IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

මෙම සංචාරයේදී චීන ආකරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා රජයේ ඉහළම පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

මෙය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.

මේ අතර මේ මස මුලදී නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බීජිංහි සංචාරයක නිරතවීම සඳහා දින නියම කර ඇතැයිද වාර්තාවේ.



අදහස් (23)

චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට

Tharindu Perera Friday, 16 April 2021 08:22 AM

මදෑ කොන්ද පණ තියෙන විරුවෙක් ගෙනාවා..! දැන් අහක යන නයිත් රෙද්ද අස්සට එනවා.

:       125       74

aseSaturday, 17 April 2021 04:06 AM

මොනවා වෙතත් රතු අත බැලුවාම චීනාගේ යටතේ ඉන්න ගොඩක් අය කැමතියි වගේනේ...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 April 2021 08:26 AM

චීනය ලංකරගෙන ලෝකේ සමහර රටවල් අමනාපකර ගත්තා. ජාත්‍යන්තරව පැත්තකට බර නොවී සිටි අපගේ පොදු ක්‍රමය වෙනස් කොට ඇතිකරගත් මේ නව ක්‍රමය නිසා අනාගතයේදී අප හට ගැටළු අැතිවෙන්නට පුළුවන්...

:       107       68

kamal Friday, 16 April 2021 08:57 AM

ඔහොම තමයි... තමන්ගේ වතුපිටි වල වැඩ හොයලා බලන්න හාම්පුතාලා එන එක සිරිතක්නේ..

:       86       73

pradeepa Friday, 16 April 2021 10:32 AM

දේශප්‍රේමීන්ගේ රෙදි ගැලවෙනවා. පෝර්ට් සිටි එක නිසා.. එක රටක්... එක නීතියක්... වෙන්නේ නැහැනේ. චීනයට ඕනෑ ඕනෑ විදිහට නීතිය නවපල්ලා.

:       65       55

siri Friday, 16 April 2021 11:01 AM

විජේදාස නාටකයෙන් මේ අලකලංචිය වහගන්න බැරි පාටයි නේද?

:       36       23

Ananda Friday, 16 April 2021 11:01 AM

එන පොට හොඳ නැහැ..

:       34       36

Rata Perata Friday, 16 April 2021 11:10 AM

කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔක්කොම එකතු වෙලා මේ කාලකණ්ණි ටික පන්නමු. නැතිනම් ලංකවේ නම ‘ලංශුං‘ කියලා වෙනස් කරන්න වෙයි.

:       47       45

සෙනෙවිරත්න Friday, 16 April 2021 11:15 AM

මෙම චාරිකාව වරාය නගර නව නීති සම්මත වීම හා එකට බැඳී ඇති බවට සිතිය හැකිය.

:       37       29

සිරිබිරි Friday, 16 April 2021 11:22 AM

අවුරුදු 05 ඉවර වෙනකොට ලංකාවක් ඉතුරු වෙයිද?

:       60       33

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:33 PM

එතකොට මහින්ද ඇඳ උඩ හෝ වලපල්ලේ.., ගෝඨා, බැසිල් පරාජයෙන් පසුදා පවුල් සමග ඇමරිකාවේ, රටේ මුදල් අඩක් රාජපක්ෂවරු අතේ... ඔබට ජාතික කොඩිය වනමින් සිංහලෙන් පමණක් ජාතික ගීය ගයමින් යදින්නන් ලෙස සිටිය හැකිය.

:       102       50

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:28 PM

මෙයට ලංකාවේ ආගමන නීතිය වලංගු නොවන බවත් වෙනත් නීතියක් බවත් කියැවේ. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බලවේග ඇඳන් යටදැයි වහාම සොයා බලන්න. සහරාන් ප්‍රභාකරන්ලගේ කාලයට වඩා ජාතික ආරක්ෂාව අනතුරේ නොවේද?

:       72       31

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:37 PM

ගෝඨාභය එහෙම කළොත් අපි තමයි ඉස්සෙල්ලාම පාරට බහින්නේ කියලා කියපු කෙනෙක් හොයලා දෙන්න...

:       76       36

ravin Friday, 16 April 2021 02:10 PM

ඔක්කෝටම කලින් ලංකාවේ ඉන්න චීන්නුන්ට ගසා පැන්නිය යුතුයි. කොළඹ අවට තිබෙන චීන භාෂාවෙන් ලියපු බෝඩ් කඩා දැමිය යුතුයි.

:       60       33

siriFriday, 16 April 2021 03:53 PM

ඒවගේ වැඩවලට කියාපු කෙනා "හිට්ලර්"ම තමයි.

:       0       9

චීන ජාතිකයාFriday, 16 April 2021 06:25 PM

එහෙම බෑ අපිට මේ රටේ සින්නක්කර ඉඩම් තියනවා. අපි මේ රටට ණය දීලා තියනවා. මේක අපිටත් අයිතියි.

:       1       17

Dannajaya Friday, 16 April 2021 06:37 PM

ඇයි අපි පාරට බහින්නේ නැත්තේ? අපි පෙන්නමු දැන්වත් මේ අයට...

:       2       13

Lanka Saturday, 17 April 2021 06:04 AM

චී ණය ලංකාව ජාත්‍යන්තර දුගියෙක්, හිඟන යාචකයෙක් බවට පත් කරලා ඉවරයි!

:       2       13

rathgama Saturday, 17 April 2021 09:09 AM

බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව, අපිට චීනයෙන් ලැබුණු ත්‍යාගයක්.. ඒ කාලයේ චීනය හරි දුප්පත්... හුඟක් ප්‍රශ්නවලින් පීඩිතවෙලා ඉන්දැද්දී තමයි... එයාලා මේ ත්‍යාගය අපිට පිරිනැමුවේ.. මමත් අද ආනයන, අපනයන කෝටිපතියෙක් වෙලා ඉන්නෙත් චීනය නිසා බව සතුටින් සඳහන් කරමි.

:       5       2

විපරමා Saturday, 17 April 2021 10:19 AM

චීනා ඒ රටේ පාලනේ කෙරුවාවල් ගැන උපදෙස් දෙන්නත් බැරිකමක් නැහැ.

:       1       5

ravinSaturday, 17 April 2021 12:12 PM

ඇයි...ගෝඨාව චීනේ මාස 3 ක් තියාගෙන චීනා ටියුෂන් දීලා තමයි මෙහෙට ඡන්දෙට එව්වේ...

:       1       4

Momo Saturday, 17 April 2021 11:29 AM

මේක අපේ රටේ මනුස්සයින්ගේ හැටි. එයාලා කැමැති කොහොහරි රටකට ගිහින් බැලමෙහෙවරකම් කරලා ජීවත් වෙන්නයි. එයාලාට ආර්ථික සංවර්ධනයක් ගැන දැනීමක් නැත. තාමත් ගල්යුගයේ විදිහට තමයි ජීවත් වෙන්නේ.

:       0       3

chaminda Saturday, 17 April 2021 12:11 PM

හොර චීනා... මේ චීනා එන දවසට අපේ රටේ හැම තැනම කළු කොඩි දැමිය යුතුයි..

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 17 45 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 1442 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්
2025 ජනවාරි මස 17 114 0

වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර


මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
2025 ජනවාරි මස 17 88 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
2025 ජනවාරි මස 17 465 0

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප


ජනපති දිවයිනට
2025 ජනවාරි මස 17 355 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 324 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site