(අජන්ත කුමාර අගලකඩ)
මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මේ බැවින් මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.
විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
165
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද නැවත අයකිරීමට ජනපති උපදෙස්
Dubai Sanath Tuesday, 12 March 2019 05:54 PM
ඒක හරිම අසාධාරණයි. රටට විදේශ විනිමය එවන විදේශගත ශ්‍රමිකයින්ට එහෙමවත් සහනයක් දෙන්න බැරිද? රට මේ තරමින් හරි දුවන්නේ අපි එවන සල්ලි වලින් නේද?
Jehaan Tuesday, 12 March 2019 06:53 PM
බදු ගහලා විතරක් මදි. ඔය අකාර්යක්ෂම රාජ්‍ය සේවය පණ ගන්වන්න. එතකොට නිකන් පඩි අරන් ගොඩ යන කම්මැලි මිනිස්සුන්ට ගෙවන පඩි ඉතිරි වේවි. පුළුවන් නම් ටෙලිෆෝන් අතේ තියාගන්නවාටත් බද්දක් ගහන්න. අන්තිමට වෙන්නේ එදා වේල නොකා යන්තම් හම්බ කරන මිනිස්සුන්ට පිටරට නෑදෑයන්ගෙන් එන සොච්චම් උදව්වත් නැති වෙන එක.
Nihal Tuesday, 12 March 2019 07:31 PM
රට විරුවා කියලා ලේබලයක් ගැහුවේ ! මදිද ?
සනත් නන්දසිරි Tuesday, 12 March 2019 11:27 PM
බුද්ධිමත් ජනතාව තෝරගන්නා මෝඩ නායකයන්ගෙන් මීට වඩා මොනවද බලාපොරොත්තු වියහැකි. වපුරන දේ තමයි ලැබෙන්නෙ.
prabha Wednesday, 13 March 2019 12:15 AM
මලයගේ උපදෙස් වෙන්න ඇති
sarath Wednesday, 13 March 2019 01:50 AM
වයිබර් තියෙන්නේ.
NissankaWednesday, 13 March 2019 05:13 AM
මැද පෙරදිග රටවල් බොහොමයක් වයිබර්, ඉමෝ අත්හිටුවලා තියෙන්නේ
Lanka Wednesday, 13 March 2019 01:54 AM
ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ඉවත් කිරීම ඉතා හොඳ තීරණයක්, මොකද ඒ තුලින් ලංකාව විදේශයන් සමග ගනුදෙනු කිරීම ඉහල යනවා වගේම බහුජාතික සමාගම් ලංකාවේ ආයෝජනයට පෙළඹෙනවා ඒ සමගම කෝල් සෙන්ටර්ස් ලංකාවේ පිහිටුවීමට විදේශ සමාගම් උනන්දු වෙනවා එමගින් විශාල රැකියා අවස්ථා බිහි වෙනවා. තවත් කලයුතු දෙයක් තමයි අන්තර්ජාල පහසුකම් වැඩිකිරීම. දුර දිග හිතල තීරණ ගන්න පුළුවන් නායකයෝ අපිතත් හිටියා නම් ලංකාව අද හොඳ තත්වයක තියෙන්න ඉඩ තිබුන
ලුම්බිණි Wednesday, 13 March 2019 02:19 AM
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත වෙලා තියෙද්දී ජනාධිපති කොහොමද මේක වෙනස් කරන්නේ?
Chula Ekanayake Wednesday, 13 March 2019 02:19 AM
මමත් විදේශ ශ්‍රමිකයෙක් එත් මම මේ බද්දට එකඟයි . විදේශ ශ්‍රමිකයයෝ 95% ම අද ඉන්ටෙර්නෙට් කෝල් තමයි භාවිත කරන්නේ. ඒ නිසා අපිට මේ බද්දෙන් බලපෑමක් නැත .
රවින් Wednesday, 13 March 2019 03:08 AM
මල්ලිගේ හා අනිකුත් අයගේ වාර්ෂික පඩි වැඩි වීමට ප්‍රශ්නයක්ද?
ajith Wednesday, 13 March 2019 03:14 AM
රජය ඉවත් කල එම බද්ද ජනාධිපති කිව්වට නැවත ගේන්න එපා. ලක්ෂ ගණනක් විදේශ ශ්‍රමිකයින්ට එයින් අත් වෙන වාසිය නැති වෙනවා. ජනාධිපති හදන්නේ යුඑන්පී එක වනසන්නයි. අහු වෙන්න එපා.
hemantha Wednesday, 13 March 2019 04:33 AM
මෛත්‍රී ගැන තිබුණු අන්තිම ධනාත්මක සිතුවිල්ලත් නැත්තටම නැති උනා.......
Nissanka Wednesday, 13 March 2019 05:18 AM
චුලා, මැද පෙරදිග රටවල් බොහොමයක් වයිබර්, ඉමෝ, ස්කයිප් බ්ලොක් කරලා තියෙන්නේ. අනික මේ රටවල වැඩකරන, අහිංසක ගෘහ සේවිකාවන්ට එහෙම හැකියාවක් නෑ.
Prasanna Wednesday, 13 March 2019 05:29 AM
කිසිම රජයක් විදේශ ශ්‍රමිකයන්ට මොනවත් කරලා නැහැ.
dhamneth Wednesday, 13 March 2019 05:33 AM
මෙතැනදී අපිටනම් ප්‍රස්නයක් නැහැ නමුත් මැදපෙරදිග ගිහින් වැටුප්වත් නොලැබී මහත් අසරණ තත්වයට පත්වන අය ගැන නිතර අසන්ට ලැබෙනවා නේද ? මේ අය වෙනුවෙන්වත් සාධාරණයක් කරන්න. නැත්නම් මැදපෙරදිගට කාන්තාවන් යැවීම නතරකරමු.