(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 08 වැනිදා පස්වරු 2.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙවර සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වන බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සම්මත කරගත් විශේෂ යෝජනාවලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එහිදී භාරදීමට නියමිත බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සඳහා විපක්ෂයේ සිටින සියලුම දේශපාලන පක්ෂ, ජාතික සංවිධාන වලට ආරාධනා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 100 සම්මාදම් කෙරුවනේ. මොකට සෙකන්ඩ් වෙනවද?
එවන්න අදහසක් හොයාගන්න අමාරුයි..