IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක්

(රංජන් කස්තුරි)
 
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ නව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ.
 
ඒ අනුව රටපුරා සියලු ජාතික පාසල්වල 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට පවතින පුරප්පාඩු මත සිසුන් ඇතුළත් කර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්කරයි.
 
2019 වසරේ 1,5 සහ 6 යන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්වරයා විසින් 2008/37 නැමති චක්‍රලේඛය මත සිදුකෙරේ.
 
පෞද්ගලික වාසස්ථානවලින් බැහැරව වාසය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, රාජකාරි අවශ්‍යතා මත කිලෝමීටර් 50කට වැඩි දුරකට ස්ථාන මාරු ලැබූ රජයේ සේවකයින්ගේ, විදේශගතව නැවත දිවයි පැමිණි පුද්ගලයින්ගේ දරුවන් එලෙස අතරමැදි පාසල්වලට ඇතුළත් කර ගැනීමට නියමිත බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
 
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩු මත ඉහත කාණ්ඩවලින් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව අඩු නම් වෙනත් අයදුම්පත් ද සලකා බලන බව එම අමාත්‍යාංශය කියයි.



අදහස් (6)

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක්

du Wednesday, 03 July 2019 12:57 PM

එ්කෙත් මන්ත්‍රීලා අංක 1. මන්ත්‍රී පට්ටම ලැබුණු ගමන් කොළඹ උණ රෝගය හැදෙනවා එයාලට. ඒ නිසා සියලු මහජනයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට වෙරදරමු...

:       11       35

Mahesh Thursday, 04 July 2019 03:45 AM

සාමාන්‍යයෙන් 1 වසර ළමුන් ඇතුල් කර ගත් පසු පසුව එන අවස්ථා සඳහා පොරොත්තු ලේඛනයක් තිබීම සාමාන්‍ය පුරුද්දයි. නමුත් එම ලේඛනයෙන් බැහැරව අමාත්‍යාංශ ලේකම්වරයා පාසල් සඳහා ළමුන් ඇතුල් කරන්නේ කොහොමද? එලෙසම මේකත් හොරා කන්න හදන වෑයමක්...

:       0       7

himalThursday, 04 July 2019 08:02 AM

අතරමැදි ශ්‍රේණි කියන්නේ එක වසර නෙවෙයි, ප්‍රවෘත්තිය ආයි කියවන්න හරියට.

:       0       0

දිමුත් Thursday, 04 July 2019 04:22 AM

එහෙනං ඉතින් හැමෝටම මන්ත්‍රී කෙනෙක් වෙන්න වේවි...!!!

:       0       1

දමිතා Tuesday, 04 October 2022 04:30 PM

එතකොට ප්‍රවාහන අපහසුතා සහිත දරුවන්ට බැරිද දාන්න...?

:       0       0

දමී Tuesday, 11 October 2022 09:51 AM

එතකොට අනිත් ලමයි ගෙදර ට කාලකන්නි වෙනස කියන්නෙ අනිත් උන්ට පාන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site