චීනයේ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු හුබෙයි පළාතට යාබද හුනාන් පළාතෙන් ‘එච්5එන්1’ කුරුලු උණ වෛරසයද පැතිර යමින් පවතින බව චීන සෞඛ්‍ය බලධාරීහු අද (02) අනතුරු ඇඟවූහ.
කුකුළන් 7,850ක් සිටි ගොවිපොළකින් ‘එච්5එන්1’ කුරුලු උණ වයිරසය පැතිර ගොස් තිබෙන අතර එහි සිටි කුකුළන් 4,500ක් මියගොස් ඇතැයි ද වාර්තා වේ.
‘එච්5එන්1’ හේතුවෙන් කුකුළන් 4,500 කට වැඩි සංඛ්‍යාවක් මරා දැමූ බව හුනාන් පළාතේ සෞඛ්‍ය බලධාරීහු ද පැවැසූහ.
කුකුළන් සහ වෙනත් ගොවිපොළ පක්ෂීන් ගණන 17,800 ක් මේ වනවිට මරා දමා ඇතැයි ද වාර්තා විය.
‘එච්5එන්1’ වයිරසය පැතිර ආරම්භ වී ඇත්තේත් එය පැතිර යෑම සිදුවී ඇත්තේත් ෂයෝයැං නගරයෙනි. පසුගිය වසරේ ද මේ අයුරින්ම චීනයේ ලනියොනින් පළාතෙන් කුරුලු උණ වසංගතයක් පැතිර ගියේය. ෂයෝයැං නගරයෙන් ආරම්භ වුණු ‘එච්5එන්1’ වයිරසය තවමත් මනුෂ්‍යයන්ට ආසාදනය වී නැති බවත්, එසේ නොවීමට වගබලා ගන්නා බවත් චීන සෞඛ්‍ය බලධාරීහු කීහ.
රොයිටර්
055
COMMENTS
අපි නොදන්නා හෝ නොදන්නවා සේ සිටින ප්‍රදානම කරුණ තමයි ලංකාවේ චීන ජාතිකයන් රැකියා සඳහා පැමිණි පිරිස ලක්ෂ 3 ක් ඉක්මවද්දී චීනයේ සිටින ලංකාවේ මුළු ජනගහනය බහුතරය මුදල් අතින් ගෙවා ඉගෙනීමට ගිය සිසුන් 1500 කටත් වඩා අඩුවීම. කොහොමද ආක්‍රමණය .. කතාවට කියන්නේ අපේ යුද්ධේ වෙලාවේ චිනෙලු උදවු කලේ. මරු ප්‍රතිඋපකාරේ. ප්‍රශ්නේ තමයි අපේ වඩු බාස්ලව අපි දහදුක් විඳින්න මැදපෙරදිග ඇරලා අපේ රටේ අයිස් වැඩ වලට චීන ජාතිකයන් ගෙන්වීම ,,මෙය කොතරම් දුරට සාදාරණද ..
අපේ වෛද්‍ය කණ්ඩායමක් චීනෙට යවන්න. පාදෙනියවත් අමතක නොකර ඒ කණ්ඩායමට ඇතුලත් කරන්න.
මේ ඇත්තටම H5N1 වයිරසය නම් එකෙන් වැළකීමට එන්නතක් තිබෙනවා. වෙබ් අඩවියේ H5N1 vaccine කියා පරික්ෂ කිරීමෙන් මේ එන්නතේ නිෂ්පාදකයින් දැනගත හැකියි. මමත් පසුගිය වසරේ මේ ඉන්ෆුවෙන්සා එන්නත ලබාගත්ත.
මුළු චිනෙම මහා පිළිලයක් වේගෙන යන්නේ
මිනිස් වර්ගයා සත්ව මස් කෑමෙන් අයින් වුන දිනයක මේ ව්‍යසන නවතීවි
නුවන් ඔබ කියන විදියට ඔක්කොමලා වෙජිටේරියන් වෙන්න ඕනේ. අඩුම ගානේ ලංකාවේ හරි එක්කෙනෙක් ඉන්නවද එහෙම?
මාළු කෑමත් නවත්තන්න.