(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 08 වැනිදා පස්වරු 2.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙවර සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වන බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සම්මත කරගත් විශේෂ යෝජනාවලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එහිදී භාරදීමට නියමිත බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සඳහා විපක්ෂයේ සිටින සියලුම දේශපාලන පක්ෂ, ජාතික සංවිධාන වලට ආරාධනා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව 8 වැනිදා
Prabha Wednesday, 04 September 2019 03:07 PM
රුපියල් 100 සම්මාදම් කෙරුවනේ. මොකට සෙකන්ඩ් වෙනවද?
mahida Thursday, 05 September 2019 01:05 AM
එවන්න අදහසක් හොයාගන්න අමාරුයි..