ශ්රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 හොර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී අද (26) පැවැත්විණි.
සේන විදානගමගේ, ශ්‍රී ලාල් ගෝමස්, බන්දු එස්. කොඩිකාර, වෝල්ටර් පෙරේරා, එස්.චිත්‍රානන්ද, ඇල්ෆ්‍රඩ් සිල්වා, යු.එන් පෙරේරා, සරණපාල පමුණුගම යන ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදීයෝ අට දෙනා විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඊට අමතරව වර්තමානයේ ප්‍රදර්ශනයට ලක්කර තිබූ ඡායාරූපයන්ගෙන් ප්‍රථම, දෙවන, තෙවන වශයෙන් සම්මාන ලබාදුන් අතර හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය.
මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , අමාත්‍ය සජිත් ප්‍රේමදාස , අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)









2025 දෙසැම්බර් මස 18
266
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රථම ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
Binkunndaa Friday, 26 July 2019 06:09 PM
ඔක්කොම හොරු ටික ඇවිල්ලා මේ ප්‍රදර්ශනය නරඹන්න...
RaveendraSaturday, 27 July 2019 09:33 AM
ඔක්කොම "සුන්දර හොරු" කිව්වොත් වඩාත් උචිත නොවන්නේද? මොකද එකෙකුටවත් හතරට ගැනගන්න බැරිවිදියට ඉන්නේ...
සමන් ඔස්ට්‍රලියා Saturday, 27 July 2019 10:14 AM
බැංකු හොරු වගේ ලොකු හොරු ඇවිල්ලා නෑනේ...