වලා ඒ කාලේ වෙඩි තිබ්බා මතක්වෙනවා...

:       87       445

sandy Monday, 29 October 2018 12:51 PM

කොහොමත් මුල මතක නැති කට්ටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ... චන්ද්‍රිකාට උදව් කළා, මහින්දට උදව් කළා, සිරිසේනට උදව් කළා. දැන් මේ කට්ටියටම මතක නැහැ. මහින්ද, සිරිසේන දෙන්නම එකම බෝට්ටුවේ. කෙලෙහිගුණ නොදත් ගුණමකුවෝ. තමන්ට හොඳ නම් ඒ අය නියම පොරවල්. නැතිනම් හොරු, කඩේ යනවා වගේ අවලාද නගනවා.

:       40       22

susa Monday, 29 October 2018 01:00 PM

දැන් අමාරුම දේ තමයි එජාප කාරයින්වයි ජවිපෙ කාරයින්වයි වෙන්කරලා හඳුනාගන්න එක...

:       22       67

Ajith NissankaMonday, 29 October 2018 04:19 PM

ඒක නම් ඇත්ත! ලංකාවේ ජනතාවට අමාරුම දේ තමයි එජාප පාක්ෂිකයින්වයි ජවිපෙ පාක්ෂිකයින්වයි වෙන්කරලා හඳුනාගන්න එක! ඒක නිසානේ ඒගොල්ලෝ ලේසිම දේ කරන්නේ! කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රටේ ඉන්න හොරු පාර්ලිමේන්තුවට යවලා කෑවෝ කෑවෝ කියල විලාප දෙන එකනේ ලේසිම වැඩේ!

:       0       0

nimal Monday, 29 October 2018 01:16 PM

මම නම් ජේවීපී එකට ඡන්දේ දෙන්නේ නැහ. එයාලට වැඩ කළා කියලා අපිට රස්සා දෙනවා ද? පොඩි කොන්ත්‍රාත් එකක්වත් හිතවත්කමට දෙන්නේ නැතිලු. අපි පුරුදු වෙලා ඉන්නේ හොරකම් කරන්න. අපේ ගමේ සමිතියත් රජයෙන් කොන්ත්‍රාත් අරගෙන ඒක පිට අයෙකුට දීලා සියයට 10 ක් සමිතියට ගන්නවා. අපි හොරකමට ආසා ජාතියක් අපිට සාධාරණ ක්‍රම පේන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 195 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 704 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1104 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site