(නිමල කොඩිතුවක්කු)
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කෙරෙන ජාතික හෙළ උරුමයේ මහ සමුළුව බොරැල්ල කැම්බල් පිටියේදී අද (18) පැවැත්විණි.
මෙම සමුළුව සඳහා ජාතික හෙළ උරුමයේ මහලේකම් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආරම්භක ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතීඥ රජික කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක චමින්ද සුබසිංහ, දෙමළ ප‍්‍රගතිශීලී පක්ෂයේ නියෝජිතවරු, තෙලිගු දේශම් පක්ෂයේ නියෝජිතවරු, ජාතික නිදහස් තරුණ පෙරමුණේ නියෝජිතවරු ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ.
ඡායාරූපය : චතුර එස්. කොඩිකාර




COMMENTS
අන්තිමට සජිත්ට ඉතුරු වෙන්නේ මේගොල්ලෝ විතරයි. අරහේ රනිල් එක එක්කෙනා අනික් පැත්තට යවනවා. ඒ මේ පාර සජිත් පැරදුනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනේදී රනිල්ගේ නායකත්වය තවත් සහතික වෙන නිසා. මොකද ගෝඨාභයට ආපුගමන් අනිවාර්යයෙන් අත්සන් කරන්න වෙන සමහර ගිවිසුම් නිසා ඒගොල්ලෝ මහා ඡන්දෙන් පරදිනවා සිකුරුයි. අපේ මිනිස්සු අනික් පැත්ත ගහන්නේ එක දවසින්. රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න දක්ෂයා, උතුරේ යුද්ධේ නැති කලෙත් බළල්ලු ලවා, ඉදිරි ගිවිසුම් ගස්සවන්නෙත් බළල්ලු ලවා. අන්තිමේ එය සුදනා.
ජාතික හෙළ කරුමය...
චන්දිම හරි, මේ පාර මේ අයට ඇපත් නැහැ
ජාතික හෙළු උරුමය ලෙස නිවැරදි විය යුතුයි..
පච රණවක දැන් ධර්ම රාජ්‍යය අලියගේ ඇඟ ඇතුලේ හදලා තියෙන්නේ..