IMG-LOGO

‘චැරියට්’ සන්නාම තානාපති භානුක රාජපක්‍ෂ

(විමුක්ති රොද්‍රිගූ)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අහාර අළෙවි සමාගමක් වන ඒස්රායල් හෝල්ඩින්ග්ස් සමාගමේ ‘චැරියට්’ සන්නාම තානාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂ පසුගියදා පත්වීම් ලැබීය.

එහිදී ඒස්රායල් හෝල්ඩින්ග්ස් සභාපති ෂිරාන් පීරිස් මහතා භානුක රාජපක්ෂට නිල වශයෙන් සන්නාම තානාපති ධූරය පිරිනැමීය.

එම සමාගමේ 2022 වසරේ චැරියට් සන්නාම තානාපති පත්කිරීමේ නිල උත්සවය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

ඒස්රායල් හෝල්ඩින්ග්ස් සභාපති ෂිරාන් පීරිස් මහතාගේ බිරිඳ දිමුතු  පීරිස් සහ භානුක රාජපක්ෂගේ බිරිඳ සැන්ඩි්‍රන් රාජපක්ෂ යන මහත්මීහූ  ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

ආසියාවේ විශිෂ්ටතම ව්‍යාපාරිකයා  සම්මානය ඇතුළුව සම්මාන 11 දිනා ඇති  ශිරාන් පීරිස් මහතා 2010 වසරේදී සිය පවුලට අයත් සමාගම හරහා ආහාර කර්මාන්තය ආරම්භ කළේය.

මෙම සමාගම කොකෝවා කුඩු, වියළි පළතුරු, රස ගන්වනයන්  ඇතුළු ආහාර රැසක් දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළේය. 2012 වසරේදී එම ව්‍යාපාරය යම් මට්ටමකට ගොඩනැගීමෙන් අනතුරුව ශිරාන් මහතා සිය බිරිඳ සමඟ එකතුව චොකලට් කර්මාන්තයේ ආයෝජනය ඇරඹීය.

‘අනෝද්ස් කොකෝවා’  ව්‍යාපාරය සාර්ථක වීමෙන් පසුව ශිරාන් පීරිස් මහතා  2015 වසරේ ඒස්රායල් අලෙවිකරණ පුද්ගලික සමාගම ඇරඹීය. එතැන් සිට ඒස්රායල් අලෙවිකරණ පුද්ගලික සමාගම අංශ කිහිපයක් ඔස්සේ වර්ධනය වෙමින් ඒස්රායල් හෝල්ඩින්ග්ස් දක්වා පැමිණ තිබේ.  

ඒස්රායල් හෝල්ඩින්ග්ස් මේ වන විට 300 කට අධික සේවක පිරිසකගෙන් සහ නවීන පහසුකම් සහිත කාර්යාල පහකින් සමන්විත වේ.

ඒස්රායල් හෝල්ඩින්ග්ස් 2020 වසරේදී ‘චැරියට්’ සන්නාමය  මිලට ගත් අතර එම අවස්ථාවේදී පාඩු ලැබූ සන්නාමයක් වූ ‘චැරියට්’ ඒස්රායල් හෝල්ඩින්ග්ස් හැකියාව මත කෝවිඩ් වසංගතය හමුවේ වුවද අභියෝග ජයගනිමින් , වර්ධනය විය.

චැරියට් සන්නාම තානාපති ලෙස පත්වීමෙන් පසු භානුක රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස අමතමින් මෙසේ පැවසීය

 ”මම චැරියට් සන්නාමය සමග අත්වැල් බැඳ ගැනීමට ප්‍රධානතම හේතුව වුයේ එහි ක්‍රියාත්මක වන විශේෂ ව්‍යපෘති. ඒවා අතරින් විශේෂම ව්‍යාපෘතිය තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට සිහින දකින දක්ෂතාවය සහිත නැගීඑන දරුවන්ට අවශ්‍ය මගපෙන්වීම සහ අනුග්‍රාහකත්වය  ලබාදීම සඳහා ආරම්භ වන ක්‍රිකට් ඇකඩමිය. දක්ෂතාවය තිබෙන ඕනෑම දරුවෙකුට අපි අවශ්‍ය මග පෙන්වීම සහ අනුග්‍රාහකත්වය ලබා දෙමින් සර්ව සම්පුර්ණ ක්‍රීඩකයකු බිහිකිරීමට උත්සහ කරනවා. මෙය කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමෙයි. අපි ක්‍රිකට් ඇකඩමියට බඳවා ගන්නා දරුවන්ගෙන් කිසිම දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉන්දියාවේ අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා පිටත් වෙනවා චැරියට් සන්නාමයත් මාත් එක්ක යනවා මම චැරියට් සන්නාමය සමග දිගු කාලයක් වැඩකිරීමට බලාපොරොත්තු වෙනවා”

ඒස්රායල් හෝල්ඩින්ග්ස් සභාපති ෂිරාන් පීරිස් මහතා එමිදී මෙසේ පැවසීය.

”අපි අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ එක් මූලික ප්‍රතිපත්තියක් මත, අපි අපේ දරුවන්ට දෙන්නේ හොඳම දේ අපිට ඕනේ ඒ හොඳම දේ අපේ පරිභෝගිකයන්ටත් දෙන්නයි”

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (0)

‘චැරියට්’ සන්නාම තානාපති භානුක රාජපක්‍ෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site