(ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආරක්ෂාව සපයන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උප තැපැල් කාර්යාල 3410 ක් අතරින් ලිපි බෙදන උප තැපැල් කාර්යාල සඳහාද ප්‍රධාන තැපැල් කාර්යාල 653 න සඳහාද මෙම ආරක්ෂාව සැපයෙනු ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
උප තැපැල් කාර්යාල සඳහා ජංගම පොලිස් මුර සංචාරද ප්‍රධාන තැපැල් කාර්යාල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ස්ථානගත කිරීමද සිදුවන බව හෙතෙම සඳහන් කළේය.
ප්‍රාදේශීය තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් අවශ්‍ය ආරක්ෂාව ගණනය කරනු ඇතැයිද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
ඡන්ද පත්‍රිකා කියන්නේ මැතිවරණයේදී ඡන්දය ලකුණු කරන පත්‍රිකාවටයි. ඒවා කිසිම කාලෙක තැපැල් කාර්යාලවලට යවන්නේම නැහැ අධි සුරක්ෂිතව දිසාපති කාර්යාලයේ නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පමණයි තබන්නේ. මම හිතනවා මේ කියන්නේ නිල ඡන්ද දැන්වීම්පත් වෙන්න ඇති කියලා.
මම නම් කියන්නේ මේ නිල, කොළ සංකල්පයෙන් මිදිලා වෙනස් විකල්පයකට යනවා නම් හොඳයි කියලා... හරි හෝ වැරදි වෙන්න හෝ අවස්ථාවක් දීලා බැලිය යුතුයි. නැතුව අංජනම් බලබලා හිටියොත් හැමදාමත් මේ නිල් කොළ මාරුවෙන් මාරුවට බෝලේ පාස් කරගනීවි රටට හෙන ගැහිලා ගියත්...