(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
රට තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර ගන්න බැරි නම් එතනින් එහාට යාමේ අයිතියක් පුරවැසියන්ට තිබෙන බව ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වා ගන්නට තිබූ බව ද පියතුමෝ කීහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ මේ බව පැවසුවේ කොළඹ අගදරගුරු මැදුරේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කතෝලික සභාව මේ ගැන වතිකානයට ලිඛිතව දැනුම් දී අනතුරුව මානව හිමිකම් කවුන්සිලයට ද දැනුම්දීමට කටයුතු කළේ රට තුල දී යුක්තිය සහ සාධාරණත්වය ඉටුවේද යන්න ගැන විශ්වාසයක් නොවූ නිසා බව කී සිරිල් ගාමිණී පියතුමෝ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය තිබෙන්නේ ඒ වෙනුවෙන් බව ද ප්‍රකාශ කළහ.
එදවස පළමුවෙන්ම ජීනිවාවලට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව කී සිරිල් ගාමිණී පියතුමෝ සාධාරණයක් ඉටුකරගැනීම වෙනුවෙන් කතෝලික සභාවට ද මෙම පියවර ගැනීමට සිදුවූ බව පැවසූහ.
තමන්ට ජාත්‍යන්තරයට යාමට සිදුවීම පිළිබදව වගකිව යුත්තේ රජය බව කී පියතුමෝ රජය යම් පියවරක් ගන්නා තුරු අවුරුදු දෙකහමාරක් බලා සිටි බවද සඳහන් කළහ.
COMMENTS
ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු නොවන සහාරන් හෂීම් ත්‍රස්තවාදියකු වන ..........කතෝලික සභාව කතෝලික සභාව රායප්පු ජෝසප්ව සහ ඔහු කරපු දේවල් සාධාරණිය කලාද? එසේනම් කතෝලික සභාව මේ ගැන කියන්නේ කුමක්ද? ප්‍රභාකරන් නිසා මිය ගිය කතෝලික අයට සාධාරණයක් කොහෙද?.
සර් ට කඩේ ගිය එකේ ප්‍රතිඵල
මිනිස්සු දහ අතේ මැරෙද්දි ලෙඩ්ඩු පිටරටින් ගේන්න හදන, කෑම බෙහෙත් ගේන්න සල්ලි නෑ කිය කිය, මිනිස්සුන්ගේ සල්ලි වලින් රට සවාරි යන පාලකයින්ගෙන් මොන සාධාරනත්වයක්ද . පියතුමන්ලා ගත්ත තීරණ සෘජුයි. සල්ලි වලින් යට කරන්ඩ හැදුවට යට උනේ නැහැ. යුක්තියට පෙනී සිටියා. ආණ්ඩුවේ ඉන්න හාමුදුරුවන්ටත් ඔය ගතිය තිබ්බනං, රජයට ඔච්චර වල්මත් වෙන්න හම්බෙන්නේ නැහැ.
මේවා හොයයිද?
මුස්ලිම් ජනතාවගේ මතය තේරුම් නොගත් රජය සහ කතෝලික සභාව කුලල්කා ගන්න බවනම් පෙනෙනවා.
රටේ ඉන්න මී හරක්ට කේන්ති යයි .ගණන් ගන්නේ එපා
ඔබ පමණක් නොව අපි ද ආණ්ඩුව විශ්වාස නොකරමු!
ඒක හොඳයි.
සියලු දෙනා ඔබ සමගයි.
අපටත් මේ රජය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පහුගිය රජයට වඩා අන්තයි.
පහුගිය ආණ්ඩුව මෙහෙමවත් හෙව්වේ නැහැ. මේ ආණ්ඩුව ත් මේ කරන ටික මදි. එහෙනම් කවුද මේ විමර්ශනය හරියටම කරන්නේ ?.
අර යහපාලකයෝ පාස්කු ප්‍රහාරය හොයන්න දාපු කාරක සබාව ගැන ලොකු විශ්වාසයක් තිබෙන්න ඇතිනේද?
දැන් ජාත්‍යන්තරය වැඩේ කරල දෙයිද.?
අපේ ප්‍රශ්න අපිටම විසඳගන්න විදිහක් තිබ්බානම් තමයි හොඳ.