IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික වකුගඩු රෝග අරමුදලට අධීක්‍ෂණ මණ්ඩලයක්

(ඩයනා උදයංගනී)

ජාතික වකුගඩු රෝග අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්‍ෂම කිරීමට හා එම අරමුදල ප‍්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කිරීමටත් අරමුදලින් ප‍්‍රතිලාභ සැලසීම වෙනුවෙන් ක‍්‍රමවේදයක් සකස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා මෙම අනුමැතිය ලැබී ඇත.

හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන්ට විධිමත් ප‍්‍රතිකාර ලබාදීම, රෝග නිවාරණය සහ සුබ සාධන සේවාවන් ලබාදීම වෙනුවෙන් මෙම අරමුදල පිහිටුවා තිබේ.

වකුගඩු රෝගය පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් ,රෝගය කලින් හඳුනාගැනීමේ වැඩසටහන් , රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා පිරිසිදු පානීය ජලය ලබාදීම වැනි වැඩසටහන් මෙම අරමුදල මගින් ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.



අදහස් (3)

ජාතික වකුගඩු රෝග අරමුදලට අධීක්‍ෂණ මණ්ඩලයක්

chathuri Wednesday, 24 October 2018 03:52 PM

අන්තිමට නරියට කුකුල්ලු බාර දුන්න වගේ වෙයිද ?????????

:       0       0

Chaminda Thursday, 25 October 2018 03:43 AM

මේකටත් වැඩේ දෙන්න වගේ හදන්නේ

:       0       0

Deepal Nirosh Thursday, 25 October 2018 06:25 AM

මේ අරමුදලටත් ඊටීඑෆ් සරණං ගච්ඡාමි කියලවත් දාමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site