(*** සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද යටතේ පැවැත්වීමට අමතර කෝටි පනහක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චිය සඳහා මිලදී ගෙන ඇති අත් පිරිසුදු කාරක දියර, මුහුණු ආවරණ, මුඛ ආවරණ හා ඇඟිලිවල තීන්ත ගැල්වීමට යොදා ගන්නා ඉටිකූරු ඒ ඒ දිස්ත්‍රික්කවලට බෙදා හැරීම ඊයේ (23) ඇරඹූ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා උණබැලීමේ උපකරණ 60ක් මිලදී ගැනීමට ද මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යයි.
ඡන්දයේ වියදම් සඳහා රුපියල් කෝටි සියයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිට ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
මුද්‍රණ වියදම් සඳහා මින් කෝටි දහයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබාදුන් බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණයේ වියදම් සඳහා මැතිවරණ කොමිසම තවත් කෝටි සියයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

COMMENTS
අපරාදෙ අපේ සල්ලි බොලව්...
එක්කෝ මේ නීති හරියට සංශෝධනය කරලා සාධාරණ නීති රාමුවක් හදන්න. එහෙම නැතිනම් ඕනෑම අපරාධකාරයෙකුට කැමැති දෙයක් කරගන්න කියලා නිදැල්ලේ ඉන්න ඉඩදෙන්න. දුප්පත් මනුස්සයෙක් බඩගින්නට හොරකමක් කළොත් මේ තරම් ආදරෙන් සලකනවද මේගොල්ලෝ? මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක නොකරනවා නම් සියලුම සිරකරුවන්ට විදුලි උඳුන්, ශීතකරණ, ජංගම දුරකථන තව ඕනෑ නම් ලැප්ටොප් එහෙමත් දෙන්න ඉතින්... මොකෝ නීතියේ වගන්ති තියෙනවනේ..