(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරිකය ලබාදීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් අද (15) දිවයිනට පැමිණියහ.
එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව , මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සඳුදා (18) සාකච්ඡා ඇරඹීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවට එම ණය වාරිකය ලබාදීමට සුදුසුදැයි නිර්දේශ කරනු ඇතැයි පැවැසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 105ක ණය පහසුකමක් අනුමත කළ අතර මේ වනවිට ඉන් වාරික 4ක් ලබාදී තිබේ.
පස්වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණද ඔක්තෝම්බර් මස අගදී සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ණය ලබාදීම අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කෙරිණි.
ව්‍යවස්ථා අර්බුදය නිමවීමේන් පසුව නැවත ණය පහසුකම ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට අනුව එම ණය පහසුකම නිර්දේශ කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිස දිවයිනට පැමිණ සිටිති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික හතරක් යටතේ මේ වනවිට ඇමරිකානූ ඩොලර් මිලියන 1000ක පමණ ණයක් ලබාදී තිබේ.
COMMENTS
එයාලට ඕනෑ කොමිස් එක... අපේ අයට ඕනෑ කොමිස් එක ගැනත් කතාකරයි වගේ..!
හුරේ... ණය ලැබෙනෝ... අපේ ආරථික ප්‍රතිපත්ති හොඳ නිසා අපට ණය ලැබෙනෝ... දියවන්නා ඔය පිස්සන් කොටුවට ජයවේවා..!!! ලැබෙන ණය මුදල් ඉක්මනින් හොරාකෑමට ලැබේවා...!!! රථ ගාය තිබෙන 225 ක් වූ ගව රෑනට ඉක්මනින් රථ කල්කය ලැබේවා...!!!
ඔන්න බලන්න ගම්මන්ට, වංශට, නේෂ්ට හා දේවට ෂුවර් එකටම මල පනිනවා. ජ්‍යාත්‍යන්තර කියන වචනය ඒ අයට අරහංනේ. ඉන්දුලත් අපබ්‍රංශ වචන සෙට් එක දැනටම ලැහැස්තිකරන් ඇති මල්ලෙන් එලියට දාන්න. මේ ජපන් නියෝජිත මහත්තයට යන්න කියන්න. නැතිනං අපට මේ ටික දෙනාගේ කරච්චලය අහන්න තමයි වෙන්නේ....
බඩේ ඉන්න දරුවා වෙනකන් ණයලු, අනිත් පැත්තෙන් තවත් ණය ගන්න පුළුවන්ලු. ණය හම්බ වෙනවලු... ලංකාව දියුණුයිනේ... ඇයි තවමත් නැහැ නැහැ කියලා කියන්නේ. ණය ගන්නවා, දන් දෙනවා. එක පැත්තක සල්ලි දන් සැලකුත් දුන්නා කියල පත්තරේ දැක්කා. ලංකාවේ මේ අසමබරතාවයට හේතුව මොකක්ද? අපේ අය ණය ගත්තා වගේ ණයවාරික හරියට ගෙවනවද? අපේ අය හරියට බදු එකතු කරගන්නවද? ස්වාමින් වහන්සේලා රෝහල් හදනවලු, රජයට කරන්න බැරි දේවල් කොහොමද ස්වාමින් වහන්සේලා කරන්නේ...? රජය ණය අරන්, පින් රැස් කරගන්න දන් දීලා, ස්වාමීන් වහන්සේලාට කියලා රෝහල් හදවා ගන්නවද? තැන තැන එක්රැස් වෙන කුණුවලට මොකද කරන්නේ? ණය වැඩිවෙනවත් සමගම කුණුත් වැඩිවෙනවාද? එක අතකට එකත් හොඳයි ලෝකයට ණය කියලා පෙන්නුවම අනෙකුත් වගකීම් (අපිරිසිදුකම, පරිසර විනාශය) වලින් පැනලා යන්න පුළුවන්නේ...
ලංකාවේ නම් කට්ටිය සුද්ද කරලා තියෙන්නේ...
ගවයෝ ගේන්න නම් මුදල් එපා. වැඩිපුරත් ඉන්නවා.
ණය ගන්න අය රෙදි උස්සගෙන කෑගහනවා.... ගෙවාගන්න බැරියෝ කියලා.
බලාගෙන එන කට්ටියගේ පර්ස් එකට වදියි.
2015ට කලින් ගත්තු ණයවලින් කරපු වැඩ පේන්නවත් තියෙනවා. ගෙවුණු වසර 3 ගත්තු ණය වලින් කරපු දෙයක් නැහැ. ආයේ ගන්න ණයවලටත් දෙයියන්ගේ පිහිටයි.
ණය ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ලෝකේ හැම රජයක්ම ණය ගන්නවා. හැම ව්‍යාපාරයක්ම ණය ගන්නවා. මිනිස්සු ණය ගන්නවා. ඒ ණය යොදවන්නෙ මොකටද කියන එක තමා වැදගත් වෙන්නෙ. ණය අරගෙන බිල්ඩිමක් හදලා කුලියට දීලා හම්බ කරන එකයි, ණය අරගෙන පාටියක් දාන එකයි දෙකක්. ඒ නිසා බොරුවට ණය ණය කිය කිය විලාප තියෙන්නේ නැතුව ගත්ත ඩොලර් වලින් මොනවාද කරන්නෙ කියලා හොයලා බලන්න. අඩුමගානේ මාධ්‍යය මේ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ ඇයි?