
(අංජුල මහික වීරරත්න)
පොහොර නැතුව කෘෂිකර්මාන්තය කඩා වැටෙද්දී ඩොලර් නැතුව පිටරටින් වත් ආහාර ගෙන්වන්න නොහැකි තත්ත්වයක් යටතේ ජනතාවට කැඳ වතුර ටිකක් නැති රටක් හදන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටෙි ආහාර හිඟයක් ඇති වෙද්දී විදේශයකින් හෝ ආහාර ආනයනය කිරීමට නම් ඩොලර් තිබිය යුතු බව කී විජයවර්ධන මහතා ජනතාව අඟහිඟ මොහොතක කන පරිප්පු පවා මේ නිසා ගෙන්වීමට බැරි අවදානමක් පවතින බව පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බුත්තල හා මොණරාගල මැතිවරණ ආසනවල පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවලට සහභාගී වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය නායකවරයා කීවෙි ඉදිරි රජයක් යටතේ මුලින්ම බලන්නේ එජාප පාක්ෂිකයන් ගැන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දියුණුවට නම් සුදුස්සාට සුදුසු තැන දියයුතුය.. පාක්ෂිකයාට තැනක් දීම තවත් අගාධයට රට ගෙනයාමකි. කවදා හැදෙයිද මේ පාලකයින්?
හපෝයි...!!! එජාපේ...!!!
ඔයාගේ ලොක්කා 2015 සිට 2019 වෙනකම් කෙරුවේ කොහොමද කියලා අමතකද? කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්න සැලසුම් කළා. මුළු විදේශ ණය මුදල ඩොලර් බිලියන 7 සිට 14 දක්වා වැඩිකළා. කිසිම සංවර්ධන වැඩක් නොකර... ඒ මදිවට හම්බන්තොට වරායත් විකුණුවා. ඔබලා අද වෙනකම් බලයේ හිටියා නම් මැරුණු සංඛ්‍යාව ලක්ෂයත් පැනලා.. එහෙම නම් අද බොන්න වෙන්නේ කැඳ තමයි. ඔයාලව ඇපත් නැතිවෙන්න ජනතාව ප්‍රතික්ෂේප කළා.